Sunday, March 22, 2015

ජාතික ගීය කාගේදෝ II

මගේ කලින් පොස්ට් එකේ කිව්වා වගේම දැන් දැන් ජාතික ගීයේ වැඩේ නැගල යනවනේ හිටන්. බේබදුසර හොදට සද්දේ දාල කිව්වේ දැන් මේ රටට වෙන්න යන මහා ව්‍යසනය ගැන. එයා කියනවා ව්‍යවස්ථාවෙන් අවසර දීල තියෙන්නේ සිංහලෙන් කියන ජාතික ගීයට විතරයි, වෙන භාෂාවකින් කියනවනම් එක ව්‍යවස්ථාව උල්ලන්ගනේ කරලා කියල හිටන්. පව් ඉතින් එයට රට ජාතිය බේරගන්න වැඩ තියන හන්ද අමතක වෙන්න ඇති මාර්තු 2දා එයාගෙම සෙට් එකේ කට්ටියක් දළදා මාලිගාව ඉස්සරහ වෙනම ශ්‍රී ලංකික ජාතික කොඩියක් උස්සන්න හැදුව කියල හිටන්, එහෙම නෙත්නම් ඉතින් බේබදුසර ව්‍යවස්ථාව කියල හිතන ඉන්නේ බීල ගිහින් මාර්ග නීති කඩමරම දඩුවම් කරන කෑල්ලට විතරද දන්නේ නෑ හිටන්. මේ තියන ජාතික කොඩිය සිංහලයට  අගෞරවයක් නම්  නාමල් බේබි දළදා මාලිගාව ඉස්සරහ ගැණු හෙළුවෙන් නටවල රේස් පැද්ද එක බෙබදුසරට මහා ගෞරවයක් වෙන්න ඇති හිටන්.

එත් එයාගේ මෝඩ තර්කෙට හොද උත්තරයක් බේබදුසර වගේම මහින්ද මමී ගෙන්න ෆුල් ගේමක් ගහන වාසු දුන්නනේ පාර්ලිමේන්තුවේදී. එක හන්ද ඉතින් එක ගැන කතා කරලා වැඩක් නැනේ හිටන්.

ඇත්තටම මේ ජාතික ගීය මොන භාෂාවෙන් හරි කියන එකද මේ රටේ තියන ලොකුම ප්‍රස්නේ?
සිංහල වේවා, දෙමල මොකා උනත් සාමාන්‍ය මනුස්සයට ජාතික ගීය කියන භාෂාවට වඩා වැදගත් ප්‍රසන මේ රටේ තියනවා. ඒවා වහගන්න පක්ෂ, විපක්ෂ දේශපාලුවෝ කාලෙන් කාලෙට ගෙන අටක නාටක තමයි මේවා. එක කාලයක් හලාල් අල්ලාගෙන දැගලුව, දැන් එහෙම එකක් කරාද කියලවත් මතක නෑ මේ කට්ටියට.

හැබෙයි බේබදුසරටනම් ඊට වඩා ලොකු ප්‍රස්නයක් තියනවා වගේ. එයට අර 83 ජුලි වල එඩිතර,දේශමාමක සිංහල සේනාවක් දෙමළුන්ගෙන් මේ සිංහල රට බේරගන්න කරා වගේ දෙයක් කරන්න ඕනි වෙලා වගේ. එකටම සෙට් වෙන හොද දේශමාමක කියාගන්න නියම තක්කඩි ටිකකුත් ඔය සේනා වටේ සෙට් වෙලා ඉන්නවා. 83 දෙමලු මරනවා කියල කරේ දෙමල මිනිස්සුන්ගේ ගෙවල්, කඩ වලට හොද සුද්දයක් දීපු එකනේ. අන්න ඒ දේම තම ඉතින් මේ පාරත් මේ කරන්න හදන්නේ. රට ජාතිය බේරාගන්නවා කියල අය පාරක් දෙමල, මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ටිකයි, ගෙවල් ටිකයි හොදට සුද්ද කරන්න. ඊට පස්සේ මොකුත්ම කරේ නෑ වගේ ඉන්න. අලුත්ගම සිද්දියට පස්සේ රගපපු හැටි දැක්කනේ හිටන්.

මේ සේනා වල කට්ටියට ඕනි අන්න ඒවගේ දෙයක් කරන්න මිසක් මේ රට බෙරගන්වත්, සිංහල ජාතිය , බුදු ධහම බෙරගන්නවත් නෙවෙයි. ඇත්තමනම් සිංහල ජාතියටයි, බුදු ධහමටයි තියන ලොකුම ප්‍රස්නේ තම්බින්වත්, දෙමලුන්වත් නෙවෙයි. රට ජාතිය බේරගන්න ඉන්නවා කියන බේබදුසර වගේ කට්ටිය මෙහෙයවන සේනා තමා. එකත් හරියට ISIS උන් ඉස්ලාම් ආගම බේරගන්න කරන මහා සංග්‍රාමය වගේ තම. එකෙන් දවසෙන් දවස වෙන්නේ ඉස්ලාම් ආගමයි, මුස්ලිම් මිනිස්සුයි මුර්ගයෝ වගේ ජාතියක් කියල ලෝකේ ඉස්සරහ නොන්ඩි වෙන එකනේ හිටන්.
පන්සිල් පද 5 වත් රකින්නේ නැති මේ වගේ බේබද්දෝ පස්සේ ගිහින් තමනුත් විනාස වෙලා මේ රටත් කාබාසිනියා කරන්න එපා. මොකද සිංහල ජාතිය රැක ගැනීමවත් බුදු දහම ආරක්ෂා කරගන්න එකවත් කරන්න ඕනි මේ බේබද්දෝ කියන විදිහට නෙවෙයි. අනිත් වැදගත්ම දේ තමයි 83දී බේබදුසර වගේ සෙට් එක කරපු ගොන් වැඩෙන් උනේ මේ රට අවරුදු 30න් ආපස්සට ගිහින් රටේ දියුණුවට වැඩ කරන පුළුවන් තරුණ කොල්ලෝ දාස් ගානක් මැරුන එක විතරයි.

Thursday, March 19, 2015

ජාතික ගීය කාගේද?

රැජින නටගමෙන් පස්සේ පටන් ගන්න යන අලුත්ම නාටකය තමයි ජාතික ගී නාටකය.
අද හෙටම තුම්මුල්ලේ විමලේ, බෙබදුසාර ස්ටේජ් වලට නැගල කැගහයි ඕක ගැන කියවල. මේක මහා පාවාදීමක්, රටේ ස්වෛරීත්වයට , භෞමික අඛණ්ඩතාවයට මහා විපතක්, රට බෙදන්න යන්නේ කියල. ෆේස්බූක් බයියෝ දැනටමත් ඉතින් රට ජාතිය බේරගන්න යුධ ප්‍රකාශ කරලා ඇත්තේ. එත් ඇත්තටම මේක එච්චරටම ලොකු දෙයක්ද?
ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටනම් මේක අලුත්ම අත්දැකීමක් තමයි. ( හැබැයි මට මතකයි මේ මාතෘකාව මීට කලින් කරලියට ආපු වෙලාවේ ස්වර්ණවාහිනියේ පෙන්නුවා වැදී භාෂාවෙන් ශ්‍රී ලංකා ජාතික ගීය කියනවා)
එත් රාජ්‍ය භාෂා කිහිපයක් තියන රටවල් වලටනම් මේක මහා ලොකු අරුමයක් නෙවෙයි. එක ගැන වැඩි විස්තර මෙතන   තියන විකිපීඩියා පිටුවෙන් කියවන්න පුළුවන්.

එත් ඇයි අපේ කට්ටිය මේක මහා ලොකු මාතෘකාවක් කරගන්න හදන්නේ? ඒ වෙන මොකුත් හන්ද නෙවෙයි හැමදාම පුරුදු විදිහට රටේ තියන වැදගත් ප්‍රස්න අමතක කරලා කොහෙවත් නැති වැඩකට නැති මගුලක් මාර්කට් කරලා තමන්ගේ සාක්කු පුරවගන්න. පහුගිය දවස් ටිකේ කට්ටියක් ජාතික කොඩිය වෙනස් කරගෙන නාටකයක් නැටුවේ අන්න ඒ වගේ. එත් අපේ මිනිස්සු මේක තේරුම් නොගෙන කවුරුහරි වෙනුවෙන් බොරුවට පෙනී ඉන්නේ ඇයි කියන එකනම් ලොකු ප්‍රස්නයක්.

මේ රටේ තියන ලොකුම ප්‍රස්නේ තමා මේ වගේ දේවල් වලට දෙපැත්තේම ඉදන් උල්පන්දම් දෙන දේශපාලුවෝ. එවුන්ට මේ රට තිබුනත් එකයි, නැතත් එකයි. උන්ට ඕනි මොන විදිහකට හරි තමන්ගේ දේශපාලනික පැවැත්ම තියාගන්න. අපේ බොරු ජාතික වීරයෝ වෙන්න හදන ෆේස්බූක් කට්ටියට කරන්න තියෙන්නේ ජාති, ආගම් පැත්තක තියල මේ වගේ බොරුවට රගපාන දේශපාලුවන්ට විරුද්දව කතා කරන එකයි හිටන්.
පුද්ගලයෙක් දේශපාලනේට එන්නේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න මිසක් ජන වර්ගයක් වෙනුවෙන් හරි තවත් ජනවර්ගයක් පාගල දන්නා නෙවෙයි.අවංක දේශපාලකයෝ, විද්වතුන්, සාමාන්‍ය ජනතාව හැටියට කල්පනා කරන්න ඕනි මේ රටේ උඩු දුවා තියන දුෂණය, වංචාව නවත්තන්න. වැරදි කරපු කවුරු උනත් දඩුවම් කරලා, හොරකම් කරපු දේපල රාජසන්තක කරන්න.

මේ වගේ සුළු දේවල් මහා ලොකු දේවල් විදිහට මවා පාන්නේ අත්මර්තකාමී දේශපාලුවෝ තමන්ගේ පැවැත්ම පවත්වා ගන්න. මේ වගේ දේවල් වලට උඩගෙඩි දීගෙන මිනිස්සුන්ව කොටවන්න වැඩ කරන්නේ ඒ වගේ දේශපලුවොන්ගෙන් තමන්ට වැඩක් කරගන්න බලාගෙන ඉන්න හෙන්චයින්ට. උන් දෙගොල්ලන්ටම මේ රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ පටු අරමුණු ටික ඉටු කරනගන්න තියනවනම්. එහෙම නැතුව සාමාන්‍ය සිංහල, දෙමල, මුස්ලිම් කියල බේදයක් නැතුව හැමෝටම ඕනි තමන්ගේ ළමයින්ට හොදට උගන්නගන්න, කෑම බිම ටික හොදට ලබල දෙන්න මිසක් රටේ කැල්ලක් පාලනේ කරන්නවත්, වෙනම ජාතික කොඩි, ජාතික ගී උස්සන්න කියන්න නෙවෙයි.

රටේ දියුණුවට වැඩක් වෙන ක්‍රියාමාර්ග වලට මුලිකත්වේ දීල කටයුතු කරන දේශපලුවන්ව විතරක් පාර්ලිමේන්තු යවන එක සාමාන්‍ය ජනතාව හැටියට අපේ යුතුකමක්.. එහෙම නැති උනොත් අපිට තව අවුරුදු 100ක් ගිහිනුත් සුද්දන්ට ජංගි මහ මහ, අපේ අක්කල අම්මල අරාබියේ වැඩකාර කමට යවල තමයි රටට ඕනි විදේශ විනිමය හොයන්න වෙන්නේ.

Friday, March 13, 2015

බයියෝ හා ටෝයියෝ

මේ දවස් වල ෆේස්බූක් එකේ බයියෝයි, ටෝයියෝයි දාන පොස්ට් දැකල මේක ලියන්න හිතුනේ.
මේ දවස් වල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තියන ලොකුම ප්‍රස්නේ තමා මෛත්‍රිපාල ගේ ජයන්ති නෝනා එලිසබෙත් රැජිනට අතට අත දෙනකොට නැමුණු එක.
දැන් එතැනදී නැමුන හන්ද බයියෝ ෆෝම් වෙලා කියනවා රට ජාතිය පාවල දුන්නලු. බැරි වෙලාවත් ජයන්ති නෝනා නැමෙන්නේ නැතුව අතට අත දුන්නම් ටෝයියෝ ෆෝම් වෙලා කෑගහනවා, අපේ ජයන්ති නෝනා මහා රැජිනටවත් කොන්ද පාත් කරේ නෑ කියල.
ඇත්තටමන්ම් එකනේ වෙන්නේ.දැන් එතින් ටෝයියෝ ඔබාමල, පාප් වහන්සේ නැමිලා ආචාර කරන ෆොටෝ හොයල, ඒවා එඩිට් කරලා පොස්ට් දානවා. බයියෝ මහින්දයි, නොනයි කොන්ද නැමුවේ නෑ කියල ෆොටෝ හොයා හොයා දානවා. එත් එකද අපේ රටේ කට්ටිය කරන්න ඕනි?
ඔය කොකෙන්වත් අපේ රටේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කන්න හම්බ වෙනවද? ලෙඩට දුකට බෙහෙත් ටිකක් හම්බ වෙනවද?
මට තාම හිතාගන්න බැරි ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ කියල. ඔය කව්රුවත් ඇවිත් අපිට කන්න දෙන්නේ නෑ. තමන්ගේ වාසියට තමන්ගේ පොකට් එක පුරවගන්න හදන්නේ. එත් අපේ මෝඩයෝ, රැයක් දවාලක් නැතුව කොහෙවත් ඉන්න රැජිනකට කොන්ද නාමපු එකක් අල්ලාගෙන දගලනවා.
ඔය කට කටත් ඔච්චරම රට ගැන කැක්කුමක් තියනවනම් තව කරන්න කොච්චර දේවල් තියනවද?
රැයක් දවාලක් නැතුව ෆේස්බූක් එකේ පොස්ට් නොදා, තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ගේ සල්ලි කොච්චර හොරකම් කරාද, ඒවා කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේ විදිහට විප්ලව කරන්නේ නැත්තේ ඇයි?
උදේ ඉදල රෑ වෙනකම් ගාමන්ට් වල රෙදි මහල, තේ වතු, රබර් වතු වල වැඩ කරලා, ඔෆ්ෆිස් වල මහන්සි වෙලා හම්බ කරන ETF/ EPF වලින් කෝටි ගණන් ගසාකපු මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේවගේ විප්ලව නැත්තේ ඇයි?
කුඩු කන්ටේනර් පිටින් ගේන ඇමතිලා ගැන කව්රුවත් කතා කරන්නේ නැත්තේ ඇයි? ගබඩා භාරකරුවෙක් හිටපු මිනිහෙක් අවුරුදු 5න් හෙලිකොප්ටෝර්, ප්ලේන් ගන්න සල්ලි හෙව්වේ කොහෙන්ද අහන්නේ නැත්තේ ඇයි කවුරුවත්ම?
පහුගිය ආණ්ඩුවේ ලිස්ට් එකෙන් ජොබ් ගත්ත හන්ද ඒ ආණ්ඩුව කරපු හැම අවලන් වැඩක්ම හොදයි කියන එකවත්. ඒවා කිසිම දෙයක් වෙනවද කියල දන්නේ නෑ වගේ හිටපු මහින්ද වීරයෙක් කරන්නවත් නෙවෙයි.
මේ  රටේ තියන වැදගත් ප්‍රස්න ගැන දැන්වත් කතා කරන්න. එහෙම නැතුව දැන් තියන ආණ්ඩුවෙන් ජොබ් ගන්න බලාගෙන මහින්ද එක එකට නැමුන ෆොටෝ එඩිට් කරලා දාන එක හරි , ඊළගට පත්වෙන ආණ්ඩුවකින් හරි ලිස්ට්  එකෙන් ජොබ් ගන්න බලාගෙන මෛත්රිපාලගේ නෝනා නැමුන එකේ ෆොටෝ එඩිට් කරගෙන බොරුවට ෆේස්බූක් එකේ වීරයෝ වෙන්න හදන්න එපා. 

මේ රටේ බයි උණ හැදුන උන්ට යුද්දේ වීරයා මහින්ද, ටොයි උණ හැදුන උන්ට වීරයා ෆොන්සේකා. එතකොට ඇත්තටම යුද්දෙට ගිහින් මැරුණ ලලිත් ජයසිංහ වගේ  වීරයෝ ගැන ඔය එකෙක්ටවත් ගානක් නෑ.මේ වගේ අන්ධ භක්තියෙන් තොරව,  දැන්වත් එක එකට කඩේ යන එක නවත්තල තමන්ගේ වැඩක් හරියට කරලා රට හදන්න කලින්,ජිවත් වෙලා ඉන්න ගෙදරට වැඩක් කරලා දෙන්න.
මෙච්චරටම ෆොටෝ එඩිට් කරන්න ආසාවල් තියනවනම්  ඔය බයියෝයි, ටෝයියෝයි www.fiverr.com වගේ සයිට් එකක වැඩ කරලා කියක් හරි හම්බ කරගන්න. මොකද මහින්දවත්, මෛත්රිපලවත් ඔය කාටවත් කන්න ගෙනත් දෙන්නේ නෑ, රෑ එළිවෙනකම් නෙට් යන්න බිල ගෙවන්නෙත් නෑ, ගෙදර ලයිට් බිල ගෙවන්නෙත් නෑ.