Saturday, October 12, 2013

තර්කනුකුලද නිත්‍යනුකුලද ?

දවසක් කොල්ලෙක් යනවලු මහාචාර්ය තුමා හම්බ වෙන්න.කරුමෙට මු ඒ subject එක repeat වෙලා.මූ ඒක ගොඩ දැම්මොත් උපාධිය ගත්තකි.
ඉතින් මූ ගිහින් මහාචාර්යතුමාට මෙහෙම කිවලු.
මම ඔබ තුමාගෙන් ප්‍රශ්න 3ක් අහනවා.ඔබතුමාට ඒවට උත්තර දෙන්න බැරි උනොත් මට A+ එකක් දෙන්න ඕනි ඔබතුමාගේ විෂයට  කියලා.මහාචාර්යතුමාට ඉතිං ඕක මහා ලොකු දෙයක් නෙවෙයිනේ.පොරත් ගත්කටටම කිවලු හා කියල.
කොල්ල අහනවලු,
දෙයක් තියනවා ඒ දේ තර්කානුකුල නෑ එත් නිත්‍යානුකුලයි, තව දෙයක් තියනවා ඒ දේ තර්කානුකුලයි එත් නිත්‍යානුකුලනෑ, තවත් දෙයක් තියනවා ඒ දේ තර්කානුකුලත් නෑ නිත්‍යානුකුලත් නෑ.
ඔය දේවල් මොනවද කියලා පුලුවන්නම් කියන්න කිවලු.
මහාචාර්යතුමගේ මොළේ රත් උනාලු.පොර කල්පනා කරනවා කරනවා උත්තරයක් එන්නෙම නෑලු.පොර ඊට පස්සේ මෙහෙම කියනවලු.හරි මම ඔහෙට A+ එකක් දෙන්නම්.හැබැයි කාටවත් කියන්න එපා කියලා.කොල්ලත් හා කිවලු.
පහුවෙනිදා මහාචාර්යතුමාගේ දේශනය පටන් ගන්න කලින් මේ ප්‍රශ්නේ ළමයින්ගෙන් ඇහෙව්වලු.උත්තරයක් දන්න කෙනෙක් එන්නවනම් අත උස්සන්න කිවලු.මෙන්න ළමයි ඔක්කොම අත උස්සන් ඉන්නවලු.පොරට හිතාගන්න බෑ මේ දේ.
ඊට පස්සේ පංතියේ ඉන්න මෝඩම කොල්ලගෙන් ඇහුවලු මොකක්ද කියලා..
මූ නැගිටලා මෙහෙම කිවලු.
ඔබතුමාට වයස 59 ඔබතුමාගේ නෝනට වයස 25.ඒක තර්කානුකුල නෑ එත් නිත්‍යානුකුලයි..
ඔබතුමාගේ නෝනා වයස 23ක කොල්ලෙක් එක්ක අනියම් සම්බන්දයක් තියනවා ,ඒක තර්කානුකුලයි එත් නිත්‍යානුකුල නෑ..
ඔබතුමා ඒ කොල්ලගේ  repeat subject එකට A+ එකක් දෙනවා.ඒ දේ තර්කානුකුලත් නෑ නිත්‍යානුකුලත් නෑ.කියලා කිවලු.
උපුටා ගැනීම https://www.facebook.com/kool.engineering

No comments:

Post a Comment

please put your comment here