Friday, March 13, 2015

බයියෝ හා ටෝයියෝ

මේ දවස් වල ෆේස්බූක් එකේ බයියෝයි, ටෝයියෝයි දාන පොස්ට් දැකල මේක ලියන්න හිතුනේ.
මේ දවස් වල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තියන ලොකුම ප්‍රස්නේ තමා මෛත්‍රිපාල ගේ ජයන්ති නෝනා එලිසබෙත් රැජිනට අතට අත දෙනකොට නැමුණු එක.
දැන් එතැනදී නැමුන හන්ද බයියෝ ෆෝම් වෙලා කියනවා රට ජාතිය පාවල දුන්නලු. බැරි වෙලාවත් ජයන්ති නෝනා නැමෙන්නේ නැතුව අතට අත දුන්නම් ටෝයියෝ ෆෝම් වෙලා කෑගහනවා, අපේ ජයන්ති නෝනා මහා රැජිනටවත් කොන්ද පාත් කරේ නෑ කියල.
ඇත්තටමන්ම් එකනේ වෙන්නේ.දැන් එතින් ටෝයියෝ ඔබාමල, පාප් වහන්සේ නැමිලා ආචාර කරන ෆොටෝ හොයල, ඒවා එඩිට් කරලා පොස්ට් දානවා. බයියෝ මහින්දයි, නොනයි කොන්ද නැමුවේ නෑ කියල ෆොටෝ හොයා හොයා දානවා. එත් එකද අපේ රටේ කට්ටිය කරන්න ඕනි?
ඔය කොකෙන්වත් අපේ රටේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කන්න හම්බ වෙනවද? ලෙඩට දුකට බෙහෙත් ටිකක් හම්බ වෙනවද?
මට තාම හිතාගන්න බැරි ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ කියල. ඔය කව්රුවත් ඇවිත් අපිට කන්න දෙන්නේ නෑ. තමන්ගේ වාසියට තමන්ගේ පොකට් එක පුරවගන්න හදන්නේ. එත් අපේ මෝඩයෝ, රැයක් දවාලක් නැතුව කොහෙවත් ඉන්න රැජිනකට කොන්ද නාමපු එකක් අල්ලාගෙන දගලනවා.
ඔය කට කටත් ඔච්චරම රට ගැන කැක්කුමක් තියනවනම් තව කරන්න කොච්චර දේවල් තියනවද?
රැයක් දවාලක් නැතුව ෆේස්බූක් එකේ පොස්ට් නොදා, තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ගේ සල්ලි කොච්චර හොරකම් කරාද, ඒවා කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේ විදිහට විප්ලව කරන්නේ නැත්තේ ඇයි?
උදේ ඉදල රෑ වෙනකම් ගාමන්ට් වල රෙදි මහල, තේ වතු, රබර් වතු වල වැඩ කරලා, ඔෆ්ෆිස් වල මහන්සි වෙලා හම්බ කරන ETF/ EPF වලින් කෝටි ගණන් ගසාකපු මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේවගේ විප්ලව නැත්තේ ඇයි?
කුඩු කන්ටේනර් පිටින් ගේන ඇමතිලා ගැන කව්රුවත් කතා කරන්නේ නැත්තේ ඇයි? ගබඩා භාරකරුවෙක් හිටපු මිනිහෙක් අවුරුදු 5න් හෙලිකොප්ටෝර්, ප්ලේන් ගන්න සල්ලි හෙව්වේ කොහෙන්ද අහන්නේ නැත්තේ ඇයි කවුරුවත්ම?
පහුගිය ආණ්ඩුවේ ලිස්ට් එකෙන් ජොබ් ගත්ත හන්ද ඒ ආණ්ඩුව කරපු හැම අවලන් වැඩක්ම හොදයි කියන එකවත්. ඒවා කිසිම දෙයක් වෙනවද කියල දන්නේ නෑ වගේ හිටපු මහින්ද වීරයෙක් කරන්නවත් නෙවෙයි.
මේ  රටේ තියන වැදගත් ප්‍රස්න ගැන දැන්වත් කතා කරන්න. එහෙම නැතුව දැන් තියන ආණ්ඩුවෙන් ජොබ් ගන්න බලාගෙන මහින්ද එක එකට නැමුන ෆොටෝ එඩිට් කරලා දාන එක හරි , ඊළගට පත්වෙන ආණ්ඩුවකින් හරි ලිස්ට්  එකෙන් ජොබ් ගන්න බලාගෙන මෛත්රිපාලගේ නෝනා නැමුන එකේ ෆොටෝ එඩිට් කරගෙන බොරුවට ෆේස්බූක් එකේ වීරයෝ වෙන්න හදන්න එපා. 

මේ රටේ බයි උණ හැදුන උන්ට යුද්දේ වීරයා මහින්ද, ටොයි උණ හැදුන උන්ට වීරයා ෆොන්සේකා. එතකොට ඇත්තටම යුද්දෙට ගිහින් මැරුණ ලලිත් ජයසිංහ වගේ  වීරයෝ ගැන ඔය එකෙක්ටවත් ගානක් නෑ.මේ වගේ අන්ධ භක්තියෙන් තොරව,  දැන්වත් එක එකට කඩේ යන එක නවත්තල තමන්ගේ වැඩක් හරියට කරලා රට හදන්න කලින්,ජිවත් වෙලා ඉන්න ගෙදරට වැඩක් කරලා දෙන්න.
මෙච්චරටම ෆොටෝ එඩිට් කරන්න ආසාවල් තියනවනම්  ඔය බයියෝයි, ටෝයියෝයි www.fiverr.com වගේ සයිට් එකක වැඩ කරලා කියක් හරි හම්බ කරගන්න. මොකද මහින්දවත්, මෛත්රිපලවත් ඔය කාටවත් කන්න ගෙනත් දෙන්නේ නෑ, රෑ එළිවෙනකම් නෙට් යන්න බිල ගෙවන්නෙත් නෑ, ගෙදර ලයිට් බිල ගෙවන්නෙත් නෑ.

2 comments:

  1. Haa Great Idea.. But U can never change people's mind from a Post.. :D

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ඒ උනාට ටික දෙනෙක්ගෙ හරි අදහස් වෙනස් වෙනවනෙ...
      දිගටම ලියපන් මචන්.

      Delete

please put your comment here