Monday, April 14, 2014

අන්තවාදයද, ජාතිවාදයද, මෝඩකමද?

අලුත් අවුරුදු දවසේ මේවගේ පොස්ට් එකක් දන්න උන එකනම් ඉතින් දුකයි, එත් වෙන දේවල් දැක්කම නොලිය ඉන්න බැරිකමට ලියන්නේ.
මේ දවස්වල සිංහල ජාතිවාදයක්,මුස්ලිම් අන්තවාදයක් ගැන කථා වෙනවනෙ.ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?
එකනම් කාටවත් තේරුම් ගන්න අමාරු දෙයක්. මොකද මේ වෙන දේවල් කිසි තේරුමක්, ගැලපීමක් නැති බොරු දේවල් නිසා.
බලසේන වල ඉන්න හාමුදුරුවරු කියන කථා බොරු නෙවෙයි. එත් ඒවා ක්‍රියාවට නගන විදිහ නිසා වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක විතරයි.
මම දන්නා විදිහට බුදු හාමුදුරුවෝ දේශනා කරලා ප්‍රශ්ණයක් ඇති උනාම එකට විසදුම් හොයන්න ක්‍රමයක් තියනවා.
1) ප්‍රශ්නය  2) ප්‍රශ්නය ඇති වෙන්න හේතුව  3) ප්‍රශ්නය නැති කිරීම  4) ප්‍රශ්නය නැති කිරීමේ මාර්ගය.
මම මේ දේවල් ඔස්සේ මට තේරෙන විදිහට මේ ප්‍රස්නේ කථා කරන්නම්කො.
මෙතන තියන ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ මුස්ලිම් ප්‍රජාව හැමතැනම වියාප්ත වීම. සමාජීය ආර්ථික වශයෙන් හැම තැනම පැමිණීම. ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් මුස්ලිම් සහෝදරයෝ නෙවෙයි. අන්තවාදී අදහස් තියන සුළු පිරිසකගේ ක්‍රියා නිසා මේ හැම දේම ව්‍යාකුල වීම, එකටම පොර දන්න ගානට සෙට් වෙච්ච අපේ සුළු සිංහල අන්තව්දිනුත් ඉන්න එක..
දැන් බලමු කොහොමද මුස්ලිම් ප්‍රජාව මෙච්චර ඉක්මනට හැමතෙනම ව්‍යාප්ත වෙන්නේ? ප්‍රදාන වශයෙන්ම ඔවුන්ගේ පල්ලි හරහා තියන මුල්‍ය ශක්තිය. කොහොමද එතකොට මේ මුල්‍ය ශක්තිය ලැබෙන්නේ?
ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් රටවලින් ලැබෙන ආධාර හා ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන මුදල් වලින්.
මේ හරහා ලැබෙන මුදල් පල්ලි හරහා නියම කළමණාකාරණයක් යටතේ සෑම සියලුම අංශ වලට ව්‍යාප්ත කිරීම.
මේ හේතු තමයි ප්‍රශ්න හා ප්‍රශ්නය ඇතිවීමට මුලිකම හේතුව.
දැන් බලමු මේ ප්‍රශ්නය නැති කරන විදිහ.
බලසේන වල හාමුදුරුවරු කියන්නේ සිංහල මනුස්සයන්ට මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලනේ. එක ඇත්ත. එත් එහෙම කිව පලියට හරියන්නේ නෑ. මම මුලින් කිව විදිහට ඇයි මිනිස්සු මුස්ලිම් කඩ වලට යන්නේ? මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ මිලදී ගන්නේ. අන්න එකයි අපි හොයල බලන්න ඕනි.
ප්‍රධාන වශයෙන්ම ඔවුන් යොදා ගන්න ව්‍යාපාරික උපක්‍රම..මොනවද මේ උපක්‍රම, වෙළදසල ආකර්ශනීය විදිහට පවත්වාගෙන යෑම, පැමිණෙන පාරිභෝගිකයන්ට සලකන විදිහ, භාණ්ඩ වලට ලබාදෙන වට්ටම්. 
දැන් මේක නවත්තන්නේ කොහොමද? එකට මුස්ලිම් කඩවලට යන මිනිසුන්ට බිත්තර ගහලවත්, හූ  කියලවත් කරන්න බෑ. ඇත්තටම මේකෙන් වෙන්නේ, මේකෙන් වෙන්නේ ඒ කඩවලට අමතර ප්‍රචාරයක් ලැබෙන එක විතරයි. හරියට සිගරට් සමාගම් වලින් මාස 2කට 3කට පාරක් ඔබ තාමත් සිගරට් බොන මෝඩයෙක්ද කියල පෝස්ටර් ගහනවා වගේ තමා.
මේකෙන් මිදෙන්න අපි මොකක්ද කරන්න ඕනි. ඉස්සෙල්ලම බලසේන වල හාමුදුරුවරු මේකයි හිතන්න ඕනි. සිංහල ව්‍යාපාරික ප්‍රජාව එකමුතු කරන්න ඕනි. සිංහල ව්‍යාපාරිකයන්ගේ සංගමයක් පිහිටවල ඒ හරහා සිංහල ව්‍යාපාරික ප්‍රජාවට අලුත් දැනුම, නව නිෂ්පාදන හදුන්වල දෙන්න ඕනි. ඒ වගේම කඩවලට එන ගනුදෙනු කරුවන්ට ව්‍යාපාරික ස්ථානය ප්‍රියජනක ස්ථානයක් කරන්න ඕනි.
ඒ වගේම අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න සිංහල ව්‍යාපාරිකයන්ට මුල්‍ය වශයෙන් ආධාර, උපදෙස් ලබා දෙන්න ඕනි. මුල්‍ය අරමුදලක් පිහිටවල ඒ හරහා පඩුලබන සිංහල ව්‍යප්රිකයන්ට සහන ණය ලබාදීම හෝ අදාල ව්‍යාපාරය ඒ සංගමයට ලබාගෙන නැවත දියුණු කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනි.
මේ දේවල් කරන්නේ නැතුව බොරුවට කුණුහරප කියා කියා කැගැහුවට වැඩක් තියද?
මේ දේවල් හරියට සැලසුම් සහගතව සිද්දවෙනවන්ම් මේ බලහත්කාරෙන් සිංහල මිනිස්සුන්ගේ ඔලුව උඩ දන්න හදන ජාති අලය නික්ම මිනිස්සු අතරට යනවා.
දැන් මේ කරන්නේ ඇත්තටම මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍ය විදිහේ වාතාවරණයක් නිකන්ම හදල දෙන එක.
අනිත් වැදගත්ම දේ මේ හැමදෙයක්ම අවසානයක් දක්වා අරං යන්න ඕනි. අර පහුගිය කලේ අගක් මුලක් නැතුව කෑගහල හලාල් මාර්කට් කරලා නැවැත්තුව වාගේ නැතුව. ඇනිත් ප්‍රධනම දෙය තමා මේ බලසේන වලට තියෙන්නේ මාසේ වේල කැම්පේන් වැඩසටහන්. එහෙම නැතුව දීර්ග කාලීනව සැලසුම් සහගතව වැඩ කරනවනම් මීට වඩා විශාල ජන සහභාගිත්වයක් ලබා ගන්න පුළුවන්.
එහෙම නැතුව මේ වගේ ගහේ අතු කප කප ගියාට වැඩක් නෑ. මොකද ගහක අත්තක් කපනවා කියන්නේ අතනින් තවත් අංකුර දාලා ගහ තවත් විශාලෙට වැඩෙන එක විතරයි.
මගේ එකම ප්‍රාර්ථනාව මේ හරක් වැඩ කරන්න මෝඩයන්ගේ මොලේ පැදිලා මේ අලුත් අව්රුද්දෙ ඉඩන්වත් අලුත් ගමනක් යයි කියල.




Friday, February 14, 2014

ෆේස්බූක්

අද අපි හැමෝටම වගේ facebook ගිණුමක් තියනවනේ.එත් ලංකාවේ ගොඩක් අය තාමත් ෆේස්බූක් කියන්නේ කළුද,සුදුද කියලවත් දන්නේ නෑ. එහෙම ඉන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ ෆේස්බූක් කියන්නේ අසභ්‍ය දේවල් තියන වෙබ් අඩවියක් කියලා .
 මේ ලගදි කුරුණෑගල පැත්තේ ස්කොලෙක ළමයෙක් සියදිවි නසා ගන්නත් මුල් වෙලා තියෙන්නේ මෙන්න මේ කළු මාරයා තමා. මට හිතෙන විදිහට ඒ පාසලේ විදුහල්පති හිතන් ඉදල තියෙන්නේ ෆේස්බූක් කියන්නේ මහා අසභ්‍ය වෙබ් අඩවියක් කියලා . ඒ නිසාමනේ ඒ ළමයට ෆේස්බූක් එකේ ෆොටෝ එකක් දැම්ම කියලා දරුණු විදිහට බැනල තියෙන්නේ.
ඇත්තටම ඇයි මිනිස්සු අතර ෆේස්බූක් ගැන මේවගේ වැරදි චිත්‍රයක් තියෙන්නේ? ප්‍රදාන වශයෙන්ම මාධ්‍ය විසින් ඇති කරලා තියන වැරදි චිත්‍රය තමා. අපේ මාධ්‍ය නිදහසක් ගැන කථා කරා උනාට කව්රුවත්ම මාධ්‍ය සදාචාරය ගැන කථා කරන්නේ නෑ.අද අපේ රටේ තියන ගොඩක් මාධ්‍ය කරන්නේ ජනතාවගේ දුක විකුණන එකයි, පුහු දේවල් මහා ලොකුවට මවාපාන එකයි තමා.
ෆේස්බූක් වැටෙන්න අන්න ඒ මවාපාන පුවත්ගණයට. ගොඩක් සතිඅන්ත පත්තරවලට අනුව ෆේස්බූක් කියන්නේ කොල්ලන්ට,කෙල්ලන්ට බොන්න කුඩු ගහන්න,සෙක්ස් කරන්න බීච් පාර්ටි සෙට් කරන, අහිංසක කෙල්ලන් (එහෙම අය ඉන්නවනම්) එයාලව බිලී බාගන්න බලාගෙන ඉන්න සල්ලාලයන්ගේ පාරාදීසයක්.කෙල්ලන්ගේ ෆොටෝ දාලා කප්පන් ගන්න පුලුවන් තැනක් කියලා.
ඒ අතින් බලපුවම මිනිස්සු  එහෙම හිතන එකේ  වරදක් නෑ.
අපේ  හල් පාරූ දෙසපලුවන්ගේ හැටියටනම් ෆේස්බූක් කියන්නේ මේ ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පෙරලන්න බලාගෙන ඉන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.
 හැබැයි මම මේකෙන් කියන්නේ නෑ ෆේස්බූක් කියන්නේ 100% පිවිතුරු වෙබ් අඩවියක් කියලා.ඒක හරියටම කිවොත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වාගේ තැනක්. එත් ඉතින් අපේ ගොඩක් අයට යන්නේ කොහෙද කියන එක අමතකයිනෙ. ඒ වගේ සිද්දි නිසා සම්පුර්න වැරැද්ද මාධ්‍ය කියලම කියන්නත් බෑ.
අපේ ජනතාව කවදා ෆේස්බූක් ගැන නියම අවබෝධයක් ලබා ගනීද දන්නේ නෑ..හැබැයි එහෙම අවබෝදයක් ලැබුන දවසට ෆේස්බූක් හරහා ගන්න පුළුවන් හොද දේ විතරක් ගන්න පුරුදු වෙයි.

Monday, February 10, 2014

ජිනීවා

මට මේක ලියන්න හිතුනේ හවස නෙත් පුවත් වල " ජිනීවාවල කුමක් වෙයිද ?" කියන දේ අහිලා.
 ඇත්තටම ජිනීවාවලදී අපට මොකක් වෙයිද? ඇයි අපට මේවගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ද උනේ? මේකෙන් අපට ගැලවීමක් නැද්ද?
මට හිතෙන හැටියටනම් මේ ප්‍රශ්නෙට මුලිකවම වග කියන්න ඕනි ආණ්ඩුව..ආණ්ඩුවේ අකාර්යක්‍ෂම නිලධාරීන්ගේ අනුවණ ක්‍රියා කලාපය මේ ප්‍රශ්නේට මුලිකවම බලපානවා. ප්‍රධාන වශයෙන්ම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විදිහට ගොට්ටන් පත් කිරීම. යුරෝපිය රටවල ඉන්න සමහර නිලධාරීන්ගෙන් ඒ රටවල ජිවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ මුලික අවශ්‍යත්වත් ඉටු නොවෙනවා කියන එක දැන් ගොඩ දවසක ඉදන් තියන පැමිණිල්ලක්. එත් අද වෙනකම් ඒ වගේ නිලධාරීන්ව මාරු කිරීමක් වෙලා නෑ ,ඒ වෙනුවට දක්ෂ නිලධාරීන්ව මාරු කිරීම විතරයි වෙන්නේ මොකද අදක්ෂයන් කියන්නේ හොදම ගොට්ටන් වීම නිසා..
මට තේරෙන විදිහට ලංකවේන් පත් කරපු තානාපතින්ගෙන් ක්‍රියාකාරීව වැඩ කරන්නේ බොහොම සුළු පිරිසක්. එංගලන්තයේ ක්‍රිස් නෝනිස් ,ශවේන්ද්‍ර සිල්වා වාගේ තානාපතින්  කිහිප දෙනෙක් විතරයි.
මෙන්න මේ හිඩසෙන් රිංගල තමයි ඩයස්පෝරාවේන් ශ්‍රී ලංකවට විරුද්දව විශාල ප්‍රචාරයක් යුරෝපය පුරා අරන් ගිහින් ලංකවට විරුද්දව ජිනීවා වලටම චෝදනා අරගෙන යන්නේ.එත් මේ වෙනකම් ආණ්ඩුව මේ  හිඩැස වහන්න තාමත් අපොහොසත්.නමුත් මේ හිඩැස වහ ගන්න යොදන තාවකාලික පැලැස්තර වලින් මේ ප්‍රශ්නේ තවත් දරුණු වෙන එක විතරයි වෙන්නේ.
අද සිද්ධ වෙලා තියෙන්නේ LTTE සංවිධානයෙන් කරපු යුධ අපරාදයක් උනත් ශ්‍රී ලංකා හමුදාවෙන් කරපු අපරාදයක් විදිහට ජාත්‍යන්තරය පිළිගන්න තත්වයක්  උදාවීම.මේකට මුහුණ දෙන්නම් කරන්න තියන මුලිකම දේ තමා අපේ දුර්වලත්වයන් හදා ගැනීම.
 මුලිකවම රාජ්‍යතාන්ත්‍රික නිලධරීන් විදිහට දක්ෂ,අවංක නිලධාරීන් පත් කිරීම.එකේදී දේශපාලන වශයෙන් ඒ නිලධාරීන්ව වෙන් නොකළ යුතුයි..අනිත් ප්‍රධානම දේ අපේ දේශපාලකයන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීම..අපේ ජනාධිපති තුමාගේ පවා ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව අඩුයි.මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම වලදී එකට උත්තර දෙන්න යන කාලය,උත්තරයේ ස්වභාවය ජාත්‍යන්තරය සමග මේ වගේ සංවේදී දේවල් වලදී ඉතාමත් වැදගත්..උදාහරණයක් විදිහට ක්‍රිස් නෝනිස් තානාපතිතුමා CNN මාධ්‍ය ආයතනයට පිළිතුරු සැපයුවා වගේ උත්තර දෙන්න අපේ අනිත් නිලධාරීන්ගේත් ඉංග්‍රීසි දැනුම වැඩි කරන්න ඕන.
 තවත් ප්‍රදානම දෙයක් වෙන්නේ අපේ රටේ කුහක දේශපාලනය..මට කැනඩා ජාතිකයෙක් මිතුරෙක් විදිහට අන්තර්ජාලයෙන් හම්බ උනා..ඒ මනුස්සයාගේ මොළේ සම්පුර්නෙන්ම හෝදලා තියෙන්නේ..එක කරලා තියෙන්නේ වෙන කව්රුත් නෙවෙයි,මේ අපේ රටේ ජිවත් වෙන කුහක දේශපාලන අදහස් තියන මිනිස්සු.මේ වාගේ රට ගැන නැතුව තමන්ගේ බඩ ගෙන හිතන මිනිස්සු නිසා කවදා හරි ඒ මනිස්සුන්ගේම දරුවන්ට දුක් විදින්න වෙනවා කියන එක හිතන්නේ නෑ.
 උතුරේ දේශපාලකයන් මේ විදිහට හිතු හිතු විදිහට වැඩ කරන්නේ ඔවුන් නිවැරදිව අපේ ආණ්ඩුවේ දුර්වලතා හදුනා ගෙන තියන එක.අඩුම ගානේ ඔවුන්ගේන්වත් ආදර්ශයක් අරන් අපේ දෙසපලුවෝ හැදුනොත් අපිට මේ ප්‍රස්නෙන් නිවැරදිව ගොඩ යන්න පුළුවන්.මොකද මේ කරන මානව හිමිකම් චෝදනා 100% අසත්‍ය ඒවා නිසා...හැබෙයි මේ දෙසපළුවන් මේ විදිහට ක්‍රියා කරොත් ඔයදේ සම්පුර්නෙන් අනිත් පැත්ත පෙරලෙන්න පුළුවන්.දැනටමත් තුවාලේ හැදිලා තියන නිසා.

Monday, February 3, 2014

Sherlock Holmes Complete book.

 If you love Sherlock Holmes you can download the full edition of Sherlock Holmes written by Sir Arthur Conan Doyle.
Sherlock Holmes Complete book.