Wednesday, October 14, 2015

කවුද වැරදි...

                                               හැමදාම දේශපාලනේ ගැන ලියල එක පාරටම මේ වගේ සමාජීය ප්‍රස්නයක් ගැන ලියන්න හිතුනේ ඊයේ රෑ පුවත් වලට දැකපු දෙයක් නිසා (එක ගැන ලංකාදීප පත්තරේ තිබ්බ පුවත)..මේ කතාවේ ලස්සනම දේ තමයි, මේ ගැණු කෙනා කියනවා, "තාත්තාව දවස් 2න් නවන්න බැරි උනේ බලු පැටව 4ක් හම්බ උන හින්දා කියල"..එකෙන්ම පේනවා ඉතින් කොච්චර ආදරයක් තාත්තට තියද කියල.

මම මෙතන ඉදල දක්වල තියෙන්නේ මට මේ දේවල් ගැන හිතෙන විදිහ. සමහරවිට වැරදි අඩුපාඩු ඇති.මගේ අදහස් මේ සිද්දියට කිසිම සම්බන්දයක් නැති වෙන්න පුළුවන්. එත් මේ මට මේවගේ දේවල් ගැන හිතෙන දැනෙන දේ විතරයි.

                                       දරුවන්ගේ මේ වගේ තිරිසන් හැසිරීම් වලට ගොඩක් දුරට දෙමවුපියොත් වග කියන්න ඕනි.තමන්ගේ ළමයින්ට පොඩි කලේ ඉදල හරි ගුණධර්ම කියල දුන්නම් මේ වගේ හැසිරීමක් කවමදාවත් වෙන එකක් නෑ කියලයි මගේ අදහස.
අද කලේ ගොඩක් දෙමව්පියෝ ළමයින්ව තමන්ට වඩා භෞතික සම්පත් අතින් ලොකු තැනකට යවන්න මිසක් ගුණ දහම් අතින් හොද මිනිහෙක් කරන්න නෙවෙයි.

                        ළමයෙක් ඉපදිලා අවුරුදු 2 හරි 3 ඉදලම මොන්ටිසෝරි යවල උගන්නවා. ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉදල ඉතින් උදේ ඉදල රෑ වෙනකම් ශිෂ්වත්ව විභාගෙට පන්ති යවනවා . ළමයින්ට ගෙදර ඉදල දෙමවුපියෝ එක්ක ඉන්න වෙලාවක් නෑ.ගොඩක් දෙමවුපියොත් උදේ ඉදල රෑ වෙනකම් රස්සාව කරනවා වැඩිපුර සල්ලි හොයන්න කියල, ළමයින් එක්ක ඉන්න වෙලාවක් නෑ.
6 වසරේ වගේ ඉදල ඉතින අය පටන් ගන්නවා මොනවට හරි පන්ති.මේ හැම දෙකින්ම ගොඩක් දෙමවුපියෝ ළමයින්ව හදන්නේ රේස් එකක දුවන්න. හරි හෝ වැරදි දේ කරලා තමන්ට ඕනි දේ ලබාගන්න මිසක් සමාජීය වටපිටාව ගැන හිතන එක නෙවෙයි.

                       අනිත් කරන ලොකුම වැරද්දක් තම මේ වගේ දෙමවුපියෝ දරුවෝ මොනව ඉල්ලුවත් ඒ දේවල් කොහොම හරි ළමයින්ට අරන් දෙනවා..ඒ ළමයිනුත් තමන්ට ඕනි දෙයි එපා දෙයි හැම දේම ඉල්ලනවා. මොකද තමන්ගේ දෙමවුපියෝ ඒවා ලබා දෙන්න විදින දුක පෙන්නේ නෑ. පොඩි කලේ ඉදල ඉල්ලන ඉල්ලන දේ දීල හදල තියන නිසා ඒ දේවල් ලබල දෙන්න දෙමවුපියෝ කොච්චර කැප කිරීමක් කරලා තියද කියල දන්නේ නෑ. මොකද සමහර ළමයි හැමදාම හොස්ටෙල්, එක්කෝ ගෙදර එනකොට දෙමව්පියෝ ගෙදර නෑ.හැමදාම රස්ස්වල් කරලා සල්ලි හම්බ කරනවා.  
එයාල පොඩි කලේ ඉදල හිතන්නේ දෙමවුපියෝ කියන්නේ හරියට බැංකුවකින් සල්ලි ගන්න තියන ATM කාර්ඩ් එකක් කියල.

                     මෙහෙම හදන ගොඩක් ළමයි භෞතික ව ගොඩක් දේවල් අතින් ඉස්සරහට යනවා. ආචාර්ය මහාචාර්ය පට්ටම්, සමාගම් 2ක 3ක් අයිතිකාරයෝ වගේ  ක්ෂේත්රයේ ඉහලම තැන වලට යනවා.
එත් දෙමවුපියෝ වයසට ගිහින් අසරණ උනාම ඒ ගැන මේ ළමයින්ට හැගීමක් නෑ. පොඩි කලේ ඉදල රේස් දුවන්න පුරුදු කරලා ඉන්න හන්ද මේ කාලෙට දෙමවුපියෝ ගැන හිතන්නේ තමන්ගේ රේස් එක දුවන්න ඉන්න බාධාවක් කියල.  දෙමවුපියෝ කියන්නේ සල්ලි ලබාගන්න තියන වත්කමක් මිසක් රැක බලාගන්න ඕනි වගකීමක් කියල නෙවෙයි මේ අය හිතන්නේ. ඉතින් මහලු නිවාසෙකට හරි මේ වගේ තිරිසන් වැඩක් කරලා ඒ බධාවෙන් මිදෙන්න හදනවා.

                   මේක මෙච්චරටම ලොකු සමාජීය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ආර්ථික රටාව පස්සේ යන මිනිස්සුයි, අපේ සමාජයේ අධ්‍යාපන ක්‍රමය ගැන තියෙන ආකල්පයි හන්ද කියල තම මට හිතෙන්නේ.