Thursday, November 7, 2013

කැසිනෝ හා බදු සහන 2

මම මීට කලින් මේ topic එකටම දාපු බ්ලොග් එක කියවපු,අදහස් ඉදිරිපත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මට අයම මේක ගැන ලියන්න හිතුනේ පහුගිය දවස් වල අපේ දේශපාලුවෝ කිව කථා ඇහිලා.
පක්ෂ විපක්ෂ හැම දේශපලුවම හදන්නේ මේ කැසිනෝ ගැන වැරදි මතයක් ජනතාව අතරට ගෙනියන්න.මොකද හැමෝම වගේ කථා කරන්නේ කැසිනෝ අලුතෙන් පටන් ගන්න හදන එකක් ගැන.එත් මෙතන තියෙන්නේ අලුතෙන් පටන් ගන්න එකවත්,වෙනම තැනකට ගෙන එකවත් නෙවෙයි.
මේ පටන් ගන්න හදන කැසිනෝ වලට වසර ගානකට විශාල වශයෙන් බදු සහන ලබා දෙන එක.
විදේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්න ඕනි තමයි,එත් එහෙම බදු සහන ලබා දෙන්න ඕනි ආර්ථික,සමාජීය වශයෙන් රටටත් ජනතාවටත් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර වලට.
එක දේශපලුවෙක් කියනවා ඇහුන සිංගප්පුරුවේ අගමැති කිවලු එහේ මීට අවුරුදු 20 කට කලින් කැසිනෝ පටන ගත්තනම්  සිංගප්පුරුව මීට වඩා දියුණු වෙලාලු.
එත් ඒ රටවල කැසිනෝ වලට බදු සහන දීල  නෑ..දුන්නත් ඒ දීල තියෙන්නේ අවශ්‍ය ව්‍යාපාර වලට බදු සහන දීල අවසාන වශයෙන්.
එත් අපේ දේශපාලුවෝ හදන්නේ අන්තිමට කරන්න ඕනි දේවල් ඉස්සෙල්ලම කරන්න,එතකොට අවශ්‍ය ව්‍යාපාර වලට බදු සහන ලබා දෙන්න කවදා මතක් වෙයිද දන්නේ.

2 comments:

  1. හ්ම්ම් හ්ම්ම් ඕව ගැන කතා කරනකොටත් තද වෙනවා.

    ReplyDelete
  2. ඇයි බන් එහෙම කියන්නේ?

    ReplyDelete

please put your comment here