Saturday, August 10, 2013

කිරි පිටි හා අපි


 ශ‍්‍රී ලංකාවට ගෙන්වන ලද සමහර කිරිපිටි සාම්පලවල දශලක්ෂයකට ඒකක 15 ක් තිබුණු බව සඳහන් විය. ලංකාවට 2012 දී ආනයනය කරන ලද කිරිපිටිවල මෙම ප‍්‍රමාණය මෙ:ටොන් 83,000 ක් පමණ විය.

එනම්, කිරිපිටි කිලෝ 83,000,000 අප ආනයනය කර ඇත. මෙහි DCD අවම වශයෙන් ppm 15 ක් තිබුණේ යැයි උපකල්පනය කළහොත් එම කිරිවල පමණක් ටොන් එකකට වඩා අපි පරිභෝජනය කර ඇත.

15×83,000,000/1000,000 = 1,245kg

මෙම DCD ටොන් එකකට වැඩි ප‍්‍රමාණය කිරිවල පමණක් නම් එම කිරිදෙන සතාගේ ලේවල මෙය කොපමණ ප‍්‍රමාණයක් තිබෙනවා ඇත්ද? එම කිරිදුන් හරකුන් කෑ තණකොළවලින් පමණක් එන්නේ නම් එම තණකොළවල DCD කොපමණ සාන්ද්‍රණයක් තිබිය යුතුද? එමෙන්ම ආහාර ද්‍රව්‍ය සමඟ DCD ශරීරගතවනවා හෝ නොවනවාද යන්නත් ස්වභාවික කිරිවල DCD අන්තර්ගතය පිළිබඳ පර්යේෂණ කර නොමැති තරම් මෙම කිරිපිටිවල අන්තර්ගත DCD ප‍්‍රමාණය ගැන කරන පැහැදිලි කිරීම ප‍්‍රශ්නකාරීය. පිටිකළ කිරිවල DCD 15ppm නම් දොවන ලද මුල්කිරිවලද එම ප‍්‍රමාණය ඊට සාපේක්ෂව තිබිය යුතුය. තණකොළවල DCD අන්තර්ගතව තිබුණද ආහාරයට ගන්නා සියල්ල උරාගන්නේ නැත. උරාගන්නා ප‍්‍රමාණයද සියල්ල කිරි මගින් පමණක් ශරීරයෙන් ඉවත්වන්නේද නැත.

පොළවට දමන DCD තණකොළවලට උරාගන්නවා යැයි උපකල්පනය කළද පොළවට දැමූ සියල්ල තෘණ ගසට උරා ගන්නේද නැත. එසේම තෘණගස සම්පූර්ණයෙන් ගවයා ආහාරයට ගන්නේද නැත. මේ ගැන හිතනවිට ඉහත ප‍්‍රමාණයෙන් කිරිවල DCD තිබීමට නවසීලන්තයේ තෘණ පිට්ටනිවලට ටොන් දස දහස් ගණනින් DCD දැමිය යුතුය. නවසීලන්ත තණපිටිවලට දමන DCD ප‍්‍රමාණය පිළිබඳ නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ෆොන්ටෙරා ආයතනයට දැනීමක් තිබේද එසේනම් ඒ කොතෙක්ද මේ සියල්ලම තාක්ෂණ විප්ප‍්‍රයෝග හා ප්‍රෝඩා වේ.

මේ සියළු කාරණා සළකා බැලීමේදී DCD යනු අහම්බයෙන් එකතු වූ දෙයක් නොව සිතාමතා ලාභය මුල්කොට පිටතින් එක්කළ (adulterated) ද්‍රව්‍යයකි. නැතහොත් DCD යනු මෙලමයින් මෙන්ම ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක්කරන ද්‍රව්‍යයක් වේ. මෙම DCD ප‍්‍රශ්නයේදී 2012 දෙසැම්බර් මාසයෙන් පසු එන කිරිවල DCD තිබිය නොහැකි බවත් ඒ මන්දයත් 2012 වර්ෂයේ දෙසැම්බර් මස සිට නවසිලන්ත ගොවිපලවල DCD භාවිතා නොකරන බවත් DCD යන රසායනිකය සති කිහිපයකින් වියෝජනයවන බැවින් ඒවා නැවත නැවතත් ආහාර ද්‍රව්‍යයන්ට එක්නොවන නිසා මින්මතුවට DCD ප‍්‍රශ්නයක් ඇති නොවන බව ෆොන්ටෙරා සමාගම ප‍්‍රකාශ කරන ලදී. එසේනම් 2013 වර්ෂය මැදදී ශ‍්‍රී ලංකාවට ආනයකය කළ පිටිකිරිවල DCD හමුවූයේ කෙසේද?

                    මේ ආකාරයටම කිරිවල ඇති මේදය වෙන්කළ විට, ඉවත් කළ මේදය (Butter Fat) මිලෙන් ඉහළවන අතර අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. විසිරි වියලන ලද කිරිපිටිවල මෙම කිරි මේදය 26% ක් ව පවත්වා ගනී. සාමාන්‍ය කිරිවල කිරි මේදය 03% සිට 10% දක්වා වුවද විය හැක. එම නිසා කිරිපිටි හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු 26% වනසේ සකසා ගනී. එහිදී කිරි මේදයෙහි සාමාන්‍ය අගය වියළීමෙන් පසු 26% කට වැඩිනම් වැඩි කොටස ඉවත් කරන අතර එහි අගය 26% කට අඩුනම්, වෙනත් කාණ්ඩයකින් ඉවත්කළ මේදය එක්ොකට අවශ්‍ය ප‍්‍රමාණයට සකසා කිරිපිටි සාදා ගනී. මෙය සාමාන්‍ය ක‍්‍රමවේදයයි.

බොටුයුලිනම් ඇත්නම් එය ප‍්‍රශ්නයකි. නමුත් එය තාවකාලික ප‍්‍රශ්නයකි. එහෙත් DCD, Melamine කලවම් කර එවන ඊනියා නැවුම් එළදෙනුන්ගෙන් යයි කියා රූප පෙට්ටියෙන් නුවණක්කාර ගැහැණුන්ට විකුණන කිරිපිටි යනු ප‍්‍රශ්නයේ සැබෑ සදාකාලික ප‍්‍රශ්නය වේ. එය පාරිභෝගිකයා ලෙඩකරවන අතර රටේ ආර්ථිකයේ ගෙල සිරකරයි. අවසාන වශයෙන් දේශීය කිරි ගොවියා වලපල්ලට යවා සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නවසීලන්ත බහුජාතික සමාගම්වල සේවකයින් බවට පත්වනු ඇත.

ඇත්ත කෙටියෙන්

Whey Protein
හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක‍්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක.

Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ‍්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්‍ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත ප‍්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුවඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල මොළය වඩනඑළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි
සභාපති
ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය