Monday, December 19, 2016

ෆිදෙල් ද්‍රෝහියෙක්ද?

දෙසැම්බර් 4ද පළවූ දේශය පුවත්පතේ රතු අහස තීරුවේ පළවූ ලිපියකට පිළිතුරක් ලෙස මෙය පලකරන ලදී.
අරුණි ෂශිරෝ සහෝදරියගේ අදහස් දැක්වීමට පිළිතුරක්

      ඇය ලිපිය ආරම්භයේම දක්වා සිටියේ  ෆිදෙල් යනු කියුබානු විප්ලවය පාවාදුන්අ හිංසකයන් වෙඩි තබා මර දැමු මිනිමරුවෙක් ලෙසටය. ඇයම පැවසු ආකාරයට අන්තර්ජාලයේ තොරතුරු අනුව 1959ට පෙර සාමාන්‍ය කියුබානු  වැසියන්ගේ ජීවන තත්වයත්, දැඩි ආර්ථික සම්බාධක හමුවේ වර්තමාන කියුබානු වැසියන්ගේ ජිවන තත්වයත් සලක බැලීමෙන්ම ඔහු සිදු කර ඇති වෙනස වැටහෙනු ඇත.

     ඇයට අනුව ඇමරිකානු අක්‍රමනයනට විරුද්දව ක්‍රියාකිරීම නොවැදගත් කාරණයක්ද? 1981 ඇන්ගෝලාව ට කියුබානු හමුදාව මුදලට හෝ යැවීම ඉතාම නින්දිත ක්‍රියාවක්න්ම්, වර්තමානයේ ශ්‍රී ලංකික හමුදාවන් ලෝකය පුරා මාසික වේතනයකට සාමසාධක කටයුතු කිරීම කුමන ආකාරයක ක්‍රියාවක්ද යයි මම ඇයගෙන් අසමි.

      ඔහු මේ සියලු දේ කරන ලද්දේ ඔහුගේ පුද්ගලික සුකවිහරණයට මුදල් ලබාගැනීමට යන්න ඇයගේ අදහස බව පෙනේ. එසේනම් වර්තමානයේ සියලුම කියුබානු වැසියන්ට නොමිලේ සෞඛ්යය හා අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන ආකාරයේ උපයාගත් මුදල් වලින්ද? ඩොලර් මිලියන 800ක වත්කම් තිබු ෆිදෙල් ආර්ථික සම්බාදක  වලින්  පිරි කියුබාව තුලම රැදිසිටියේ කුමන හේතුවක් නිසාද යන්න අරුනිටම පැහැදිලිකර හැකි ය. 

     අරුනිට අනුව වෘත්තිකයන් විදේශ ගතකර ඩොලර් බිලියන 8.2 ලබා ගැනීම වහල් සේවයකි. ඇයත් මත ජිවත් වන මේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම අදායම් මාර්ගය මැදපෙරදිග රටවල නිවාසවල මෙහෙකාර සේවයේ යෙදෙන අපේම අම්මල අක්කල උපයන මුදල්ය.  මගේ දකින ආකාරයටනම් ෆිදෙල් ඇතිකරන ලද විප්ලවය මෙයයි. අපි තාමත් 18වන සියවසේ මෙන් නියම මිනිස් වහල් වෙළදාමෙන් මුදල් උපයන විට. කියුබාව අපට වඩා අදායමක් නිවැරදි වෘත්තිකයන් හරහා ලබා ගැනීමයි. 

     ඉරාකය, ලිබියාව, ඊජිප්තුව වැනි එකදිපති පාලකයන් ජනතාව විසින් අවුරුදු 20ක් 30ක් වැනි කාලයක් තුල එලව දැමීමත්, වසර 60ක් පුරාවට කියුබාව තුලින් එවැනි ජන රැල්ලක් ඇති නොවීමටත් මුලිකම හේතුව වන්නේ කියුබානු රජය, ජනතාව වෙනුවෙ න් ඉටුවිය යුතු යුතුකම් නොපිරි  හෙලා ඉටුකිරීම නිසා නොවේද? වර්තමානය වන විට කියුබාව තුල සමාජ ජාල ඇතුළු සියලුම අන්තර්ජාල සේවාවන් ක්‍රියාත්මක වන විටත් අරාබි වසන්තයක් කියුබාවට හැම නොඑන්නේ කුමන හේතුවක් නිසාද යන්න අරුනිම සිතා බැලිය යුතුය. 

ෆිදෙල් යනු හුදෙක් සමාජය දෙස  වෙනස් ආකාරයකින් බලා අනාගතය වෙනුවෙ  තීරණ ගත් රටක පාලකයෙක් යන්න මගේ පුද්ගලික
 අදහසයි.


දෙසැම්බර් 18 දින දේශය  පුවත්පතේ පළවූ ලිපියේ සම්පුර්ණ ලිපිය.

Sunday, July 10, 2016

SAITM

ඇත්තටම ලංකාවට පුද්ගලික වෛද්ය විද්යාලය ඕනිද?
මගේ පුද්ගලික අදහසනම් අවශ්‍යයි. මොකද ලංකාවෙන් වාර්ෂිකව ගොඩක් ළමයි පිටරට වල වෛද්ය විද්යාලය වලට ගිහින් උපාධි අරන් එනව. ඒ අය වෙනුවෙන් හැම අවුරුද්දෙම කෝටි ගානක් සල්ලි පිටරටවලට යනවා.
එක නවත්තගන්න තියන හොදම වැඩේ මේ රටෙත් පුද්ගලික වෛද්ය විද්යාලය අරඹ කරන එක.
එහෙනම් මොකක්ද දැනටම උපාධි දෙන SAITM එකේ තියන වැරැද්ද?

සරලවම කිවොත් කවුද එකේ ලබා දෙන අධ්‍යාපනය , ප්‍රයෝගික පුහුණුව වගේ දේවල් ගැන වග කියන්නේ?
පිට රටක උපාධි අරන් එන අය උනත් මෙහෙදී වෛද්‍ය සභාවෙන් කරන විභාගය අනිවාර්යෙන් සමත් වෙලා ආයමත් රජයේ රෝහලක සායනික පුහුණුව ගන්න ඕනි.එත් මෙයාල එහෙම කරනවද?

Monday, April 18, 2016

මහින්ද සමග නැගිටලා රනිල් සමග නිදාගැනීම

                    කට්ටියටම මතක ඇතිනේ මේ ලගදිත් ඇමතියෝ 3 ක් දිවුරුම් දුන්නනේ. මුන් 3ගෙන් ලොකුම ජෝකාරයා උනේ මනුෂ නානයක්කාර.
                    මිනිහ 2010 රනිලා එක්ක නිදියගෙන රනිල්ගේ චක් ගෝලයෙක් වෙච්ච වජිරට කෙලලා පාර්ලිමේන්තු අවා, ඊට පස්සේ ටික දවසකින් මහින්දගේ දෑත ශක්තිමත් කරන්න කියල පැනල ඇමතිකමකුත් ගත්තද කොහේ..
                    එහෙම ගිහින් 2015 වෙනකොට අයම මහින්ද සමග නැගිටිමු කියල ගෙදර හිටපු මහින්දව විකුණන් පාර්ලිමේන්තු ගිය. ඒ ගිහින් මාස 3ක් යන්න කලින් පලුයන්න පතුරු ගහපු රනිල්ගෙන් ඇමතිකමක් අරගෙන නිදාගන්න ගිය.

ඇයි මම මේ කතාව මතක් කරේ?
                    මේ රටේ දේශපාලුවන්ට පක්ෂයක්, පාටක් ප්‍රතිපත්තියක් නෑ, තමන්ට වාසි කොතනද එතනට පනිනවා. වෙලාවේ හැටියට කවද මාර්කට් කරන්න පුළුවන්, ඒකා මොකා උනත් මාර්කට් කරලා තමන්ට යමක් කරගන්නවා. බැරි වෙලාවත් 2015දී ප්‍රභාකරන්න්ම් මාර්කට් කරන්න පුළුවන් උනේ, මනුශාල වගේ අය ප්‍රභාකරන් සමග නැගිටිමු කියල කැගහල මිනිස්සුන්ව රවට්ටනවා.

එත් අපේ මෝඩයෝ මොකද කරන්නේ? මම කැපුවත්, කොළ, නිල් කියල මැරෙනකම් ගහමරගත්ත.
              දැන් ගොඩක් අය හිතන ඉන්නේ  රනිල් මහින්දව අල්ලලා හිරේ දායි කියල, එත් ඇත්තටම එහෙම වෙයිද? රනිල්ගේ පක්ෂ නායකකමට කෙල වෙන්න යනකොට සිරිකොත ඉස්සරහ පාරට කාර්පට් කරලා රනිල්ව බේරගත්ත මිනිහව රනිල් හිරේ දායි කියල හිතනවද?
             දැන්වත් තේරුම් ගන්න මෝඩයනේ, මේ හැමෝම තමන්ගේ වාසියට වැඩ කරන්නේ, කගේ කාගේත් ගිල්වොට වල තියන හුණු ගැන එයාල දන්නවා. එක හන්ද කවදාවත් අනිත් පක්ෂෙක එකෙක්ට කෙළවන්නේ නෑ අපේ මෝඩ හරක් කරනවා වගේ. උන් දැන් අවුරුදු 70ක් තිස්සේ සමයෙන්, සමගියෙන් මාරුවෙන් මාරුවට මේ රට කාගෙන යනවා.

ඒ බව දැන දැනත් අපේ මීහරක් උන්ටම ගිහින් කතිරේ ගහල එනවා. අන්න එක තම මේ රටට ලබල තියන ලොකුම හෙනේ.

Wednesday, April 13, 2016

...ෆෙඩරල් සමග අපේ හරක්...

මේ දවස්වල ටිකක් වැඩිපුර කතා වෙනවනේ ෆෙඩරල් ගැන. ඉතින් හිතුව එක ගැන මට හිතෙන දේත් ලියන්න.
ඇත්තටම කාටද මේ ෆෙඩරල් හරි වෙනම රාජ්යක් හරි ඕනි? උතුරේ ඉන්න දෙමල මිනිස්සුන්ටද? දකුණේ ඉන්න සිංහල මිනිස්සුන්ටද?
ඉස්සෙල්ලම බලමු රටක් විදිහට සාමාන්‍ය මිනිස්සුන්ට තියන ප්‍රසන  මොනවද කියල හිටන්.
ඕනිම රටක වගේ ඉතින් අපෙත් මුලික අවශ්‍යතා තමා වැදගත්.
ඉන්න හිටින්න ගෙයක් දොරක්, සාධාරණ මිලට කෑම බිම ගන්න, ළමයින්ට හොදට ඉගන ගන්න ගුරුවරු, පහසුකම් තියන හොද  ඉස්කෝලයක්,  ලෙඩක් දුකක් වෙලා  ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම කලට වෙලාවට බෙහෙත් ටික ගන්න, පරීක්ෂණ ඔක්කොම ආණ්ඩුවේ ඉස්පිරිතලෙන්ම කරගන්න. ලයිට්, වතුර...ඕව තම ඉතින් මම දන්නා තරමට සාමාන්‍ය මනුස්සයින්ට ඕනි හිටන්.

එත් දැන් අවුරුදු 50ක් 60ක් තිස්සෙම මේ ෆෙඩරල් කතාව අපේ රටේ කතා වෙනවා. පාර්ලිමන්තුවේ, පළාත්සභා වල ඉදල පත්තර වල කර්ටූන් වෙනකම්. විශේෂයන්ම චන්දයක් කිට්ටු වෙනකොට.

අපේ සිංහල, දෙමල මිනිස්සුත් දැන් මේකටම අහු වෙලා ඉන්නේ. සිංහල මිනිස්සු කියන්නේ ෆෙඩරල් දෙන්න බෑ රට කැලි වලට කැඩෙනවා කියල, දෙමල මිනිස්සු කියන්නේ ෆෙඩරල් නැතුව ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියල හිටන්. 

ඇත්තටම මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස්ද, නැත්නම් දේශපාලුවන්ගේ අදහස්ද?
ෆෙඩරල් ගැන කිව ගමන් මතක් වෙන්නේ ඉතින් දෙමල දේශපලුවන්වනේ. ඇයි මෙයාලට මෙච්චරටම ෆෙඩරල් වැදගත්? ෆෙඩරල් නැතුව කිසිම වැඩක් කරන්න බැරිද?
සිංහල දේශපාලුවන්ගේ හැටියට, දෙමල මිනිස්සුන්ට ෆෙඩරල් දුන්නොත් ඔය කියන තරම් දේවල් වෙනවද? මේ රට බෙදෙනවද?

නෑ, මේ කිසිම දෙයක් ඇත්ත නෙවෙයි. ෆෙඩරල් කියන්නේ දෙමල දේශපාලුවන් ජනතාවට සේවය නොකර පිට රටවලින් සල්ලි ගරන්නයි, සිංහල දේශපාලුවන්ට චන්ද කිට්ටු වෙනකොට ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරවල චන්ද කඩගන්න්යි තියන වචනයක් විතරයි. මේ කෑගහන දේශපාලුවන්ගෙන් බහුතරයක් ඇත්තටම ෆෙඩරල් කියන්නේ මොකක්ද කියල දන්නෙත් නෑ හිටන්.

බැරි වෙලාවත් ෆෙඩරල් නෙවෙයි, උතුරෙන් වෙනම රටක් දෙන්න හැදුවොත් මොකක් වෙයිද? කවද හරි එහෙම දෙයක් උනොත් එකට වැඩියෙන්ම අකමැති එක නොකෙරෙන තැනට වැඩ කරන්නේ දෙමල දේශපාලුවෝ. මොකද එහෙම දෙයක් උනොත්, ඊට පස්සේ දවසේ ඉදල  දෙමල මිනිස්සුන්ගේ ඇත්තම ප්‍රසන වලට උත්තර දෙන්න වෙන්නේ මේ දේශපාලුවන්ට.  
දැන් මේ දේශපාලුවෝ කියන්නේ, අපිට බලය නැති හන්ද තම අපිට ඔයාලට සේවය කරන්න බැරි, අපි මේ හදන්නේ අපිට බලේ ගන්න කියල. ඊට පස්සේ අපි ඔයාලගේ ජිවිත දිවය ලෝකෙටත් වඩා ලස්සන කරනවා කියල. ඇත්තම  බලේ ලැබුන දාට මෙයාලට උත්තර නැති වෙනවා.

එතකොට කව්ද ෆෙඩරල් හරි වෙනම රටක් හරි දෙනවට කැමති? ඒ වෙන කව්රුත් නෙවෙයි, දකුණේ කෑගහන ආතක් පාතක් නැති තුම්මුල්ලේ විමලේ වගේ  ජාතිවාදී දේශපාලුවෝ. මොකද එහෙම දෙයක් උන ගමන් මෙයාලට ඇති තරම් දේවල් තියනවා කියන්න.

දැන්වත් මේ වංචාව තේරුම් ගන්න. එක එක දේශපාලුව වෙනුවෙන් කඩේ යන්න එපා. මොකද ඕකුන් එකෙක්වත් අපිට කරන්න ඇවිත් ඉන්න උන් නෙවෙයි, අපිව කොටවල උන් සාමයෙන් සමගියෙන් බෙදාගෙන මේ රට කනවා. අවුරුදු 70ක් උනෙත් එකම තම.