Monday, April 18, 2016

මහින්ද සමග නැගිටලා රනිල් සමග නිදාගැනීම

                    කට්ටියටම මතක ඇතිනේ මේ ලගදිත් ඇමතියෝ 3 ක් දිවුරුම් දුන්නනේ. මුන් 3ගෙන් ලොකුම ජෝකාරයා උනේ මනුෂ නානයක්කාර.
                    මිනිහ 2010 රනිලා එක්ක නිදියගෙන රනිල්ගේ චක් ගෝලයෙක් වෙච්ච වජිරට කෙලලා පාර්ලිමේන්තු අවා, ඊට පස්සේ ටික දවසකින් මහින්දගේ දෑත ශක්තිමත් කරන්න කියල පැනල ඇමතිකමකුත් ගත්තද කොහේ..
                    එහෙම ගිහින් 2015 වෙනකොට අයම මහින්ද සමග නැගිටිමු කියල ගෙදර හිටපු මහින්දව විකුණන් පාර්ලිමේන්තු ගිය. ඒ ගිහින් මාස 3ක් යන්න කලින් පලුයන්න පතුරු ගහපු රනිල්ගෙන් ඇමතිකමක් අරගෙන නිදාගන්න ගිය.

ඇයි මම මේ කතාව මතක් කරේ?
                    මේ රටේ දේශපාලුවන්ට පක්ෂයක්, පාටක් ප්‍රතිපත්තියක් නෑ, තමන්ට වාසි කොතනද එතනට පනිනවා. වෙලාවේ හැටියට කවද මාර්කට් කරන්න පුළුවන්, ඒකා මොකා උනත් මාර්කට් කරලා තමන්ට යමක් කරගන්නවා. බැරි වෙලාවත් 2015දී ප්‍රභාකරන්න්ම් මාර්කට් කරන්න පුළුවන් උනේ, මනුශාල වගේ අය ප්‍රභාකරන් සමග නැගිටිමු කියල කැගහල මිනිස්සුන්ව රවට්ටනවා.

එත් අපේ මෝඩයෝ මොකද කරන්නේ? මම කැපුවත්, කොළ, නිල් කියල මැරෙනකම් ගහමරගත්ත.
              දැන් ගොඩක් අය හිතන ඉන්නේ  රනිල් මහින්දව අල්ලලා හිරේ දායි කියල, එත් ඇත්තටම එහෙම වෙයිද? රනිල්ගේ පක්ෂ නායකකමට කෙල වෙන්න යනකොට සිරිකොත ඉස්සරහ පාරට කාර්පට් කරලා රනිල්ව බේරගත්ත මිනිහව රනිල් හිරේ දායි කියල හිතනවද?
             දැන්වත් තේරුම් ගන්න මෝඩයනේ, මේ හැමෝම තමන්ගේ වාසියට වැඩ කරන්නේ, කගේ කාගේත් ගිල්වොට වල තියන හුණු ගැන එයාල දන්නවා. එක හන්ද කවදාවත් අනිත් පක්ෂෙක එකෙක්ට කෙළවන්නේ නෑ අපේ මෝඩ හරක් කරනවා වගේ. උන් දැන් අවුරුදු 70ක් තිස්සේ සමයෙන්, සමගියෙන් මාරුවෙන් මාරුවට මේ රට කාගෙන යනවා.

ඒ බව දැන දැනත් අපේ මීහරක් උන්ටම ගිහින් කතිරේ ගහල එනවා. අන්න එක තම මේ රටට ලබල තියන ලොකුම හෙනේ.

No comments:

Post a Comment

please put your comment here