Thursday, November 12, 2015

End of wars?

                                As we all know, everyday we hear a bomb blast, terrorist activities, battles for getting control of a city etc somewhere around the world. Why this is happening while there are many organizations that were established just for preventing these kind of activities?

First thing to consider why people are doing such things, killing each other and finding something? Is it really their solution or someone else suggested war as the only solution for them?

I think all these wars are happening just because of the second reason I mention. War is a disaster for all most all people around the world. But it is the best profit earning business for few countries around the world. So what happen if there are no wars on this planet, what will happen to their industries?

Here, according to this list , shows us who did most of weapon exporting in 2014.
  • USA
  • Russia
  • China
  • France
  • Germany
  • UK

What is the fun fact about this list? All the countries are in UN security council with executive powers are listed in top 6.

I think they are united behind the scene with each other and making wars around the world. So when one war is going, these countries come for helping to two parties. The best example is Syrian war, US and western countries supporting Syrian freedom fighters while Russia and China helping to current president.

So what is happening, these two parties are buying weapons for these countries and war with each other by killing millions of people. Now they may say we will accept Syrian refuges, but soon they will have to work as slaves in europian countries.

Until these countries choose something else other than weapon exporting as the best way to earn money, we will never get a peaceful planet.

Wednesday, October 14, 2015

කවුද වැරදි...

                                               හැමදාම දේශපාලනේ ගැන ලියල එක පාරටම මේ වගේ සමාජීය ප්‍රස්නයක් ගැන ලියන්න හිතුනේ ඊයේ රෑ පුවත් වලට දැකපු දෙයක් නිසා (එක ගැන ලංකාදීප පත්තරේ තිබ්බ පුවත)..මේ කතාවේ ලස්සනම දේ තමයි, මේ ගැණු කෙනා කියනවා, "තාත්තාව දවස් 2න් නවන්න බැරි උනේ බලු පැටව 4ක් හම්බ උන හින්දා කියල"..එකෙන්ම පේනවා ඉතින් කොච්චර ආදරයක් තාත්තට තියද කියල.

මම මෙතන ඉදල දක්වල තියෙන්නේ මට මේ දේවල් ගැන හිතෙන විදිහ. සමහරවිට වැරදි අඩුපාඩු ඇති.මගේ අදහස් මේ සිද්දියට කිසිම සම්බන්දයක් නැති වෙන්න පුළුවන්. එත් මේ මට මේවගේ දේවල් ගැන හිතෙන දැනෙන දේ විතරයි.

                                       දරුවන්ගේ මේ වගේ තිරිසන් හැසිරීම් වලට ගොඩක් දුරට දෙමවුපියොත් වග කියන්න ඕනි.තමන්ගේ ළමයින්ට පොඩි කලේ ඉදල හරි ගුණධර්ම කියල දුන්නම් මේ වගේ හැසිරීමක් කවමදාවත් වෙන එකක් නෑ කියලයි මගේ අදහස.
අද කලේ ගොඩක් දෙමව්පියෝ ළමයින්ව තමන්ට වඩා භෞතික සම්පත් අතින් ලොකු තැනකට යවන්න මිසක් ගුණ දහම් අතින් හොද මිනිහෙක් කරන්න නෙවෙයි.

                        ළමයෙක් ඉපදිලා අවුරුදු 2 හරි 3 ඉදලම මොන්ටිසෝරි යවල උගන්නවා. ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉදල ඉතින් උදේ ඉදල රෑ වෙනකම් ශිෂ්වත්ව විභාගෙට පන්ති යවනවා . ළමයින්ට ගෙදර ඉදල දෙමවුපියෝ එක්ක ඉන්න වෙලාවක් නෑ.ගොඩක් දෙමවුපියොත් උදේ ඉදල රෑ වෙනකම් රස්සාව කරනවා වැඩිපුර සල්ලි හොයන්න කියල, ළමයින් එක්ක ඉන්න වෙලාවක් නෑ.
6 වසරේ වගේ ඉදල ඉතින අය පටන් ගන්නවා මොනවට හරි පන්ති.මේ හැම දෙකින්ම ගොඩක් දෙමවුපියෝ ළමයින්ව හදන්නේ රේස් එකක දුවන්න. හරි හෝ වැරදි දේ කරලා තමන්ට ඕනි දේ ලබාගන්න මිසක් සමාජීය වටපිටාව ගැන හිතන එක නෙවෙයි.

                       අනිත් කරන ලොකුම වැරද්දක් තම මේ වගේ දෙමවුපියෝ දරුවෝ මොනව ඉල්ලුවත් ඒ දේවල් කොහොම හරි ළමයින්ට අරන් දෙනවා..ඒ ළමයිනුත් තමන්ට ඕනි දෙයි එපා දෙයි හැම දේම ඉල්ලනවා. මොකද තමන්ගේ දෙමවුපියෝ ඒවා ලබා දෙන්න විදින දුක පෙන්නේ නෑ. පොඩි කලේ ඉදල ඉල්ලන ඉල්ලන දේ දීල හදල තියන නිසා ඒ දේවල් ලබල දෙන්න දෙමවුපියෝ කොච්චර කැප කිරීමක් කරලා තියද කියල දන්නේ නෑ. මොකද සමහර ළමයි හැමදාම හොස්ටෙල්, එක්කෝ ගෙදර එනකොට දෙමව්පියෝ ගෙදර නෑ.හැමදාම රස්ස්වල් කරලා සල්ලි හම්බ කරනවා.  
එයාල පොඩි කලේ ඉදල හිතන්නේ දෙමවුපියෝ කියන්නේ හරියට බැංකුවකින් සල්ලි ගන්න තියන ATM කාර්ඩ් එකක් කියල.

                     මෙහෙම හදන ගොඩක් ළමයි භෞතික ව ගොඩක් දේවල් අතින් ඉස්සරහට යනවා. ආචාර්ය මහාචාර්ය පට්ටම්, සමාගම් 2ක 3ක් අයිතිකාරයෝ වගේ  ක්ෂේත්රයේ ඉහලම තැන වලට යනවා.
එත් දෙමවුපියෝ වයසට ගිහින් අසරණ උනාම ඒ ගැන මේ ළමයින්ට හැගීමක් නෑ. පොඩි කලේ ඉදල රේස් දුවන්න පුරුදු කරලා ඉන්න හන්ද මේ කාලෙට දෙමවුපියෝ ගැන හිතන්නේ තමන්ගේ රේස් එක දුවන්න ඉන්න බාධාවක් කියල.  දෙමවුපියෝ කියන්නේ සල්ලි ලබාගන්න තියන වත්කමක් මිසක් රැක බලාගන්න ඕනි වගකීමක් කියල නෙවෙයි මේ අය හිතන්නේ. ඉතින් මහලු නිවාසෙකට හරි මේ වගේ තිරිසන් වැඩක් කරලා ඒ බධාවෙන් මිදෙන්න හදනවා.

                   මේක මෙච්චරටම ලොකු සමාජීය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ආර්ථික රටාව පස්සේ යන මිනිස්සුයි, අපේ සමාජයේ අධ්‍යාපන ක්‍රමය ගැන තියෙන ආකල්පයි හන්ද කියල තම මට හිතෙන්නේ.

Monday, June 8, 2015

අපේ රටේ සාසනේ.

වැඩ ගොඩක් තියාගෙන මේ බ්ලොග් එක ලියන්න හිතුනේ මේ සතියේ දේශය පත්තරේට හාමුදුරුවෝ කෙනෙක් කිව කතාවක් දැකල.
මේ රටේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැරිලු හිටන්. එකට හේතුව මේක බුදු දහම මුලික කරගත්ත රටක්ලු. අපි ගෙවන බදු මුදලින්ලු අලුගොසුවට්ත් පඩිය ගෙවන්නේ. එතකොට අපි ඔක්කොම ඒ  අපරදේට සම්බන්ද වෙනවලුනෙ හිටන්.
මට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි. බුදු හාමුදුරුවෝ  ජිවත් වෙලා ඉන්නකොට ඉන්දියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක උනේ නැද්ද?
බුදු හාමුදුරුවෝ කිවේ රටේ පාලකයාගේ වගකීම රටේ නිතිය ක්‍රියාත්මක කරන එක, හාමුදුරුවෝ කරන්න ඕනි අනුශාසන කරනවා මිසක් රටේ පාලනයට, තියන නීති වලට ඇගිලි ගහන්න යන එක නෙවෙයි.
හාමුදුරුවන්ට බදු මුදල් වලින් අලුගොසුවට පඩි ගෙවන එක මහා ලොකු ප්‍රස්නයක්නම්, මේ රටේ හිටපු, ඉන්න කාලකන්නි පාලකයෝ අහිංසක මනුස්සයෝ ගෙවන බදු සල්ලි කෝටි ගණන් ගිලින ඒවා ගෙන කතා නැත්තේ ඇයි හිටන්? 8 පාස් නැති උන්ව දේශපාලුවන්ගේ ලිස්ට් වලින් ආණ්ඩුවේ ජොබ් වලට දාපුවම උන්ට පඩි ගෙවන්නේ දේශපලුවගේ වත්කම් වලින් නෙවෙයි නේද? කිසි වැඩක් නොකර ඔෆිස් වල ලගින උන්ටත් පඩි ගෙවන්නේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මිදල් වලින් කියල අමතකද හාමුදුරුවනේ? අලුගෝසුවෝ ඕනනම් උපරිම 4ක් ඉදි ලංකාවටම. ඒ වගේද අර විදිහට දේශපාලුවන්ගේ ලිස්ට් වලින් ජොබ් වලට දාපු කාලකන්නි ලිස්ට් එක? දේශපාලුවෝ බදු සල්ලි වලින් ගහන ගැහිලි?
ඔච්චර කයිවාරු ගහන තරම් මේ රටට, සාසනේට ආදරෙයි නම් කරන්න ඕනි ඒවාට විරුද්දව කතා කරන එක නේද?
බැරි වෙලාවත් මේ කලේ කස්සප බුදු හාමුදුරුවන්ගේ සාසනේ තිබිල, ගෞතම බුදු හාමුදුරුවෝ දැන් ඉන්දියාවේ පහල වෙලා බණ කිවනම් අපේ මේ ඉන්න හාමුදුරුවෝ යැයි කියාගන්න කට්ටිය මොනවා කියයිද?
අපේ රටත්, සිංහල ජාතියත් බෞද්ධ සසනෙත් බේරගන්න ඉන්න කෙනා කියල කියන, අපේ පවට පහල වෙච්ච බේබදුසර එහෙනම් ෂුවර් එකට මාධ්‍ය සාකච්චාවක් තියල මෙහෙම කියයි.
මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියල ඉන්නේ බොරු කාරයෙක්, තම්බින්ගේ සල්ලි අරන් සාසනේ විනාස කරන්න අපු පිල්ලියක්. රජ කුමාරවරු රවට්ටගෙන සාසනේට අරන් පාලනේ අවුල් කරනවා. රජ කුමාර වරු මහන උනාම ඊගාවට රටට රජෙක් නැති වෙනවා. එතකොට තම්බි තම රජ වෙන්නේ. අපේ රජ කුමාරවරු 3න බේරගන්න එක ජාතියේම වගකීමක්, බැරි වෙලාවත් උනුත් රවට්ටගත්තොත් අපිට මොකද වෙන්නේ :)
අනික මිනිස්සුන්ට කියනවා ගිහිගෙය දුකක්ලු, මහන වෙලා භාවනා කරලා මාර්ගපල ලබගන්නලු. යකෝ ගෙදර මනුස්සය කැලේ ගිහින් භාවනා කරනකොට ගෙදර ගැනිට මොකද වෙන්නේ? නිකන්ම තම්බි ටික අපේ ගැණු අයිති කරගන්නවනේ.
බුදු හාමුදුරුවෝ මක්කම (යෝනක දේශය) ගිහින් ශ්‍රීපාද සලකුණ තියල ආපුවම, පොර මෙහෙම කියයි. අපි කිවේ බොරුද මේ ඉන්නේ තම්බින්ගේ සල්ලි වලට වැඩ කරන එකෙක්. හජ්ජි වලට මක්කම යනවා.
ඔන්න ඕවගේ ජාතියේ පවට පහල උන අය තම අද ගොඩක් හාමුදුරුවෝ හැටියට ඉන්නේ.  ඒ උනාට නමට ඉස්සරහින් ආචාර්ය, මහාචාර්ය පට්ටම් එල්ලන් ඉන්නවා. බුදු හාමුදුරුවෝ කිවේ කටපාඩම් කරලා ඔය ගන්න පට්ටම් ගන්නද, වීර්ය වඩල ජිවිතයේ අනිත්‍ය මෙනෙහි කරලා නිවන් මාර්ගේ අවබෝධ කරගන්න කියලද?
මම දන්නා විදිහට බුද්ධ සාසනේ ආචාර්ය  මහාචාර්ය කියල සලකන්නේ මාර්ගපල ලබල රහත් වගේ උත්තමයෙක් වෙන එක.
මේ රටේ බුද්ධ සාසනේට තියන ලොකුම වින්නැහිය තම්බින්වත් , මිෂනිරින්වත් නෙවෙයි. බුදු හාමුදුරුවන්ටත් වඩා බුද්ධාගම දන්න මේ ඉන්න දුශ්ෂිල හාමුදුරුවෝ සෙට් එක. රටත්, සසනෙත් බෙරගන්නවන්ම් කරන තියෙන්නේ, අපේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් කරලා ස්විස් බැංකු වල දල තියන බිලියන 100ත් වැඩි සල්ලි අරගෙන මහා ධර්ම සංගායනාවක් තියල අශෝක අධිරාජයා , පරාක්‍රමභාහු රජතුමා කරා වගේ මේ ඉන්න දුස්සීල හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවල කොතලාවල කිව්වා විදිහට පස්ස පැත්තේ තාර ගලා පන්නන එක.

Thursday, April 2, 2015

රට කරවන්නනම් ?

The Imitation Game චිත්‍රපටිය බැලුවට පස්සේ මේක ලියන්න කියල හිතුවේ හිටන්.
ඒ චිත්‍රපටියේ පරිගණකයේ මුලික සොයාගැනීම හා ඒ වටා එකතු වුන දේවල් තිබුනට මම කැමති එකේ තිබුන යුද්ධ ය පිටුපස MI6 ඔත්තු සේවයේ ක්‍රියාවලිය ගැන යමක් කියන හිටන්.
1940 ගණන්වල ඒ රටවල තිබුන තරමින් 10% වත් අද වෙනකම් අපේ රටේ බුද්ධි අංශයට ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? මේක සමහර යට මහා කම්මැලි, වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. එත් ටිකක් හොදට කල්පනා කරොත් මම මේ කියන දේ තේරුම් ගනී.
අපේ රටේ ඉතාමත් හොද නිලධාරීන් හිටියට ඇයි අපේ රටේ බුද්ධි අංශය 1940 ගණන්වල ඒ රටවල් වල තිබ්බ තරම්වත් දියුණු නැත්තේ?

පහුගිය ජනාධිපතිවරණෙන් පස්සේ බයියෝ නිතරම කීව දෙයක්නේ මහින්දව පරද්දුවේ රටේ මිනිස්සු නෙවෙයි විදේශීය ඔත්තු සේවා වල අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලනේ හිටන්. ඇත්තටම එහෙම උනානම් කාගේද එකේ වැරැද්ද?
එකේ වැරැද්ද කාගෙවත් නෙවෙයි 1948 ඉදල මේ රට පාලනේ කරපු තකතීරු දේශපාලුවන්ගේ. ඒ ගොන්නු හිතාගෙන ඉන්නේ රටේ බුද්ධි අංශය කියන්නේ විපක්ෂේ දේශපාලුවෝ ගැන හොයන්න තියන ඒකකයක් කියල. බයියෝ ඔඅලානේ කරනකොට බුද්ධි අංශේ කරන්න ඕනි ටෝයියෝ ගැන හොයන එක. ටෝයියෝ පාලනේ කරකොටත් ඒ විදිහටම බයියෝ ගැන හොයන්න කියල.

එත් රට ගැන හිතන දේශපාලුවෝ කරන්නේ එකද? අපේ රටට වඩා තුනෙන් එකක් වගේ ජනගහනයක් ඉන්න ඊශ්‍රයාලය වගේ රටක් කොහොමද හතුරෝ රට වටේ තියාගෙන ප්‍රස්නයක් නැතුව ඉන්නේ හිටන්?
මොකද ඒ රටේ දේශපාලුවෝ රටේ බුද්ධි අංශයට ඇගිලි ගහන්නේ නෑ. කොයි ආණ්ඩුවක් පත් උනත් මොසාඩ් බුද්ධි අංශය වැඩ කරන්නේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ඒවා වලක්වන. එත් අපේ?
පහුගිය කලේ උතුරු අධි ආරක්ෂක කලාප වල තිබුණු ඉඩම් අපහු මිනිස්සුන්ට දුන්නම බයියෝ කෑගැහුවනෙ රට කොටියට දෙනවා කියල. එත් අපේ රටේ බුද්ධි අංශය හරියට ශක්තිමත් කරනම් හමුදා කදවුරු  වටේම ගෙවල් හැදුවත් ප්‍රස්නයක් තියද? එක මේ රටේ ඉන්න දේශපලුවොවත්, බයි හරි ටොයි උණ හැදුනු මෝඩයෝන්ටයී තේරෙන්නේ නැති එක ගෙන පුදුමයක් නෑ.

මේ රට දියුණු වෙන්නේ අපේ රටේ සුද්දන්ට ජංගි මහන එක නවත්තල ඒ වෙනුවට කාර්මික නිෂ්පාදන අපනයනය කරන්නත්, අපේ රටට එල්ල වෙන ඕනිම තර්ජනෙකට හරියට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් බුද්ධි අංශයක් හැදුන දවසට.
සුදුස්සාට සුදුසු තැන දීල ජන්දෙන් පත් වෙන දේශපාලුවෝ තමන්ට ඕනි විදිහට රාජ්‍ය අංශය පාලනය නොකරන දවසට.

Sunday, March 22, 2015

ජාතික ගීය කාගේදෝ II

මගේ කලින් පොස්ට් එකේ කිව්වා වගේම දැන් දැන් ජාතික ගීයේ වැඩේ නැගල යනවනේ හිටන්. බේබදුසර හොදට සද්දේ දාල කිව්වේ දැන් මේ රටට වෙන්න යන මහා ව්‍යසනය ගැන. එයා කියනවා ව්‍යවස්ථාවෙන් අවසර දීල තියෙන්නේ සිංහලෙන් කියන ජාතික ගීයට විතරයි, වෙන භාෂාවකින් කියනවනම් එක ව්‍යවස්ථාව උල්ලන්ගනේ කරලා කියල හිටන්. පව් ඉතින් එයට රට ජාතිය බේරගන්න වැඩ තියන හන්ද අමතක වෙන්න ඇති මාර්තු 2දා එයාගෙම සෙට් එකේ කට්ටියක් දළදා මාලිගාව ඉස්සරහ වෙනම ශ්‍රී ලංකික ජාතික කොඩියක් උස්සන්න හැදුව කියල හිටන්, එහෙම නෙත්නම් ඉතින් බේබදුසර ව්‍යවස්ථාව කියල හිතන ඉන්නේ බීල ගිහින් මාර්ග නීති කඩමරම දඩුවම් කරන කෑල්ලට විතරද දන්නේ නෑ හිටන්. මේ තියන ජාතික කොඩිය සිංහලයට  අගෞරවයක් නම්  නාමල් බේබි දළදා මාලිගාව ඉස්සරහ ගැණු හෙළුවෙන් නටවල රේස් පැද්ද එක බෙබදුසරට මහා ගෞරවයක් වෙන්න ඇති හිටන්.

එත් එයාගේ මෝඩ තර්කෙට හොද උත්තරයක් බේබදුසර වගේම මහින්ද මමී ගෙන්න ෆුල් ගේමක් ගහන වාසු දුන්නනේ පාර්ලිමේන්තුවේදී. එක හන්ද ඉතින් එක ගැන කතා කරලා වැඩක් නැනේ හිටන්.

ඇත්තටම මේ ජාතික ගීය මොන භාෂාවෙන් හරි කියන එකද මේ රටේ තියන ලොකුම ප්‍රස්නේ?
සිංහල වේවා, දෙමල මොකා උනත් සාමාන්‍ය මනුස්සයට ජාතික ගීය කියන භාෂාවට වඩා වැදගත් ප්‍රසන මේ රටේ තියනවා. ඒවා වහගන්න පක්ෂ, විපක්ෂ දේශපාලුවෝ කාලෙන් කාලෙට ගෙන අටක නාටක තමයි මේවා. එක කාලයක් හලාල් අල්ලාගෙන දැගලුව, දැන් එහෙම එකක් කරාද කියලවත් මතක නෑ මේ කට්ටියට.

හැබෙයි බේබදුසරටනම් ඊට වඩා ලොකු ප්‍රස්නයක් තියනවා වගේ. එයට අර 83 ජුලි වල එඩිතර,දේශමාමක සිංහල සේනාවක් දෙමළුන්ගෙන් මේ සිංහල රට බේරගන්න කරා වගේ දෙයක් කරන්න ඕනි වෙලා වගේ. එකටම සෙට් වෙන හොද දේශමාමක කියාගන්න නියම තක්කඩි ටිකකුත් ඔය සේනා වටේ සෙට් වෙලා ඉන්නවා. 83 දෙමලු මරනවා කියල කරේ දෙමල මිනිස්සුන්ගේ ගෙවල්, කඩ වලට හොද සුද්දයක් දීපු එකනේ. අන්න ඒ දේම තම ඉතින් මේ පාරත් මේ කරන්න හදන්නේ. රට ජාතිය බේරාගන්නවා කියල අය පාරක් දෙමල, මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ටිකයි, ගෙවල් ටිකයි හොදට සුද්ද කරන්න. ඊට පස්සේ මොකුත්ම කරේ නෑ වගේ ඉන්න. අලුත්ගම සිද්දියට පස්සේ රගපපු හැටි දැක්කනේ හිටන්.

මේ සේනා වල කට්ටියට ඕනි අන්න ඒවගේ දෙයක් කරන්න මිසක් මේ රට බෙරගන්වත්, සිංහල ජාතිය , බුදු ධහම බෙරගන්නවත් නෙවෙයි. ඇත්තමනම් සිංහල ජාතියටයි, බුදු ධහමටයි තියන ලොකුම ප්‍රස්නේ තම්බින්වත්, දෙමලුන්වත් නෙවෙයි. රට ජාතිය බේරගන්න ඉන්නවා කියන බේබදුසර වගේ කට්ටිය මෙහෙයවන සේනා තමා. එකත් හරියට ISIS උන් ඉස්ලාම් ආගම බේරගන්න කරන මහා සංග්‍රාමය වගේ තම. එකෙන් දවසෙන් දවස වෙන්නේ ඉස්ලාම් ආගමයි, මුස්ලිම් මිනිස්සුයි මුර්ගයෝ වගේ ජාතියක් කියල ලෝකේ ඉස්සරහ නොන්ඩි වෙන එකනේ හිටන්.
පන්සිල් පද 5 වත් රකින්නේ නැති මේ වගේ බේබද්දෝ පස්සේ ගිහින් තමනුත් විනාස වෙලා මේ රටත් කාබාසිනියා කරන්න එපා. මොකද සිංහල ජාතිය රැක ගැනීමවත් බුදු දහම ආරක්ෂා කරගන්න එකවත් කරන්න ඕනි මේ බේබද්දෝ කියන විදිහට නෙවෙයි. අනිත් වැදගත්ම දේ තමයි 83දී බේබදුසර වගේ සෙට් එක කරපු ගොන් වැඩෙන් උනේ මේ රට අවරුදු 30න් ආපස්සට ගිහින් රටේ දියුණුවට වැඩ කරන පුළුවන් තරුණ කොල්ලෝ දාස් ගානක් මැරුන එක විතරයි.

Thursday, March 19, 2015

ජාතික ගීය කාගේද?

රැජින නටගමෙන් පස්සේ පටන් ගන්න යන අලුත්ම නාටකය තමයි ජාතික ගී නාටකය.
අද හෙටම තුම්මුල්ලේ විමලේ, බෙබදුසාර ස්ටේජ් වලට නැගල කැගහයි ඕක ගැන කියවල. මේක මහා පාවාදීමක්, රටේ ස්වෛරීත්වයට , භෞමික අඛණ්ඩතාවයට මහා විපතක්, රට බෙදන්න යන්නේ කියල. ෆේස්බූක් බයියෝ දැනටමත් ඉතින් රට ජාතිය බේරගන්න යුධ ප්‍රකාශ කරලා ඇත්තේ. එත් ඇත්තටම මේක එච්චරටම ලොකු දෙයක්ද?
ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටනම් මේක අලුත්ම අත්දැකීමක් තමයි. ( හැබැයි මට මතකයි මේ මාතෘකාව මීට කලින් කරලියට ආපු වෙලාවේ ස්වර්ණවාහිනියේ පෙන්නුවා වැදී භාෂාවෙන් ශ්‍රී ලංකා ජාතික ගීය කියනවා)
එත් රාජ්‍ය භාෂා කිහිපයක් තියන රටවල් වලටනම් මේක මහා ලොකු අරුමයක් නෙවෙයි. එක ගැන වැඩි විස්තර මෙතන   තියන විකිපීඩියා පිටුවෙන් කියවන්න පුළුවන්.

එත් ඇයි අපේ කට්ටිය මේක මහා ලොකු මාතෘකාවක් කරගන්න හදන්නේ? ඒ වෙන මොකුත් හන්ද නෙවෙයි හැමදාම පුරුදු විදිහට රටේ තියන වැදගත් ප්‍රස්න අමතක කරලා කොහෙවත් නැති වැඩකට නැති මගුලක් මාර්කට් කරලා තමන්ගේ සාක්කු පුරවගන්න. පහුගිය දවස් ටිකේ කට්ටියක් ජාතික කොඩිය වෙනස් කරගෙන නාටකයක් නැටුවේ අන්න ඒ වගේ. එත් අපේ මිනිස්සු මේක තේරුම් නොගෙන කවුරුහරි වෙනුවෙන් බොරුවට පෙනී ඉන්නේ ඇයි කියන එකනම් ලොකු ප්‍රස්නයක්.

මේ රටේ තියන ලොකුම ප්‍රස්නේ තමා මේ වගේ දේවල් වලට දෙපැත්තේම ඉදන් උල්පන්දම් දෙන දේශපාලුවෝ. එවුන්ට මේ රට තිබුනත් එකයි, නැතත් එකයි. උන්ට ඕනි මොන විදිහකට හරි තමන්ගේ දේශපාලනික පැවැත්ම තියාගන්න. අපේ බොරු ජාතික වීරයෝ වෙන්න හදන ෆේස්බූක් කට්ටියට කරන්න තියෙන්නේ ජාති, ආගම් පැත්තක තියල මේ වගේ බොරුවට රගපාන දේශපාලුවන්ට විරුද්දව කතා කරන එකයි හිටන්.
පුද්ගලයෙක් දේශපාලනේට එන්නේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න මිසක් ජන වර්ගයක් වෙනුවෙන් හරි තවත් ජනවර්ගයක් පාගල දන්නා නෙවෙයි.අවංක දේශපාලකයෝ, විද්වතුන්, සාමාන්‍ය ජනතාව හැටියට කල්පනා කරන්න ඕනි මේ රටේ උඩු දුවා තියන දුෂණය, වංචාව නවත්තන්න. වැරදි කරපු කවුරු උනත් දඩුවම් කරලා, හොරකම් කරපු දේපල රාජසන්තක කරන්න.

මේ වගේ සුළු දේවල් මහා ලොකු දේවල් විදිහට මවා පාන්නේ අත්මර්තකාමී දේශපාලුවෝ තමන්ගේ පැවැත්ම පවත්වා ගන්න. මේ වගේ දේවල් වලට උඩගෙඩි දීගෙන මිනිස්සුන්ව කොටවන්න වැඩ කරන්නේ ඒ වගේ දේශපලුවොන්ගෙන් තමන්ට වැඩක් කරගන්න බලාගෙන ඉන්න හෙන්චයින්ට. උන් දෙගොල්ලන්ටම මේ රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ පටු අරමුණු ටික ඉටු කරනගන්න තියනවනම්. එහෙම නැතුව සාමාන්‍ය සිංහල, දෙමල, මුස්ලිම් කියල බේදයක් නැතුව හැමෝටම ඕනි තමන්ගේ ළමයින්ට හොදට උගන්නගන්න, කෑම බිම ටික හොදට ලබල දෙන්න මිසක් රටේ කැල්ලක් පාලනේ කරන්නවත්, වෙනම ජාතික කොඩි, ජාතික ගී උස්සන්න කියන්න නෙවෙයි.

රටේ දියුණුවට වැඩක් වෙන ක්‍රියාමාර්ග වලට මුලිකත්වේ දීල කටයුතු කරන දේශපලුවන්ව විතරක් පාර්ලිමේන්තු යවන එක සාමාන්‍ය ජනතාව හැටියට අපේ යුතුකමක්.. එහෙම නැති උනොත් අපිට තව අවුරුදු 100ක් ගිහිනුත් සුද්දන්ට ජංගි මහ මහ, අපේ අක්කල අම්මල අරාබියේ වැඩකාර කමට යවල තමයි රටට ඕනි විදේශ විනිමය හොයන්න වෙන්නේ.

Friday, March 13, 2015

බයියෝ හා ටෝයියෝ

මේ දවස් වල ෆේස්බූක් එකේ බයියෝයි, ටෝයියෝයි දාන පොස්ට් දැකල මේක ලියන්න හිතුනේ.
මේ දවස් වල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තියන ලොකුම ප්‍රස්නේ තමා මෛත්‍රිපාල ගේ ජයන්ති නෝනා එලිසබෙත් රැජිනට අතට අත දෙනකොට නැමුණු එක.
දැන් එතැනදී නැමුන හන්ද බයියෝ ෆෝම් වෙලා කියනවා රට ජාතිය පාවල දුන්නලු. බැරි වෙලාවත් ජයන්ති නෝනා නැමෙන්නේ නැතුව අතට අත දුන්නම් ටෝයියෝ ෆෝම් වෙලා කෑගහනවා, අපේ ජයන්ති නෝනා මහා රැජිනටවත් කොන්ද පාත් කරේ නෑ කියල.
ඇත්තටමන්ම් එකනේ වෙන්නේ.දැන් එතින් ටෝයියෝ ඔබාමල, පාප් වහන්සේ නැමිලා ආචාර කරන ෆොටෝ හොයල, ඒවා එඩිට් කරලා පොස්ට් දානවා. බයියෝ මහින්දයි, නොනයි කොන්ද නැමුවේ නෑ කියල ෆොටෝ හොයා හොයා දානවා. එත් එකද අපේ රටේ කට්ටිය කරන්න ඕනි?
ඔය කොකෙන්වත් අපේ රටේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කන්න හම්බ වෙනවද? ලෙඩට දුකට බෙහෙත් ටිකක් හම්බ වෙනවද?
මට තාම හිතාගන්න බැරි ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ කියල. ඔය කව්රුවත් ඇවිත් අපිට කන්න දෙන්නේ නෑ. තමන්ගේ වාසියට තමන්ගේ පොකට් එක පුරවගන්න හදන්නේ. එත් අපේ මෝඩයෝ, රැයක් දවාලක් නැතුව කොහෙවත් ඉන්න රැජිනකට කොන්ද නාමපු එකක් අල්ලාගෙන දගලනවා.
ඔය කට කටත් ඔච්චරම රට ගැන කැක්කුමක් තියනවනම් තව කරන්න කොච්චර දේවල් තියනවද?
රැයක් දවාලක් නැතුව ෆේස්බූක් එකේ පොස්ට් නොදා, තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ගේ සල්ලි කොච්චර හොරකම් කරාද, ඒවා කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේ විදිහට විප්ලව කරන්නේ නැත්තේ ඇයි?
උදේ ඉදල රෑ වෙනකම් ගාමන්ට් වල රෙදි මහල, තේ වතු, රබර් වතු වල වැඩ කරලා, ඔෆ්ෆිස් වල මහන්සි වෙලා හම්බ කරන ETF/ EPF වලින් කෝටි ගණන් ගසාකපු මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේවගේ විප්ලව නැත්තේ ඇයි?
කුඩු කන්ටේනර් පිටින් ගේන ඇමතිලා ගැන කව්රුවත් කතා කරන්නේ නැත්තේ ඇයි? ගබඩා භාරකරුවෙක් හිටපු මිනිහෙක් අවුරුදු 5න් හෙලිකොප්ටෝර්, ප්ලේන් ගන්න සල්ලි හෙව්වේ කොහෙන්ද අහන්නේ නැත්තේ ඇයි කවුරුවත්ම?
පහුගිය ආණ්ඩුවේ ලිස්ට් එකෙන් ජොබ් ගත්ත හන්ද ඒ ආණ්ඩුව කරපු හැම අවලන් වැඩක්ම හොදයි කියන එකවත්. ඒවා කිසිම දෙයක් වෙනවද කියල දන්නේ නෑ වගේ හිටපු මහින්ද වීරයෙක් කරන්නවත් නෙවෙයි.
මේ  රටේ තියන වැදගත් ප්‍රස්න ගැන දැන්වත් කතා කරන්න. එහෙම නැතුව දැන් තියන ආණ්ඩුවෙන් ජොබ් ගන්න බලාගෙන මහින්ද එක එකට නැමුන ෆොටෝ එඩිට් කරලා දාන එක හරි , ඊළගට පත්වෙන ආණ්ඩුවකින් හරි ලිස්ට්  එකෙන් ජොබ් ගන්න බලාගෙන මෛත්රිපාලගේ නෝනා නැමුන එකේ ෆොටෝ එඩිට් කරගෙන බොරුවට ෆේස්බූක් එකේ වීරයෝ වෙන්න හදන්න එපා. 

මේ රටේ බයි උණ හැදුන උන්ට යුද්දේ වීරයා මහින්ද, ටොයි උණ හැදුන උන්ට වීරයා ෆොන්සේකා. එතකොට ඇත්තටම යුද්දෙට ගිහින් මැරුණ ලලිත් ජයසිංහ වගේ  වීරයෝ ගැන ඔය එකෙක්ටවත් ගානක් නෑ.මේ වගේ අන්ධ භක්තියෙන් තොරව,  දැන්වත් එක එකට කඩේ යන එක නවත්තල තමන්ගේ වැඩක් හරියට කරලා රට හදන්න කලින්,ජිවත් වෙලා ඉන්න ගෙදරට වැඩක් කරලා දෙන්න.
මෙච්චරටම ෆොටෝ එඩිට් කරන්න ආසාවල් තියනවනම්  ඔය බයියෝයි, ටෝයියෝයි www.fiverr.com වගේ සයිට් එකක වැඩ කරලා කියක් හරි හම්බ කරගන්න. මොකද මහින්දවත්, මෛත්රිපලවත් ඔය කාටවත් කන්න ගෙනත් දෙන්නේ නෑ, රෑ එළිවෙනකම් නෙට් යන්න බිල ගෙවන්නෙත් නෑ, ගෙදර ලයිට් බිල ගෙවන්නෙත් නෑ.