Friday, November 15, 2013

CHOGM සහ අපේ මෝඩයෝ

අපි හැමෝම දන්නවා අද CHOGM එක ලංකාවේදී පටන් ගන්නවා කියලා.මම මේ කියන්න යන්නේ එක ගෙන නෙවෙයි.ඒ වටා සිදුවන සිද්ධීන් වලට අපේ මෝඩ දේශපාලුවන් හා උන්ගේ හෙංචයියන් ක්‍රියා කරන ආකාරය ගැන.
මේ ගැන සිද්ධීන් කිහිපයක් හරහා මම කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
පලවෙනි සිද්ධිය තමා channel4 එකේ  මැක්රේට උතුරට යන්න නොදී අනුරාධපුරෙන් හරවා අවපු එක.
ඒ මනුස්සයා උතුරට ගියත් නොගියත් ආයමත් ලංකාව අපකීර්තියට පත් කරන්න තවත් වාර්තා චිත්‍රපටි හදනවා.මේ උන සිද්ධියෙන් උනේ ඒ චිත්‍රපටි වලට අනවශ්‍ය වලංගු තාවයක් ලැබුන එක විතරයි.මොකද මෙයා ඒ චිත්‍රපටි වල කියන්නේ මට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇත්ත තත්වය බලාගන්න ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඉඩ දුන්නේ නෑ කියල.
මිනිහා පැහැදිළිවම කීවා අපේ මේ ගමන ගැන දන්නවනම් දන්නේ බුද්ධි අංශයෙන් විතරයි කියලා.
එකෙන් කියන්න හදන්නේ අනුරාධපුරේ සිදුවීම එයාලගේ උතුරු ගමන වලක්වන්න ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් සිදු කරපු දෙයක් කියලා කියන්න.
මේ වගේ දෙයක් ඒ වාර්තා චිත්‍රපටියට දාපු ගමන් මෙහෙ සිද්ධීන් ගැන කිසිම අවබෝධයක් නැති අය ඕන කෙනෙක් හිතන්නේ මේ මනුස්සය කියන්නේ ඇත්තක් කියලා.
ආරක්ෂක අංශ කෙසේ වෙතත් අපි හැමෝම දන්නවනේ මේවගේ ගොන් වැඩක් කරේ දේශපලුවෙක්ගේ උවමනාවට බත් පැකට් එකට කඩේ යන උන්ගේ හෙන්චයියෝ කියලා.
ඇත්තටම තිබ්බේ උන්ව අපහු හරවලා එවන එකද, අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ගාවට එක්කන් ගිහින් LTTE ත්‍රස්තවාදීන් අහිංසක හාමුදුරුවෝවරු,ළමයි,කාන්තාවෝ අමානුෂික විදිහට මරලා දාපු හැටි පෙන්නන් නෙවෙයිද?
ඒ සිද්දීන් පෙන්නන අතරේ අපේ මාධ්‍යවේදීන් ගිහින් ඒ සිද්දීන් ගැන  උන්ට කරන විස්තර,උන් ඒවාට දක්වන ප්‍රතිචාර වගේ ඒවා රුගත කරන්න.මොකද උන් කවමදාවත් ඒවගේ කොටින්ට අපහාස වෙන ඒවා වාර්තා චිත්‍රපටියට දන්නේ නැති නිසා.
ඒ වෙලාවට අපේ මාධ්‍යවේදීන්ට තියෙන්නේ මෙහෙ බොරුවට කෑගහන්නේ නැතුව අපිට හිතවත් ජාත්‍යන්තර මද්‍යස්ථ රුපවාහිනී මාධ්‍ය ආයතන හරහා channel 4 කට්ටියගේ වැඩ පෙන්නන්න.
මේ හැමදේකටම මුල අපේ කිසි උගත් කමක් නැති තක්කඩි දේශපාලුවන්.උන් හිතන්නේ මෙහෙ දේශපාලනේ කරනවා වගේ ජාත්‍යන්තරයත් එක්ක්කත් ගනුදෙනු කරන්න පුළුවන් කියලා.

අපි හැමෝම මතක තියාගන්න ඕනි,මේ ගොඩක් මාධ්‍යවේදීන් මෙහෙ එන්නේ අඩන්න බලාගෙන,මොකද අපේ මාධ්‍යවේදීන් දේශපාලුවන්ට කඩේ ගිහින් තනතුරු වරප්‍රසාද ගන්නවා වගේ උන්ට ජනප්‍රිය වෙන්න,සල්ලි හොයාගන්න පුළුවන් අඩන තරම වැඩි වෙනකොට.
අවසනාවක මහත කියන්නේ අපේ මෝඩ දේශපාලුවන්ට මේක තේරෙන්නේ නෑ.උන් උන්ගේ හෙංචයියන් හරහා මේ අඩන්න බලාගෙන එන්න උන්ගේ ඇහැට ඇගිල්ලෙන් අනිනවා.අනල පස්සේ උන් අපිට මඩ ගහනව කියල බොරුවට මෙහෙ මාධ්‍යවල ගිරේ පුප්පන් කෑගහනව.
මට අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි..අපේ මෝඩ දේශපාලුවෝ උන්ගේ තකතීරු මෝඩකම් නිසා මේ කරන්නේ,
අපේ මාළු අපේ පිට උඩම තියලා කපන්න පිහියත් මුවහත් කරලා දෙන එක.
ඒක  නිසා අපිවත් අපිට පුළුවන් හැටියට ලෝකයට ඇත්ත යථාර්තය පෙන්නන් උත්සාහ කරමු.
මේ පහල තියන video එකෙන් බලාගන්න පුළුවන් උන් කොච්චර අඩන්න බලාගෙනද ඉන්නේ කියල.




මම මේ බ්ලොග් එක පලකරාට පස්සේ දැකපු වීඩියෝවක් නිසා මේකට යමක් එකතු කරන්න හිතුවා.
මම කිවා  වගේ අපේ දේශපාලුවෝ ජාත්‍යන්තරය හා මාධ්‍ය එක්ක ගනුදෙනු කරන්න දන්නේ නෑ.එත් වාසනාවකට වගේ අපිට ජාත්‍යන්තරයට දැනෙන්න කථා කරන්න පුළුවන් ඉතාම සුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ඉන්නවා.
මේවගේ කොන්ද කෙලින් තියාගෙන කථා කරන නියම ශ්‍රී ලාංකිකයන් දකිනකොටත් ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්.
මෙහෙ බොරුවට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල බෙරිහන් දෙන වීරවංශලා ,මම එහෙම දෙයක් දන්නේ නෑ කියල කියන කෙහෙළියලා ,ඕන දේකට කුණුහරප කියාගෙන යන බලු සේනාව වගේ එවුන් සියදහස් ගානකට වඩා මෙතුමා,ශවේන්ද්‍ර සිල්වා වගේ ජාත්‍යන්තරයට දැනෙන්න පිළිතුරු දෙන්න පුළුවන් උගත් බුද්ධිමත් තවත් රාජ්‍යතාන්ත්‍රිකයින් 20ක් අපේ රටට හිටියනම් ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරා වගේ දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරයේ අපේ රටට එරෙහිව කරන බොරු ප්‍රචාර විතරක් නෙවෙයි බොරුවට කෑගහන  දෙමළ ඩයස්පෝරාවම තුරන් කරලා දන්නා තිබ්බ.


















No comments:

Post a Comment

please put your comment here