Wednesday, October 30, 2013

කැසිනෝ හා බදු සහන

 අද හැමෝම කථා කරන්නේ කැසිනෝ ගැනනේ.ඒ හින්දා මමත් ඒ ගැන යමක් ලියන්න කල්පනා කරා.මුලින්ම කියන්න ඕනි මේක කිසිම දේශපාලන දෙයකට සම්බන්ද නැතිබව.අද දේශපාලකයන් කියන්නේ,කරන්නේ කිසිම තේරුමකට නැති කථා හින්ද.
මොකද කියනවනම් ලංකාවට කැසිනෝ ගෙන්න මුලිකව කටයුතු කරේ එජාප ය නිසා.80 අග භාගයේ ජෝසිම් කියන කැසිනෝ ව්‍යාපාරිකයාට බදු සහන දීල ගෙන්න ගත්තේ එජාප වගේම එදා එකට විරුද්දව කැගැහුවේ මහින්ද රාජපක්ෂ නිසා.ඒ නිසා අද මේ හැමෝම ජනතාවට කරන්නේ නිකන්ම විහිළුවක් විතරයි.

මුලින්ම කියන්න ඕනි මම කැසිනෝ වලටත් බදු සහන දෙන එකටවත් විරුද්ද නෑ.මොකද අදටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියන නිසා.ලංකාවේ දැනට තියන කැසිනෝවක් ගැන විස්තර මෙතනින්.
හැබැයි කැසිනෝ වලට බදු සහන දෙන එකට විරුද්ධව යමක් කියන්නයි මම මේ හදන්නේ.ඇයි අපේ අය මේ ජේමිස් පැකර්ටම බදු සහන දෙන්න හදන්නේ?එයා කෝටිපති ව්‍යාපාරිකයෙක් හින්දම විතරද?අපි හැමෝම දන්නවනේ ලංකවේ දේශපාලුවන්ගේ හැටි.කොමිස් කුට්ටියක් දෙනවනම් ඕන දෙයක් කරගන්න පුළුවන්නේ.ජේමිස් පැකර් කියන්නෙත් අන්න ඒ වගේ වැඩ වලට නමක් තියන කෙනෙක්.මෙයාගේ පරණ වැඩක් මෙතනින් බලාගන්න පුළුවන්.
එකෙන්ම හිතා ගන්න පුළුවන්නේ අපේ අයියලා මෙයට බදු සහන දෙන්න හදන්නේ ඇයි  කියල.මේවගේ ලංකාවේ සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රතිලාබයක් නොලැබෙන දෙයකට බදු සහන දෙන්න හදන වෙලාවේ,ඇයි අපේ දේශපාලුවන්ට බැරි රටට ප්‍රතිලාබයක් ලැබෙන ව්‍යාපාර වලට බදු සහන දෙන්න බැරි?
පුල්මුඩේ ඛනිජ වැලි නිකන්ම පිටරට පටවන්නේ නැතුව ඒවා භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික් උපාංග(semiconductors )නිෂ්පාදනය කරන්න කියලා ඒ වගේ සමාගමකට මේවගේ බදු සහන දෙන්න බැරි?ඒ වගේ සමාගමක් නිෂ්පාදන ආරම්භ කරොත් ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදනය කරන සමාගම් ලංකාවේ එයාලගේ කර්මාන්තශාලා ආරම්භ කරනවා.ඒ හරහා කීදෙනෙක්ට රැකියා හම්බ වෙනවද? ඒවා මේ කැසිනෝ හරහා වක්‍රාකාරයෙන් ඇති වෙන ගණිකා ව්‍යපාර වලින් අපේ අසරණ අක්කල,නංගිලා විනාස වෙනවට වඩා කොච්චර හොද රැකියාද ?
ඒ වගේ" Made in Sri Lanaka " කියලා තියන ජංගම දුරකතන,ලැප්ටොප් වගේ උපකරණ වෙළදපොලේ දකින්න ලැබෙන එක කැසිනෝවකින් හිගන්නෝ වෙනවට වඩා හොද නැද්ද?

අපි විදේශිකයන් අමතක කරලා හිතමුකෝ.ඇයි මේවගේ බදු සහන 100% දේශීය ව්‍යපාරකයන්ට දෙන්න බැරි?ඒ හරහා ලැබෙන සියලුම ප්‍රතිලාභ 100% ලංකව තුලම අපේ ජනතාවට ලැබෙනවනේ.
කැසිනොවකින් ප්‍රතිලාබ ලැබෙන්නේ කී දෙනෙක්ටද?ඒවගේද අපේ දේශීය ව්‍යපාරකයන් හරහා අපේ මුළු රටටම ප්‍රතිලාබ ලැබෙනවනේ,දේශීය ආර්ථිකය කොතරම් ස්ථාවර වෙයිද?
වසර 10කට කැසිනෝ වලට දෙන මේ බදු සහනය වසරකට අපේ ව්‍යපාරිකයන්ට දුන්නොත් මේ රටට කැසිනොවෙන් වසර 100ක් තිබිලා ලැබෙන (ලැබුනොත්) ප්‍රතිලාබ වලට වඩා දහස් ගුණයකින් ප්‍රතිලාබ ලක්ෂ 200ක් වෙන අපේ සියලුම ජනතාවට ලැබෙනවා.
අන්තිම වශයෙන් මම කියන්නේ රටක් දියුණු වෙන්න ඒ රටේ ව්‍යාපර,කර්මාන්තශාලා තියෙන්න ඕනි.ඒවාට ආයෝජකයන්ට බදු සහන දෙන්න ඕනි.හැබැයි ඒ බදු සහන දෙන්න ඕනි කිහිපදෙනෙක්ට විතරක් ප්‍රතිලාබ ලැබෙන කැසිනෝ වගේ ව්‍යාපර වලට නෙවෙයි.රටේ සියලුම ජනතාවට ප්‍රතිලාබයක් ලැබෙන ව්‍යාපාර වලට.මොකද ජනතාව දේශපාලකයන් පත් කරන්නේ රටටත් ජනතාවටත් සේවයක්,ප්‍රතිබයක් ලැබෙන දේවල් කරන්න මිසක් තමන්ගේ සාක්කු පුරවගන්න නොවෙන නිසා.

4 comments:

  1. Replies
    1. eth meka godak ayata terenne nane bn.ekai awla.
      wishesyanma desapaluwanta :D

      Delete
  2. lankave casino tiyenne eka tanaka vitarak nemey machan colombo dan tiyana tatve hatiyata oka a taram deyak nevey..

    ReplyDelete
    Replies
    1. ow bn..mamath eka thamai kiyanne.casino newei prasne.ekata denna yana badu sahanaya.
      eka wena wyaparayakata denna kiyala.

      Delete

please put your comment here