Monday, June 8, 2015

අපේ රටේ සාසනේ.

වැඩ ගොඩක් තියාගෙන මේ බ්ලොග් එක ලියන්න හිතුනේ මේ සතියේ දේශය පත්තරේට හාමුදුරුවෝ කෙනෙක් කිව කතාවක් දැකල.
මේ රටේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැරිලු හිටන්. එකට හේතුව මේක බුදු දහම මුලික කරගත්ත රටක්ලු. අපි ගෙවන බදු මුදලින්ලු අලුගොසුවට්ත් පඩිය ගෙවන්නේ. එතකොට අපි ඔක්කොම ඒ  අපරදේට සම්බන්ද වෙනවලුනෙ හිටන්.
මට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි. බුදු හාමුදුරුවෝ  ජිවත් වෙලා ඉන්නකොට ඉන්දියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක උනේ නැද්ද?
බුදු හාමුදුරුවෝ කිවේ රටේ පාලකයාගේ වගකීම රටේ නිතිය ක්‍රියාත්මක කරන එක, හාමුදුරුවෝ කරන්න ඕනි අනුශාසන කරනවා මිසක් රටේ පාලනයට, තියන නීති වලට ඇගිලි ගහන්න යන එක නෙවෙයි.
හාමුදුරුවන්ට බදු මුදල් වලින් අලුගොසුවට පඩි ගෙවන එක මහා ලොකු ප්‍රස්නයක්නම්, මේ රටේ හිටපු, ඉන්න කාලකන්නි පාලකයෝ අහිංසක මනුස්සයෝ ගෙවන බදු සල්ලි කෝටි ගණන් ගිලින ඒවා ගෙන කතා නැත්තේ ඇයි හිටන්? 8 පාස් නැති උන්ව දේශපාලුවන්ගේ ලිස්ට් වලින් ආණ්ඩුවේ ජොබ් වලට දාපුවම උන්ට පඩි ගෙවන්නේ දේශපලුවගේ වත්කම් වලින් නෙවෙයි නේද? කිසි වැඩක් නොකර ඔෆිස් වල ලගින උන්ටත් පඩි ගෙවන්නේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මිදල් වලින් කියල අමතකද හාමුදුරුවනේ? අලුගෝසුවෝ ඕනනම් උපරිම 4ක් ඉදි ලංකාවටම. ඒ වගේද අර විදිහට දේශපාලුවන්ගේ ලිස්ට් වලින් ජොබ් වලට දාපු කාලකන්නි ලිස්ට් එක? දේශපාලුවෝ බදු සල්ලි වලින් ගහන ගැහිලි?
ඔච්චර කයිවාරු ගහන තරම් මේ රටට, සාසනේට ආදරෙයි නම් කරන්න ඕනි ඒවාට විරුද්දව කතා කරන එක නේද?
බැරි වෙලාවත් මේ කලේ කස්සප බුදු හාමුදුරුවන්ගේ සාසනේ තිබිල, ගෞතම බුදු හාමුදුරුවෝ දැන් ඉන්දියාවේ පහල වෙලා බණ කිවනම් අපේ මේ ඉන්න හාමුදුරුවෝ යැයි කියාගන්න කට්ටිය මොනවා කියයිද?
අපේ රටත්, සිංහල ජාතියත් බෞද්ධ සසනෙත් බේරගන්න ඉන්න කෙනා කියල කියන, අපේ පවට පහල වෙච්ච බේබදුසර එහෙනම් ෂුවර් එකට මාධ්‍ය සාකච්චාවක් තියල මෙහෙම කියයි.
මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියල ඉන්නේ බොරු කාරයෙක්, තම්බින්ගේ සල්ලි අරන් සාසනේ විනාස කරන්න අපු පිල්ලියක්. රජ කුමාරවරු රවට්ටගෙන සාසනේට අරන් පාලනේ අවුල් කරනවා. රජ කුමාර වරු මහන උනාම ඊගාවට රටට රජෙක් නැති වෙනවා. එතකොට තම්බි තම රජ වෙන්නේ. අපේ රජ කුමාරවරු 3න බේරගන්න එක ජාතියේම වගකීමක්, බැරි වෙලාවත් උනුත් රවට්ටගත්තොත් අපිට මොකද වෙන්නේ :)
අනික මිනිස්සුන්ට කියනවා ගිහිගෙය දුකක්ලු, මහන වෙලා භාවනා කරලා මාර්ගපල ලබගන්නලු. යකෝ ගෙදර මනුස්සය කැලේ ගිහින් භාවනා කරනකොට ගෙදර ගැනිට මොකද වෙන්නේ? නිකන්ම තම්බි ටික අපේ ගැණු අයිති කරගන්නවනේ.
බුදු හාමුදුරුවෝ මක්කම (යෝනක දේශය) ගිහින් ශ්‍රීපාද සලකුණ තියල ආපුවම, පොර මෙහෙම කියයි. අපි කිවේ බොරුද මේ ඉන්නේ තම්බින්ගේ සල්ලි වලට වැඩ කරන එකෙක්. හජ්ජි වලට මක්කම යනවා.
ඔන්න ඕවගේ ජාතියේ පවට පහල උන අය තම අද ගොඩක් හාමුදුරුවෝ හැටියට ඉන්නේ.  ඒ උනාට නමට ඉස්සරහින් ආචාර්ය, මහාචාර්ය පට්ටම් එල්ලන් ඉන්නවා. බුදු හාමුදුරුවෝ කිවේ කටපාඩම් කරලා ඔය ගන්න පට්ටම් ගන්නද, වීර්ය වඩල ජිවිතයේ අනිත්‍ය මෙනෙහි කරලා නිවන් මාර්ගේ අවබෝධ කරගන්න කියලද?
මම දන්නා විදිහට බුද්ධ සාසනේ ආචාර්ය  මහාචාර්ය කියල සලකන්නේ මාර්ගපල ලබල රහත් වගේ උත්තමයෙක් වෙන එක.
මේ රටේ බුද්ධ සාසනේට තියන ලොකුම වින්නැහිය තම්බින්වත් , මිෂනිරින්වත් නෙවෙයි. බුදු හාමුදුරුවන්ටත් වඩා බුද්ධාගම දන්න මේ ඉන්න දුශ්ෂිල හාමුදුරුවෝ සෙට් එක. රටත්, සසනෙත් බෙරගන්නවන්ම් කරන තියෙන්නේ, අපේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් කරලා ස්විස් බැංකු වල දල තියන බිලියන 100ත් වැඩි සල්ලි අරගෙන මහා ධර්ම සංගායනාවක් තියල අශෝක අධිරාජයා , පරාක්‍රමභාහු රජතුමා කරා වගේ මේ ඉන්න දුස්සීල හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවල කොතලාවල කිව්වා විදිහට පස්ස පැත්තේ තාර ගලා පන්නන එක.

Thursday, April 2, 2015

රට කරවන්නනම් ?

The Imitation Game චිත්‍රපටිය බැලුවට පස්සේ මේක ලියන්න කියල හිතුවේ හිටන්.
ඒ චිත්‍රපටියේ පරිගණකයේ මුලික සොයාගැනීම හා ඒ වටා එකතු වුන දේවල් තිබුනට මම කැමති එකේ තිබුන යුද්ධ ය පිටුපස MI6 ඔත්තු සේවයේ ක්‍රියාවලිය ගැන යමක් කියන හිටන්.
1940 ගණන්වල ඒ රටවල තිබුන තරමින් 10% වත් අද වෙනකම් අපේ රටේ බුද්ධි අංශයට ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? මේක සමහර යට මහා කම්මැලි, වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. එත් ටිකක් හොදට කල්පනා කරොත් මම මේ කියන දේ තේරුම් ගනී.
අපේ රටේ ඉතාමත් හොද නිලධාරීන් හිටියට ඇයි අපේ රටේ බුද්ධි අංශය 1940 ගණන්වල ඒ රටවල් වල තිබ්බ තරම්වත් දියුණු නැත්තේ?

පහුගිය ජනාධිපතිවරණෙන් පස්සේ බයියෝ නිතරම කීව දෙයක්නේ මහින්දව පරද්දුවේ රටේ මිනිස්සු නෙවෙයි විදේශීය ඔත්තු සේවා වල අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලනේ හිටන්. ඇත්තටම එහෙම උනානම් කාගේද එකේ වැරැද්ද?
එකේ වැරැද්ද කාගෙවත් නෙවෙයි 1948 ඉදල මේ රට පාලනේ කරපු තකතීරු දේශපාලුවන්ගේ. ඒ ගොන්නු හිතාගෙන ඉන්නේ රටේ බුද්ධි අංශය කියන්නේ විපක්ෂේ දේශපාලුවෝ ගැන හොයන්න තියන ඒකකයක් කියල. බයියෝ ඔඅලානේ කරනකොට බුද්ධි අංශේ කරන්න ඕනි ටෝයියෝ ගැන හොයන එක. ටෝයියෝ පාලනේ කරකොටත් ඒ විදිහටම බයියෝ ගැන හොයන්න කියල.

එත් රට ගැන හිතන දේශපාලුවෝ කරන්නේ එකද? අපේ රටට වඩා තුනෙන් එකක් වගේ ජනගහනයක් ඉන්න ඊශ්‍රයාලය වගේ රටක් කොහොමද හතුරෝ රට වටේ තියාගෙන ප්‍රස්නයක් නැතුව ඉන්නේ හිටන්?
මොකද ඒ රටේ දේශපාලුවෝ රටේ බුද්ධි අංශයට ඇගිලි ගහන්නේ නෑ. කොයි ආණ්ඩුවක් පත් උනත් මොසාඩ් බුද්ධි අංශය වැඩ කරන්නේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ඒවා වලක්වන. එත් අපේ?
පහුගිය කලේ උතුරු අධි ආරක්ෂක කලාප වල තිබුණු ඉඩම් අපහු මිනිස්සුන්ට දුන්නම බයියෝ කෑගැහුවනෙ රට කොටියට දෙනවා කියල. එත් අපේ රටේ බුද්ධි අංශය හරියට ශක්තිමත් කරනම් හමුදා කදවුරු  වටේම ගෙවල් හැදුවත් ප්‍රස්නයක් තියද? එක මේ රටේ ඉන්න දේශපලුවොවත්, බයි හරි ටොයි උණ හැදුනු මෝඩයෝන්ටයී තේරෙන්නේ නැති එක ගෙන පුදුමයක් නෑ.

මේ රට දියුණු වෙන්නේ අපේ රටේ සුද්දන්ට ජංගි මහන එක නවත්තල ඒ වෙනුවට කාර්මික නිෂ්පාදන අපනයනය කරන්නත්, අපේ රටට එල්ල වෙන ඕනිම තර්ජනෙකට හරියට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් බුද්ධි අංශයක් හැදුන දවසට.
සුදුස්සාට සුදුසු තැන දීල ජන්දෙන් පත් වෙන දේශපාලුවෝ තමන්ට ඕනි විදිහට රාජ්‍ය අංශය පාලනය නොකරන දවසට.

Sunday, March 22, 2015

ජාතික ගීය කාගේදෝ II

මගේ කලින් පොස්ට් එකේ කිව්වා වගේම දැන් දැන් ජාතික ගීයේ වැඩේ නැගල යනවනේ හිටන්. බේබදුසර හොදට සද්දේ දාල කිව්වේ දැන් මේ රටට වෙන්න යන මහා ව්‍යසනය ගැන. එයා කියනවා ව්‍යවස්ථාවෙන් අවසර දීල තියෙන්නේ සිංහලෙන් කියන ජාතික ගීයට විතරයි, වෙන භාෂාවකින් කියනවනම් එක ව්‍යවස්ථාව උල්ලන්ගනේ කරලා කියල හිටන්. පව් ඉතින් එයට රට ජාතිය බේරගන්න වැඩ තියන හන්ද අමතක වෙන්න ඇති මාර්තු 2දා එයාගෙම සෙට් එකේ කට්ටියක් දළදා මාලිගාව ඉස්සරහ වෙනම ශ්‍රී ලංකික ජාතික කොඩියක් උස්සන්න හැදුව කියල හිටන්, එහෙම නෙත්නම් ඉතින් බේබදුසර ව්‍යවස්ථාව කියල හිතන ඉන්නේ බීල ගිහින් මාර්ග නීති කඩමරම දඩුවම් කරන කෑල්ලට විතරද දන්නේ නෑ හිටන්. මේ තියන ජාතික කොඩිය සිංහලයට  අගෞරවයක් නම්  නාමල් බේබි දළදා මාලිගාව ඉස්සරහ ගැණු හෙළුවෙන් නටවල රේස් පැද්ද එක බෙබදුසරට මහා ගෞරවයක් වෙන්න ඇති හිටන්.

එත් එයාගේ මෝඩ තර්කෙට හොද උත්තරයක් බේබදුසර වගේම මහින්ද මමී ගෙන්න ෆුල් ගේමක් ගහන වාසු දුන්නනේ පාර්ලිමේන්තුවේදී. එක හන්ද ඉතින් එක ගැන කතා කරලා වැඩක් නැනේ හිටන්.

ඇත්තටම මේ ජාතික ගීය මොන භාෂාවෙන් හරි කියන එකද මේ රටේ තියන ලොකුම ප්‍රස්නේ?
සිංහල වේවා, දෙමල මොකා උනත් සාමාන්‍ය මනුස්සයට ජාතික ගීය කියන භාෂාවට වඩා වැදගත් ප්‍රසන මේ රටේ තියනවා. ඒවා වහගන්න පක්ෂ, විපක්ෂ දේශපාලුවෝ කාලෙන් කාලෙට ගෙන අටක නාටක තමයි මේවා. එක කාලයක් හලාල් අල්ලාගෙන දැගලුව, දැන් එහෙම එකක් කරාද කියලවත් මතක නෑ මේ කට්ටියට.

හැබෙයි බේබදුසරටනම් ඊට වඩා ලොකු ප්‍රස්නයක් තියනවා වගේ. එයට අර 83 ජුලි වල එඩිතර,දේශමාමක සිංහල සේනාවක් දෙමළුන්ගෙන් මේ සිංහල රට බේරගන්න කරා වගේ දෙයක් කරන්න ඕනි වෙලා වගේ. එකටම සෙට් වෙන හොද දේශමාමක කියාගන්න නියම තක්කඩි ටිකකුත් ඔය සේනා වටේ සෙට් වෙලා ඉන්නවා. 83 දෙමලු මරනවා කියල කරේ දෙමල මිනිස්සුන්ගේ ගෙවල්, කඩ වලට හොද සුද්දයක් දීපු එකනේ. අන්න ඒ දේම තම ඉතින් මේ පාරත් මේ කරන්න හදන්නේ. රට ජාතිය බේරාගන්නවා කියල අය පාරක් දෙමල, මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ටිකයි, ගෙවල් ටිකයි හොදට සුද්ද කරන්න. ඊට පස්සේ මොකුත්ම කරේ නෑ වගේ ඉන්න. අලුත්ගම සිද්දියට පස්සේ රගපපු හැටි දැක්කනේ හිටන්.

මේ සේනා වල කට්ටියට ඕනි අන්න ඒවගේ දෙයක් කරන්න මිසක් මේ රට බෙරගන්වත්, සිංහල ජාතිය , බුදු ධහම බෙරගන්නවත් නෙවෙයි. ඇත්තමනම් සිංහල ජාතියටයි, බුදු ධහමටයි තියන ලොකුම ප්‍රස්නේ තම්බින්වත්, දෙමලුන්වත් නෙවෙයි. රට ජාතිය බේරගන්න ඉන්නවා කියන බේබදුසර වගේ කට්ටිය මෙහෙයවන සේනා තමා. එකත් හරියට ISIS උන් ඉස්ලාම් ආගම බේරගන්න කරන මහා සංග්‍රාමය වගේ තම. එකෙන් දවසෙන් දවස වෙන්නේ ඉස්ලාම් ආගමයි, මුස්ලිම් මිනිස්සුයි මුර්ගයෝ වගේ ජාතියක් කියල ලෝකේ ඉස්සරහ නොන්ඩි වෙන එකනේ හිටන්.
පන්සිල් පද 5 වත් රකින්නේ නැති මේ වගේ බේබද්දෝ පස්සේ ගිහින් තමනුත් විනාස වෙලා මේ රටත් කාබාසිනියා කරන්න එපා. මොකද සිංහල ජාතිය රැක ගැනීමවත් බුදු දහම ආරක්ෂා කරගන්න එකවත් කරන්න ඕනි මේ බේබද්දෝ කියන විදිහට නෙවෙයි. අනිත් වැදගත්ම දේ තමයි 83දී බේබදුසර වගේ සෙට් එක කරපු ගොන් වැඩෙන් උනේ මේ රට අවරුදු 30න් ආපස්සට ගිහින් රටේ දියුණුවට වැඩ කරන පුළුවන් තරුණ කොල්ලෝ දාස් ගානක් මැරුන එක විතරයි.

Thursday, March 19, 2015

ජාතික ගීය කාගේද?

රැජින නටගමෙන් පස්සේ පටන් ගන්න යන අලුත්ම නාටකය තමයි ජාතික ගී නාටකය.
අද හෙටම තුම්මුල්ලේ විමලේ, බෙබදුසාර ස්ටේජ් වලට නැගල කැගහයි ඕක ගැන කියවල. මේක මහා පාවාදීමක්, රටේ ස්වෛරීත්වයට , භෞමික අඛණ්ඩතාවයට මහා විපතක්, රට බෙදන්න යන්නේ කියල. ෆේස්බූක් බයියෝ දැනටමත් ඉතින් රට ජාතිය බේරගන්න යුධ ප්‍රකාශ කරලා ඇත්තේ. එත් ඇත්තටම මේක එච්චරටම ලොකු දෙයක්ද?
ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටනම් මේක අලුත්ම අත්දැකීමක් තමයි. ( හැබැයි මට මතකයි මේ මාතෘකාව මීට කලින් කරලියට ආපු වෙලාවේ ස්වර්ණවාහිනියේ පෙන්නුවා වැදී භාෂාවෙන් ශ්‍රී ලංකා ජාතික ගීය කියනවා)
එත් රාජ්‍ය භාෂා කිහිපයක් තියන රටවල් වලටනම් මේක මහා ලොකු අරුමයක් නෙවෙයි. එක ගැන වැඩි විස්තර මෙතන   තියන විකිපීඩියා පිටුවෙන් කියවන්න පුළුවන්.

එත් ඇයි අපේ කට්ටිය මේක මහා ලොකු මාතෘකාවක් කරගන්න හදන්නේ? ඒ වෙන මොකුත් හන්ද නෙවෙයි හැමදාම පුරුදු විදිහට රටේ තියන වැදගත් ප්‍රස්න අමතක කරලා කොහෙවත් නැති වැඩකට නැති මගුලක් මාර්කට් කරලා තමන්ගේ සාක්කු පුරවගන්න. පහුගිය දවස් ටිකේ කට්ටියක් ජාතික කොඩිය වෙනස් කරගෙන නාටකයක් නැටුවේ අන්න ඒ වගේ. එත් අපේ මිනිස්සු මේක තේරුම් නොගෙන කවුරුහරි වෙනුවෙන් බොරුවට පෙනී ඉන්නේ ඇයි කියන එකනම් ලොකු ප්‍රස්නයක්.

මේ රටේ තියන ලොකුම ප්‍රස්නේ තමා මේ වගේ දේවල් වලට දෙපැත්තේම ඉදන් උල්පන්දම් දෙන දේශපාලුවෝ. එවුන්ට මේ රට තිබුනත් එකයි, නැතත් එකයි. උන්ට ඕනි මොන විදිහකට හරි තමන්ගේ දේශපාලනික පැවැත්ම තියාගන්න. අපේ බොරු ජාතික වීරයෝ වෙන්න හදන ෆේස්බූක් කට්ටියට කරන්න තියෙන්නේ ජාති, ආගම් පැත්තක තියල මේ වගේ බොරුවට රගපාන දේශපාලුවන්ට විරුද්දව කතා කරන එකයි හිටන්.
පුද්ගලයෙක් දේශපාලනේට එන්නේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න මිසක් ජන වර්ගයක් වෙනුවෙන් හරි තවත් ජනවර්ගයක් පාගල දන්නා නෙවෙයි.අවංක දේශපාලකයෝ, විද්වතුන්, සාමාන්‍ය ජනතාව හැටියට කල්පනා කරන්න ඕනි මේ රටේ උඩු දුවා තියන දුෂණය, වංචාව නවත්තන්න. වැරදි කරපු කවුරු උනත් දඩුවම් කරලා, හොරකම් කරපු දේපල රාජසන්තක කරන්න.

මේ වගේ සුළු දේවල් මහා ලොකු දේවල් විදිහට මවා පාන්නේ අත්මර්තකාමී දේශපාලුවෝ තමන්ගේ පැවැත්ම පවත්වා ගන්න. මේ වගේ දේවල් වලට උඩගෙඩි දීගෙන මිනිස්සුන්ව කොටවන්න වැඩ කරන්නේ ඒ වගේ දේශපලුවොන්ගෙන් තමන්ට වැඩක් කරගන්න බලාගෙන ඉන්න හෙන්චයින්ට. උන් දෙගොල්ලන්ටම මේ රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ පටු අරමුණු ටික ඉටු කරනගන්න තියනවනම්. එහෙම නැතුව සාමාන්‍ය සිංහල, දෙමල, මුස්ලිම් කියල බේදයක් නැතුව හැමෝටම ඕනි තමන්ගේ ළමයින්ට හොදට උගන්නගන්න, කෑම බිම ටික හොදට ලබල දෙන්න මිසක් රටේ කැල්ලක් පාලනේ කරන්නවත්, වෙනම ජාතික කොඩි, ජාතික ගී උස්සන්න කියන්න නෙවෙයි.

රටේ දියුණුවට වැඩක් වෙන ක්‍රියාමාර්ග වලට මුලිකත්වේ දීල කටයුතු කරන දේශපලුවන්ව විතරක් පාර්ලිමේන්තු යවන එක සාමාන්‍ය ජනතාව හැටියට අපේ යුතුකමක්.. එහෙම නැති උනොත් අපිට තව අවුරුදු 100ක් ගිහිනුත් සුද්දන්ට ජංගි මහ මහ, අපේ අක්කල අම්මල අරාබියේ වැඩකාර කමට යවල තමයි රටට ඕනි විදේශ විනිමය හොයන්න වෙන්නේ.

Friday, March 13, 2015

බයියෝ හා ටෝයියෝ

මේ දවස් වල ෆේස්බූක් එකේ බයියෝයි, ටෝයියෝයි දාන පොස්ට් දැකල මේක ලියන්න හිතුනේ.
මේ දවස් වල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තියන ලොකුම ප්‍රස්නේ තමා මෛත්‍රිපාල ගේ ජයන්ති නෝනා එලිසබෙත් රැජිනට අතට අත දෙනකොට නැමුණු එක.
දැන් එතැනදී නැමුන හන්ද බයියෝ ෆෝම් වෙලා කියනවා රට ජාතිය පාවල දුන්නලු. බැරි වෙලාවත් ජයන්ති නෝනා නැමෙන්නේ නැතුව අතට අත දුන්නම් ටෝයියෝ ෆෝම් වෙලා කෑගහනවා, අපේ ජයන්ති නෝනා මහා රැජිනටවත් කොන්ද පාත් කරේ නෑ කියල.
ඇත්තටමන්ම් එකනේ වෙන්නේ.දැන් එතින් ටෝයියෝ ඔබාමල, පාප් වහන්සේ නැමිලා ආචාර කරන ෆොටෝ හොයල, ඒවා එඩිට් කරලා පොස්ට් දානවා. බයියෝ මහින්දයි, නොනයි කොන්ද නැමුවේ නෑ කියල ෆොටෝ හොයා හොයා දානවා. එත් එකද අපේ රටේ කට්ටිය කරන්න ඕනි?
ඔය කොකෙන්වත් අපේ රටේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කන්න හම්බ වෙනවද? ලෙඩට දුකට බෙහෙත් ටිකක් හම්බ වෙනවද?
මට තාම හිතාගන්න බැරි ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ කියල. ඔය කව්රුවත් ඇවිත් අපිට කන්න දෙන්නේ නෑ. තමන්ගේ වාසියට තමන්ගේ පොකට් එක පුරවගන්න හදන්නේ. එත් අපේ මෝඩයෝ, රැයක් දවාලක් නැතුව කොහෙවත් ඉන්න රැජිනකට කොන්ද නාමපු එකක් අල්ලාගෙන දගලනවා.
ඔය කට කටත් ඔච්චරම රට ගැන කැක්කුමක් තියනවනම් තව කරන්න කොච්චර දේවල් තියනවද?
රැයක් දවාලක් නැතුව ෆේස්බූක් එකේ පොස්ට් නොදා, තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ගේ සල්ලි කොච්චර හොරකම් කරාද, ඒවා කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේ විදිහට විප්ලව කරන්නේ නැත්තේ ඇයි?
උදේ ඉදල රෑ වෙනකම් ගාමන්ට් වල රෙදි මහල, තේ වතු, රබර් වතු වල වැඩ කරලා, ඔෆ්ෆිස් වල මහන්සි වෙලා හම්බ කරන ETF/ EPF වලින් කෝටි ගණන් ගසාකපු මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න කියල මේවගේ විප්ලව නැත්තේ ඇයි?
කුඩු කන්ටේනර් පිටින් ගේන ඇමතිලා ගැන කව්රුවත් කතා කරන්නේ නැත්තේ ඇයි? ගබඩා භාරකරුවෙක් හිටපු මිනිහෙක් අවුරුදු 5න් හෙලිකොප්ටෝර්, ප්ලේන් ගන්න සල්ලි හෙව්වේ කොහෙන්ද අහන්නේ නැත්තේ ඇයි කවුරුවත්ම?
පහුගිය ආණ්ඩුවේ ලිස්ට් එකෙන් ජොබ් ගත්ත හන්ද ඒ ආණ්ඩුව කරපු හැම අවලන් වැඩක්ම හොදයි කියන එකවත්. ඒවා කිසිම දෙයක් වෙනවද කියල දන්නේ නෑ වගේ හිටපු මහින්ද වීරයෙක් කරන්නවත් නෙවෙයි.
මේ  රටේ තියන වැදගත් ප්‍රස්න ගැන දැන්වත් කතා කරන්න. එහෙම නැතුව දැන් තියන ආණ්ඩුවෙන් ජොබ් ගන්න බලාගෙන මහින්ද එක එකට නැමුන ෆොටෝ එඩිට් කරලා දාන එක හරි , ඊළගට පත්වෙන ආණ්ඩුවකින් හරි ලිස්ට්  එකෙන් ජොබ් ගන්න බලාගෙන මෛත්රිපාලගේ නෝනා නැමුන එකේ ෆොටෝ එඩිට් කරගෙන බොරුවට ෆේස්බූක් එකේ වීරයෝ වෙන්න හදන්න එපා. 

මේ රටේ බයි උණ හැදුන උන්ට යුද්දේ වීරයා මහින්ද, ටොයි උණ හැදුන උන්ට වීරයා ෆොන්සේකා. එතකොට ඇත්තටම යුද්දෙට ගිහින් මැරුණ ලලිත් ජයසිංහ වගේ  වීරයෝ ගැන ඔය එකෙක්ටවත් ගානක් නෑ.මේ වගේ අන්ධ භක්තියෙන් තොරව,  දැන්වත් එක එකට කඩේ යන එක නවත්තල තමන්ගේ වැඩක් හරියට කරලා රට හදන්න කලින්,ජිවත් වෙලා ඉන්න ගෙදරට වැඩක් කරලා දෙන්න.
මෙච්චරටම ෆොටෝ එඩිට් කරන්න ආසාවල් තියනවනම්  ඔය බයියෝයි, ටෝයියෝයි www.fiverr.com වගේ සයිට් එකක වැඩ කරලා කියක් හරි හම්බ කරගන්න. මොකද මහින්දවත්, මෛත්රිපලවත් ඔය කාටවත් කන්න ගෙනත් දෙන්නේ නෑ, රෑ එළිවෙනකම් නෙට් යන්න බිල ගෙවන්නෙත් නෑ, ගෙදර ලයිට් බිල ගෙවන්නෙත් නෑ.

Monday, April 14, 2014

අන්තවාදයද, ජාතිවාදයද, මෝඩකමද?

අලුත් අවුරුදු දවසේ මේවගේ පොස්ට් එකක් දන්න උන එකනම් ඉතින් දුකයි, එත් වෙන දේවල් දැක්කම නොලිය ඉන්න බැරිකමට ලියන්නේ.
මේ දවස්වල සිංහල ජාතිවාදයක්,මුස්ලිම් අන්තවාදයක් ගැන කථා වෙනවනෙ.ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?
එකනම් කාටවත් තේරුම් ගන්න අමාරු දෙයක්. මොකද මේ වෙන දේවල් කිසි තේරුමක්, ගැලපීමක් නැති බොරු දේවල් නිසා.
බලසේන වල ඉන්න හාමුදුරුවරු කියන කථා බොරු නෙවෙයි. එත් ඒවා ක්‍රියාවට නගන විදිහ නිසා වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක විතරයි.
මම දන්නා විදිහට බුදු හාමුදුරුවෝ දේශනා කරලා ප්‍රශ්ණයක් ඇති උනාම එකට විසදුම් හොයන්න ක්‍රමයක් තියනවා.
1) ප්‍රශ්නය  2) ප්‍රශ්නය ඇති වෙන්න හේතුව  3) ප්‍රශ්නය නැති කිරීම  4) ප්‍රශ්නය නැති කිරීමේ මාර්ගය.
මම මේ දේවල් ඔස්සේ මට තේරෙන විදිහට මේ ප්‍රස්නේ කථා කරන්නම්කො.
මෙතන තියන ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ මුස්ලිම් ප්‍රජාව හැමතැනම වියාප්ත වීම. සමාජීය ආර්ථික වශයෙන් හැම තැනම පැමිණීම. ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් මුස්ලිම් සහෝදරයෝ නෙවෙයි. අන්තවාදී අදහස් තියන සුළු පිරිසකගේ ක්‍රියා නිසා මේ හැම දේම ව්‍යාකුල වීම, එකටම පොර දන්න ගානට සෙට් වෙච්ච අපේ සුළු සිංහල අන්තව්දිනුත් ඉන්න එක..
දැන් බලමු කොහොමද මුස්ලිම් ප්‍රජාව මෙච්චර ඉක්මනට හැමතෙනම ව්‍යාප්ත වෙන්නේ? ප්‍රදාන වශයෙන්ම ඔවුන්ගේ පල්ලි හරහා තියන මුල්‍ය ශක්තිය. කොහොමද එතකොට මේ මුල්‍ය ශක්තිය ලැබෙන්නේ?
ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් රටවලින් ලැබෙන ආධාර හා ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන මුදල් වලින්.
මේ හරහා ලැබෙන මුදල් පල්ලි හරහා නියම කළමණාකාරණයක් යටතේ සෑම සියලුම අංශ වලට ව්‍යාප්ත කිරීම.
මේ හේතු තමයි ප්‍රශ්න හා ප්‍රශ්නය ඇතිවීමට මුලිකම හේතුව.
දැන් බලමු මේ ප්‍රශ්නය නැති කරන විදිහ.
බලසේන වල හාමුදුරුවරු කියන්නේ සිංහල මනුස්සයන්ට මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලනේ. එක ඇත්ත. එත් එහෙම කිව පලියට හරියන්නේ නෑ. මම මුලින් කිව විදිහට ඇයි මිනිස්සු මුස්ලිම් කඩ වලට යන්නේ? මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ මිලදී ගන්නේ. අන්න එකයි අපි හොයල බලන්න ඕනි.
ප්‍රධාන වශයෙන්ම ඔවුන් යොදා ගන්න ව්‍යාපාරික උපක්‍රම..මොනවද මේ උපක්‍රම, වෙළදසල ආකර්ශනීය විදිහට පවත්වාගෙන යෑම, පැමිණෙන පාරිභෝගිකයන්ට සලකන විදිහ, භාණ්ඩ වලට ලබාදෙන වට්ටම්. 
දැන් මේක නවත්තන්නේ කොහොමද? එකට මුස්ලිම් කඩවලට යන මිනිසුන්ට බිත්තර ගහලවත්, හූ  කියලවත් කරන්න බෑ. ඇත්තටම මේකෙන් වෙන්නේ, මේකෙන් වෙන්නේ ඒ කඩවලට අමතර ප්‍රචාරයක් ලැබෙන එක විතරයි. හරියට සිගරට් සමාගම් වලින් මාස 2කට 3කට පාරක් ඔබ තාමත් සිගරට් බොන මෝඩයෙක්ද කියල පෝස්ටර් ගහනවා වගේ තමා.
මේකෙන් මිදෙන්න අපි මොකක්ද කරන්න ඕනි. ඉස්සෙල්ලම බලසේන වල හාමුදුරුවරු මේකයි හිතන්න ඕනි. සිංහල ව්‍යාපාරික ප්‍රජාව එකමුතු කරන්න ඕනි. සිංහල ව්‍යාපාරිකයන්ගේ සංගමයක් පිහිටවල ඒ හරහා සිංහල ව්‍යාපාරික ප්‍රජාවට අලුත් දැනුම, නව නිෂ්පාදන හදුන්වල දෙන්න ඕනි. ඒ වගේම කඩවලට එන ගනුදෙනු කරුවන්ට ව්‍යාපාරික ස්ථානය ප්‍රියජනක ස්ථානයක් කරන්න ඕනි.
ඒ වගේම අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න සිංහල ව්‍යාපාරිකයන්ට මුල්‍ය වශයෙන් ආධාර, උපදෙස් ලබා දෙන්න ඕනි. මුල්‍ය අරමුදලක් පිහිටවල ඒ හරහා පඩුලබන සිංහල ව්‍යප්රිකයන්ට සහන ණය ලබාදීම හෝ අදාල ව්‍යාපාරය ඒ සංගමයට ලබාගෙන නැවත දියුණු කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනි.
මේ දේවල් කරන්නේ නැතුව බොරුවට කුණුහරප කියා කියා කැගැහුවට වැඩක් තියද?
මේ දේවල් හරියට සැලසුම් සහගතව සිද්දවෙනවන්ම් මේ බලහත්කාරෙන් සිංහල මිනිස්සුන්ගේ ඔලුව උඩ දන්න හදන ජාති අලය නික්ම මිනිස්සු අතරට යනවා.
දැන් මේ කරන්නේ ඇත්තටම මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍ය විදිහේ වාතාවරණයක් නිකන්ම හදල දෙන එක.
අනිත් වැදගත්ම දේ මේ හැමදෙයක්ම අවසානයක් දක්වා අරං යන්න ඕනි. අර පහුගිය කලේ අගක් මුලක් නැතුව කෑගහල හලාල් මාර්කට් කරලා නැවැත්තුව වාගේ නැතුව. ඇනිත් ප්‍රධනම දෙය තමා මේ බලසේන වලට තියෙන්නේ මාසේ වේල කැම්පේන් වැඩසටහන්. එහෙම නැතුව දීර්ග කාලීනව සැලසුම් සහගතව වැඩ කරනවනම් මීට වඩා විශාල ජන සහභාගිත්වයක් ලබා ගන්න පුළුවන්.
එහෙම නැතුව මේ වගේ ගහේ අතු කප කප ගියාට වැඩක් නෑ. මොකද ගහක අත්තක් කපනවා කියන්නේ අතනින් තවත් අංකුර දාලා ගහ තවත් විශාලෙට වැඩෙන එක විතරයි.
මගේ එකම ප්‍රාර්ථනාව මේ හරක් වැඩ කරන්න මෝඩයන්ගේ මොලේ පැදිලා මේ අලුත් අව්රුද්දෙ ඉඩන්වත් අලුත් ගමනක් යයි කියල.




Friday, February 14, 2014

ෆේස්බූක්

අද අපි හැමෝටම වගේ facebook ගිණුමක් තියනවනේ.එත් ලංකාවේ ගොඩක් අය තාමත් ෆේස්බූක් කියන්නේ කළුද,සුදුද කියලවත් දන්නේ නෑ. එහෙම ඉන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ ෆේස්බූක් කියන්නේ අසභ්‍ය දේවල් තියන වෙබ් අඩවියක් කියලා .
 මේ ලගදි කුරුණෑගල පැත්තේ ස්කොලෙක ළමයෙක් සියදිවි නසා ගන්නත් මුල් වෙලා තියෙන්නේ මෙන්න මේ කළු මාරයා තමා. මට හිතෙන විදිහට ඒ පාසලේ විදුහල්පති හිතන් ඉදල තියෙන්නේ ෆේස්බූක් කියන්නේ මහා අසභ්‍ය වෙබ් අඩවියක් කියලා . ඒ නිසාමනේ ඒ ළමයට ෆේස්බූක් එකේ ෆොටෝ එකක් දැම්ම කියලා දරුණු විදිහට බැනල තියෙන්නේ.
ඇත්තටම ඇයි මිනිස්සු අතර ෆේස්බූක් ගැන මේවගේ වැරදි චිත්‍රයක් තියෙන්නේ? ප්‍රදාන වශයෙන්ම මාධ්‍ය විසින් ඇති කරලා තියන වැරදි චිත්‍රය තමා. අපේ මාධ්‍ය නිදහසක් ගැන කථා කරා උනාට කව්රුවත්ම මාධ්‍ය සදාචාරය ගැන කථා කරන්නේ නෑ.අද අපේ රටේ තියන ගොඩක් මාධ්‍ය කරන්නේ ජනතාවගේ දුක විකුණන එකයි, පුහු දේවල් මහා ලොකුවට මවාපාන එකයි තමා.
ෆේස්බූක් වැටෙන්න අන්න ඒ මවාපාන පුවත්ගණයට. ගොඩක් සතිඅන්ත පත්තරවලට අනුව ෆේස්බූක් කියන්නේ කොල්ලන්ට,කෙල්ලන්ට බොන්න කුඩු ගහන්න,සෙක්ස් කරන්න බීච් පාර්ටි සෙට් කරන, අහිංසක කෙල්ලන් (එහෙම අය ඉන්නවනම්) එයාලව බිලී බාගන්න බලාගෙන ඉන්න සල්ලාලයන්ගේ පාරාදීසයක්.කෙල්ලන්ගේ ෆොටෝ දාලා කප්පන් ගන්න පුලුවන් තැනක් කියලා.
ඒ අතින් බලපුවම මිනිස්සු  එහෙම හිතන එකේ  වරදක් නෑ.
අපේ  හල් පාරූ දෙසපලුවන්ගේ හැටියටනම් ෆේස්බූක් කියන්නේ මේ ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පෙරලන්න බලාගෙන ඉන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.
 හැබැයි මම මේකෙන් කියන්නේ නෑ ෆේස්බූක් කියන්නේ 100% පිවිතුරු වෙබ් අඩවියක් කියලා.ඒක හරියටම කිවොත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වාගේ තැනක්. එත් ඉතින් අපේ ගොඩක් අයට යන්නේ කොහෙද කියන එක අමතකයිනෙ. ඒ වගේ සිද්දි නිසා සම්පුර්න වැරැද්ද මාධ්‍ය කියලම කියන්නත් බෑ.
අපේ ජනතාව කවදා ෆේස්බූක් ගැන නියම අවබෝධයක් ලබා ගනීද දන්නේ නෑ..හැබැයි එහෙම අවබෝදයක් ලැබුන දවසට ෆේස්බූක් හරහා ගන්න පුළුවන් හොද දේ විතරක් ගන්න පුරුදු වෙයි.

Monday, February 10, 2014

ජිනීවා

මට මේක ලියන්න හිතුනේ හවස නෙත් පුවත් වල " ජිනීවාවල කුමක් වෙයිද ?" කියන දේ අහිලා.
 ඇත්තටම ජිනීවාවලදී අපට මොකක් වෙයිද? ඇයි අපට මේවගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ද උනේ? මේකෙන් අපට ගැලවීමක් නැද්ද?
මට හිතෙන හැටියටනම් මේ ප්‍රශ්නෙට මුලිකවම වග කියන්න ඕනි ආණ්ඩුව..ආණ්ඩුවේ අකාර්යක්‍ෂම නිලධාරීන්ගේ අනුවණ ක්‍රියා කලාපය මේ ප්‍රශ්නේට මුලිකවම බලපානවා. ප්‍රධාන වශයෙන්ම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විදිහට ගොට්ටන් පත් කිරීම. යුරෝපිය රටවල ඉන්න සමහර නිලධාරීන්ගෙන් ඒ රටවල ජිවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ මුලික අවශ්‍යත්වත් ඉටු නොවෙනවා කියන එක දැන් ගොඩ දවසක ඉදන් තියන පැමිණිල්ලක්. එත් අද වෙනකම් ඒ වගේ නිලධාරීන්ව මාරු කිරීමක් වෙලා නෑ ,ඒ වෙනුවට දක්ෂ නිලධාරීන්ව මාරු කිරීම විතරයි වෙන්නේ මොකද අදක්ෂයන් කියන්නේ හොදම ගොට්ටන් වීම නිසා..
මට තේරෙන විදිහට ලංකවේන් පත් කරපු තානාපතින්ගෙන් ක්‍රියාකාරීව වැඩ කරන්නේ බොහොම සුළු පිරිසක්. එංගලන්තයේ ක්‍රිස් නෝනිස් ,ශවේන්ද්‍ර සිල්වා වාගේ තානාපතින්  කිහිප දෙනෙක් විතරයි.
මෙන්න මේ හිඩසෙන් රිංගල තමයි ඩයස්පෝරාවේන් ශ්‍රී ලංකවට විරුද්දව විශාල ප්‍රචාරයක් යුරෝපය පුරා අරන් ගිහින් ලංකවට විරුද්දව ජිනීවා වලටම චෝදනා අරගෙන යන්නේ.එත් මේ වෙනකම් ආණ්ඩුව මේ  හිඩැස වහන්න තාමත් අපොහොසත්.නමුත් මේ හිඩැස වහ ගන්න යොදන තාවකාලික පැලැස්තර වලින් මේ ප්‍රශ්නේ තවත් දරුණු වෙන එක විතරයි වෙන්නේ.
අද සිද්ධ වෙලා තියෙන්නේ LTTE සංවිධානයෙන් කරපු යුධ අපරාදයක් උනත් ශ්‍රී ලංකා හමුදාවෙන් කරපු අපරාදයක් විදිහට ජාත්‍යන්තරය පිළිගන්න තත්වයක්  උදාවීම.මේකට මුහුණ දෙන්නම් කරන්න තියන මුලිකම දේ තමා අපේ දුර්වලත්වයන් හදා ගැනීම.
 මුලිකවම රාජ්‍යතාන්ත්‍රික නිලධරීන් විදිහට දක්ෂ,අවංක නිලධාරීන් පත් කිරීම.එකේදී දේශපාලන වශයෙන් ඒ නිලධාරීන්ව වෙන් නොකළ යුතුයි..අනිත් ප්‍රධානම දේ අපේ දේශපාලකයන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීම..අපේ ජනාධිපති තුමාගේ පවා ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව අඩුයි.මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම වලදී එකට උත්තර දෙන්න යන කාලය,උත්තරයේ ස්වභාවය ජාත්‍යන්තරය සමග මේ වගේ සංවේදී දේවල් වලදී ඉතාමත් වැදගත්..උදාහරණයක් විදිහට ක්‍රිස් නෝනිස් තානාපතිතුමා CNN මාධ්‍ය ආයතනයට පිළිතුරු සැපයුවා වගේ උත්තර දෙන්න අපේ අනිත් නිලධාරීන්ගේත් ඉංග්‍රීසි දැනුම වැඩි කරන්න ඕන.
 තවත් ප්‍රදානම දෙයක් වෙන්නේ අපේ රටේ කුහක දේශපාලනය..මට කැනඩා ජාතිකයෙක් මිතුරෙක් විදිහට අන්තර්ජාලයෙන් හම්බ උනා..ඒ මනුස්සයාගේ මොළේ සම්පුර්නෙන්ම හෝදලා තියෙන්නේ..එක කරලා තියෙන්නේ වෙන කව්රුත් නෙවෙයි,මේ අපේ රටේ ජිවත් වෙන කුහක දේශපාලන අදහස් තියන මිනිස්සු.මේ වාගේ රට ගැන නැතුව තමන්ගේ බඩ ගෙන හිතන මිනිස්සු නිසා කවදා හරි ඒ මනිස්සුන්ගේම දරුවන්ට දුක් විදින්න වෙනවා කියන එක හිතන්නේ නෑ.
 උතුරේ දේශපාලකයන් මේ විදිහට හිතු හිතු විදිහට වැඩ කරන්නේ ඔවුන් නිවැරදිව අපේ ආණ්ඩුවේ දුර්වලතා හදුනා ගෙන තියන එක.අඩුම ගානේ ඔවුන්ගේන්වත් ආදර්ශයක් අරන් අපේ දෙසපලුවෝ හැදුනොත් අපිට මේ ප්‍රස්නෙන් නිවැරදිව ගොඩ යන්න පුළුවන්.මොකද මේ කරන මානව හිමිකම් චෝදනා 100% අසත්‍ය ඒවා නිසා...හැබෙයි මේ දෙසපළුවන් මේ විදිහට ක්‍රියා කරොත් ඔයදේ සම්පුර්නෙන් අනිත් පැත්ත පෙරලෙන්න පුළුවන්.දැනටමත් තුවාලේ හැදිලා තියන නිසා.

Monday, February 3, 2014

Sherlock Holmes Complete book.

 If you love Sherlock Holmes you can download the full edition of Sherlock Holmes written by Sir Arthur Conan Doyle.
Sherlock Holmes Complete book.

Friday, November 15, 2013

CHOGM සහ අපේ මෝඩයෝ

අපි හැමෝම දන්නවා අද CHOGM එක ලංකාවේදී පටන් ගන්නවා කියලා.මම මේ කියන්න යන්නේ එක ගෙන නෙවෙයි.ඒ වටා සිදුවන සිද්ධීන් වලට අපේ මෝඩ දේශපාලුවන් හා උන්ගේ හෙංචයියන් ක්‍රියා කරන ආකාරය ගැන.
මේ ගැන සිද්ධීන් කිහිපයක් හරහා මම කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
පලවෙනි සිද්ධිය තමා channel4 එකේ  මැක්රේට උතුරට යන්න නොදී අනුරාධපුරෙන් හරවා අවපු එක.
ඒ මනුස්සයා උතුරට ගියත් නොගියත් ආයමත් ලංකාව අපකීර්තියට පත් කරන්න තවත් වාර්තා චිත්‍රපටි හදනවා.මේ උන සිද්ධියෙන් උනේ ඒ චිත්‍රපටි වලට අනවශ්‍ය වලංගු තාවයක් ලැබුන එක විතරයි.මොකද මෙයා ඒ චිත්‍රපටි වල කියන්නේ මට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇත්ත තත්වය බලාගන්න ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඉඩ දුන්නේ නෑ කියල.
මිනිහා පැහැදිළිවම කීවා අපේ මේ ගමන ගැන දන්නවනම් දන්නේ බුද්ධි අංශයෙන් විතරයි කියලා.
එකෙන් කියන්න හදන්නේ අනුරාධපුරේ සිදුවීම එයාලගේ උතුරු ගමන වලක්වන්න ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් සිදු කරපු දෙයක් කියලා කියන්න.
මේ වගේ දෙයක් ඒ වාර්තා චිත්‍රපටියට දාපු ගමන් මෙහෙ සිද්ධීන් ගැන කිසිම අවබෝධයක් නැති අය ඕන කෙනෙක් හිතන්නේ මේ මනුස්සය කියන්නේ ඇත්තක් කියලා.
ආරක්ෂක අංශ කෙසේ වෙතත් අපි හැමෝම දන්නවනේ මේවගේ ගොන් වැඩක් කරේ දේශපලුවෙක්ගේ උවමනාවට බත් පැකට් එකට කඩේ යන උන්ගේ හෙන්චයියෝ කියලා.
ඇත්තටම තිබ්බේ උන්ව අපහු හරවලා එවන එකද, අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ගාවට එක්කන් ගිහින් LTTE ත්‍රස්තවාදීන් අහිංසක හාමුදුරුවෝවරු,ළමයි,කාන්තාවෝ අමානුෂික විදිහට මරලා දාපු හැටි පෙන්නන් නෙවෙයිද?
ඒ සිද්දීන් පෙන්නන අතරේ අපේ මාධ්‍යවේදීන් ගිහින් ඒ සිද්දීන් ගැන  උන්ට කරන විස්තර,උන් ඒවාට දක්වන ප්‍රතිචාර වගේ ඒවා රුගත කරන්න.මොකද උන් කවමදාවත් ඒවගේ කොටින්ට අපහාස වෙන ඒවා වාර්තා චිත්‍රපටියට දන්නේ නැති නිසා.
ඒ වෙලාවට අපේ මාධ්‍යවේදීන්ට තියෙන්නේ මෙහෙ බොරුවට කෑගහන්නේ නැතුව අපිට හිතවත් ජාත්‍යන්තර මද්‍යස්ථ රුපවාහිනී මාධ්‍ය ආයතන හරහා channel 4 කට්ටියගේ වැඩ පෙන්නන්න.
මේ හැමදේකටම මුල අපේ කිසි උගත් කමක් නැති තක්කඩි දේශපාලුවන්.උන් හිතන්නේ මෙහෙ දේශපාලනේ කරනවා වගේ ජාත්‍යන්තරයත් එක්ක්කත් ගනුදෙනු කරන්න පුළුවන් කියලා.

අපි හැමෝම මතක තියාගන්න ඕනි,මේ ගොඩක් මාධ්‍යවේදීන් මෙහෙ එන්නේ අඩන්න බලාගෙන,මොකද අපේ මාධ්‍යවේදීන් දේශපාලුවන්ට කඩේ ගිහින් තනතුරු වරප්‍රසාද ගන්නවා වගේ උන්ට ජනප්‍රිය වෙන්න,සල්ලි හොයාගන්න පුළුවන් අඩන තරම වැඩි වෙනකොට.
අවසනාවක මහත කියන්නේ අපේ මෝඩ දේශපාලුවන්ට මේක තේරෙන්නේ නෑ.උන් උන්ගේ හෙංචයියන් හරහා මේ අඩන්න බලාගෙන එන්න උන්ගේ ඇහැට ඇගිල්ලෙන් අනිනවා.අනල පස්සේ උන් අපිට මඩ ගහනව කියල බොරුවට මෙහෙ මාධ්‍යවල ගිරේ පුප්පන් කෑගහනව.
මට අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි..අපේ මෝඩ දේශපාලුවෝ උන්ගේ තකතීරු මෝඩකම් නිසා මේ කරන්නේ,
අපේ මාළු අපේ පිට උඩම තියලා කපන්න පිහියත් මුවහත් කරලා දෙන එක.
ඒක  නිසා අපිවත් අපිට පුළුවන් හැටියට ලෝකයට ඇත්ත යථාර්තය පෙන්නන් උත්සාහ කරමු.
මේ පහල තියන video එකෙන් බලාගන්න පුළුවන් උන් කොච්චර අඩන්න බලාගෙනද ඉන්නේ කියල.




මම මේ බ්ලොග් එක පලකරාට පස්සේ දැකපු වීඩියෝවක් නිසා මේකට යමක් එකතු කරන්න හිතුවා.
මම කිවා  වගේ අපේ දේශපාලුවෝ ජාත්‍යන්තරය හා මාධ්‍ය එක්ක ගනුදෙනු කරන්න දන්නේ නෑ.එත් වාසනාවකට වගේ අපිට ජාත්‍යන්තරයට දැනෙන්න කථා කරන්න පුළුවන් ඉතාම සුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ඉන්නවා.
මේවගේ කොන්ද කෙලින් තියාගෙන කථා කරන නියම ශ්‍රී ලාංකිකයන් දකිනකොටත් ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්.
මෙහෙ බොරුවට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල බෙරිහන් දෙන වීරවංශලා ,මම එහෙම දෙයක් දන්නේ නෑ කියල කියන කෙහෙළියලා ,ඕන දේකට කුණුහරප කියාගෙන යන බලු සේනාව වගේ එවුන් සියදහස් ගානකට වඩා මෙතුමා,ශවේන්ද්‍ර සිල්වා වගේ ජාත්‍යන්තරයට දැනෙන්න පිළිතුරු දෙන්න පුළුවන් උගත් බුද්ධිමත් තවත් රාජ්‍යතාන්ත්‍රිකයින් 20ක් අපේ රටට හිටියනම් ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරා වගේ දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරයේ අපේ රටට එරෙහිව කරන බොරු ප්‍රචාර විතරක් නෙවෙයි බොරුවට කෑගහන  දෙමළ ඩයස්පෝරාවම තුරන් කරලා දන්නා තිබ්බ.


















Thursday, November 7, 2013

කැසිනෝ හා බදු සහන 2

මම මීට කලින් මේ topic එකටම දාපු බ්ලොග් එක කියවපු,අදහස් ඉදිරිපත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මට අයම මේක ගැන ලියන්න හිතුනේ පහුගිය දවස් වල අපේ දේශපාලුවෝ කිව කථා ඇහිලා.
පක්ෂ විපක්ෂ හැම දේශපලුවම හදන්නේ මේ කැසිනෝ ගැන වැරදි මතයක් ජනතාව අතරට ගෙනියන්න.මොකද හැමෝම වගේ කථා කරන්නේ කැසිනෝ අලුතෙන් පටන් ගන්න හදන එකක් ගැන.එත් මෙතන තියෙන්නේ අලුතෙන් පටන් ගන්න එකවත්,වෙනම තැනකට ගෙන එකවත් නෙවෙයි.
මේ පටන් ගන්න හදන කැසිනෝ වලට වසර ගානකට විශාල වශයෙන් බදු සහන ලබා දෙන එක.
විදේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්න ඕනි තමයි,එත් එහෙම බදු සහන ලබා දෙන්න ඕනි ආර්ථික,සමාජීය වශයෙන් රටටත් ජනතාවටත් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර වලට.
එක දේශපලුවෙක් කියනවා ඇහුන සිංගප්පුරුවේ අගමැති කිවලු එහේ මීට අවුරුදු 20 කට කලින් කැසිනෝ පටන ගත්තනම්  සිංගප්පුරුව මීට වඩා දියුණු වෙලාලු.
එත් ඒ රටවල කැසිනෝ වලට බදු සහන දීල  නෑ..දුන්නත් ඒ දීල තියෙන්නේ අවශ්‍ය ව්‍යාපාර වලට බදු සහන දීල අවසාන වශයෙන්.
එත් අපේ දේශපාලුවෝ හදන්නේ අන්තිමට කරන්න ඕනි දේවල් ඉස්සෙල්ලම කරන්න,එතකොට අවශ්‍ය ව්‍යාපාර වලට බදු සහන ලබා දෙන්න කවදා මතක් වෙයිද දන්නේ.

Wednesday, October 30, 2013

කැසිනෝ හා බදු සහන

 අද හැමෝම කථා කරන්නේ කැසිනෝ ගැනනේ.ඒ හින්දා මමත් ඒ ගැන යමක් ලියන්න කල්පනා කරා.මුලින්ම කියන්න ඕනි මේක කිසිම දේශපාලන දෙයකට සම්බන්ද නැතිබව.අද දේශපාලකයන් කියන්නේ,කරන්නේ කිසිම තේරුමකට නැති කථා හින්ද.
මොකද කියනවනම් ලංකාවට කැසිනෝ ගෙන්න මුලිකව කටයුතු කරේ එජාප ය නිසා.80 අග භාගයේ ජෝසිම් කියන කැසිනෝ ව්‍යාපාරිකයාට බදු සහන දීල ගෙන්න ගත්තේ එජාප වගේම එදා එකට විරුද්දව කැගැහුවේ මහින්ද රාජපක්ෂ නිසා.ඒ නිසා අද මේ හැමෝම ජනතාවට කරන්නේ නිකන්ම විහිළුවක් විතරයි.

මුලින්ම කියන්න ඕනි මම කැසිනෝ වලටත් බදු සහන දෙන එකටවත් විරුද්ද නෑ.මොකද අදටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියන නිසා.ලංකාවේ දැනට තියන කැසිනෝවක් ගැන විස්තර මෙතනින්.
හැබැයි කැසිනෝ වලට බදු සහන දෙන එකට විරුද්ධව යමක් කියන්නයි මම මේ හදන්නේ.ඇයි අපේ අය මේ ජේමිස් පැකර්ටම බදු සහන දෙන්න හදන්නේ?එයා කෝටිපති ව්‍යාපාරිකයෙක් හින්දම විතරද?අපි හැමෝම දන්නවනේ ලංකවේ දේශපාලුවන්ගේ හැටි.කොමිස් කුට්ටියක් දෙනවනම් ඕන දෙයක් කරගන්න පුළුවන්නේ.ජේමිස් පැකර් කියන්නෙත් අන්න ඒ වගේ වැඩ වලට නමක් තියන කෙනෙක්.මෙයාගේ පරණ වැඩක් මෙතනින් බලාගන්න පුළුවන්.
එකෙන්ම හිතා ගන්න පුළුවන්නේ අපේ අයියලා මෙයට බදු සහන දෙන්න හදන්නේ ඇයි  කියල.මේවගේ ලංකාවේ සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රතිලාබයක් නොලැබෙන දෙයකට බදු සහන දෙන්න හදන වෙලාවේ,ඇයි අපේ දේශපාලුවන්ට බැරි රටට ප්‍රතිලාබයක් ලැබෙන ව්‍යාපාර වලට බදු සහන දෙන්න බැරි?
පුල්මුඩේ ඛනිජ වැලි නිකන්ම පිටරට පටවන්නේ නැතුව ඒවා භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික් උපාංග(semiconductors )නිෂ්පාදනය කරන්න කියලා ඒ වගේ සමාගමකට මේවගේ බදු සහන දෙන්න බැරි?ඒ වගේ සමාගමක් නිෂ්පාදන ආරම්භ කරොත් ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදනය කරන සමාගම් ලංකාවේ එයාලගේ කර්මාන්තශාලා ආරම්භ කරනවා.ඒ හරහා කීදෙනෙක්ට රැකියා හම්බ වෙනවද? ඒවා මේ කැසිනෝ හරහා වක්‍රාකාරයෙන් ඇති වෙන ගණිකා ව්‍යපාර වලින් අපේ අසරණ අක්කල,නංගිලා විනාස වෙනවට වඩා කොච්චර හොද රැකියාද ?
ඒ වගේ" Made in Sri Lanaka " කියලා තියන ජංගම දුරකතන,ලැප්ටොප් වගේ උපකරණ වෙළදපොලේ දකින්න ලැබෙන එක කැසිනෝවකින් හිගන්නෝ වෙනවට වඩා හොද නැද්ද?

අපි විදේශිකයන් අමතක කරලා හිතමුකෝ.ඇයි මේවගේ බදු සහන 100% දේශීය ව්‍යපාරකයන්ට දෙන්න බැරි?ඒ හරහා ලැබෙන සියලුම ප්‍රතිලාභ 100% ලංකව තුලම අපේ ජනතාවට ලැබෙනවනේ.
කැසිනොවකින් ප්‍රතිලාබ ලැබෙන්නේ කී දෙනෙක්ටද?ඒවගේද අපේ දේශීය ව්‍යපාරකයන් හරහා අපේ මුළු රටටම ප්‍රතිලාබ ලැබෙනවනේ,දේශීය ආර්ථිකය කොතරම් ස්ථාවර වෙයිද?
වසර 10කට කැසිනෝ වලට දෙන මේ බදු සහනය වසරකට අපේ ව්‍යපාරිකයන්ට දුන්නොත් මේ රටට කැසිනොවෙන් වසර 100ක් තිබිලා ලැබෙන (ලැබුනොත්) ප්‍රතිලාබ වලට වඩා දහස් ගුණයකින් ප්‍රතිලාබ ලක්ෂ 200ක් වෙන අපේ සියලුම ජනතාවට ලැබෙනවා.
අන්තිම වශයෙන් මම කියන්නේ රටක් දියුණු වෙන්න ඒ රටේ ව්‍යාපර,කර්මාන්තශාලා තියෙන්න ඕනි.ඒවාට ආයෝජකයන්ට බදු සහන දෙන්න ඕනි.හැබැයි ඒ බදු සහන දෙන්න ඕනි කිහිපදෙනෙක්ට විතරක් ප්‍රතිලාබ ලැබෙන කැසිනෝ වගේ ව්‍යාපර වලට නෙවෙයි.රටේ සියලුම ජනතාවට ප්‍රතිලාබයක් ලැබෙන ව්‍යාපාර වලට.මොකද ජනතාව දේශපාලකයන් පත් කරන්නේ රටටත් ජනතාවටත් සේවයක්,ප්‍රතිබයක් ලැබෙන දේවල් කරන්න මිසක් තමන්ගේ සාක්කු පුරවගන්න නොවෙන නිසා.

Wednesday, October 23, 2013

Life

Life is the most complicated thing on this planet.that's what many people say every day.specially when they are having problems.
Money and Time is the most important things for people.but people waste these two thing for unwanted things.
"When you have money you don't know what your are doing, and if you don't have money you don't know what to do" I have many practical experiences about this.i think you also have this stupid experience.actually this is one thing we have to overcome very quickly.otherwise we will go to the poverty line very quickly.
people think opening a  bank account will solve this matter and save their money.but soon after they open an account they get an ATM card or a credit card.so they think whole world in their wallet and start to  shopping.specially for unwanted items.
soon their money in the account or the credit card bill will be out of their reach.but still they think they have achieved their targets.
As I see life isn't complex,but we make it complex every day.the main reason is that we depend on other things or people and believe it will serve us as we think.
as an example,
We plan the things to do early and use an alarm to wake up early.So we give all our fate to an electronic item to begin the day.what happen if it's not working properly? everything we planned will go to a big trouble.and then try to complete all of the missed works with in short time.if couldn't do them properly then start to blame the alarm.
why we can't change it.what happen if we want to wake up early we go to bed early,or plan the things after wake up.
try to be a simple person.it will solve your problems (most)

Saturday, October 12, 2013

SachithNalaka: තර්කනුකුලද නිත්‍යනුකුලද ?

SachithNalaka: තර්කනුකුලද නිත්‍යනුකුලද ?: දවසක් කොල්ලෙක් යනවලු මහාචාර්ය තුමා හම්බ වෙන්න.කරුමෙට මු ඒ subject එක repeat වෙලා.මූ ඒක ගොඩ දැම්මොත් උපාධිය ගත්තකි. ඉතින් මූ ගිහින් මහාචාර්ය...

තර්කනුකුලද නිත්‍යනුකුලද ?

දවසක් කොල්ලෙක් යනවලු මහාචාර්ය තුමා හම්බ වෙන්න.කරුමෙට මු ඒ subject එක repeat වෙලා.මූ ඒක ගොඩ දැම්මොත් උපාධිය ගත්තකි.
ඉතින් මූ ගිහින් මහාචාර්යතුමාට මෙහෙම කිවලු.
මම ඔබ තුමාගෙන් ප්‍රශ්න 3ක් අහනවා.ඔබතුමාට ඒවට උත්තර දෙන්න බැරි උනොත් මට A+ එකක් දෙන්න ඕනි ඔබතුමාගේ විෂයට  කියලා.මහාචාර්යතුමාට ඉතිං ඕක මහා ලොකු දෙයක් නෙවෙයිනේ.පොරත් ගත්කටටම කිවලු හා කියල.
කොල්ල අහනවලු,
දෙයක් තියනවා ඒ දේ තර්කානුකුල නෑ එත් නිත්‍යානුකුලයි, තව දෙයක් තියනවා ඒ දේ තර්කානුකුලයි එත් නිත්‍යානුකුලනෑ, තවත් දෙයක් තියනවා ඒ දේ තර්කානුකුලත් නෑ නිත්‍යානුකුලත් නෑ.
ඔය දේවල් මොනවද කියලා පුලුවන්නම් කියන්න කිවලු.
මහාචාර්යතුමගේ මොළේ රත් උනාලු.පොර කල්පනා කරනවා කරනවා උත්තරයක් එන්නෙම නෑලු.පොර ඊට පස්සේ මෙහෙම කියනවලු.හරි මම ඔහෙට A+ එකක් දෙන්නම්.හැබැයි කාටවත් කියන්න එපා කියලා.කොල්ලත් හා කිවලු.
පහුවෙනිදා මහාචාර්යතුමාගේ දේශනය පටන් ගන්න කලින් මේ ප්‍රශ්නේ ළමයින්ගෙන් ඇහෙව්වලු.උත්තරයක් දන්න කෙනෙක් එන්නවනම් අත උස්සන්න කිවලු.මෙන්න ළමයි ඔක්කොම අත උස්සන් ඉන්නවලු.පොරට හිතාගන්න බෑ මේ දේ.
ඊට පස්සේ පංතියේ ඉන්න මෝඩම කොල්ලගෙන් ඇහුවලු මොකක්ද කියලා..
මූ නැගිටලා මෙහෙම කිවලු.
ඔබතුමාට වයස 59 ඔබතුමාගේ නෝනට වයස 25.ඒක තර්කානුකුල නෑ එත් නිත්‍යානුකුලයි..
ඔබතුමාගේ නෝනා වයස 23ක කොල්ලෙක් එක්ක අනියම් සම්බන්දයක් තියනවා ,ඒක තර්කානුකුලයි එත් නිත්‍යානුකුල නෑ..
ඔබතුමා ඒ කොල්ලගේ  repeat subject එකට A+ එකක් දෙනවා.ඒ දේ තර්කානුකුලත් නෑ නිත්‍යානුකුලත් නෑ.කියලා කිවලු.
උපුටා ගැනීම https://www.facebook.com/kool.engineering

Saturday, August 10, 2013

කිරි පිටි හා අපි


 ශ‍්‍රී ලංකාවට ගෙන්වන ලද සමහර කිරිපිටි සාම්පලවල දශලක්ෂයකට ඒකක 15 ක් තිබුණු බව සඳහන් විය. ලංකාවට 2012 දී ආනයනය කරන ලද කිරිපිටිවල මෙම ප‍්‍රමාණය මෙ:ටොන් 83,000 ක් පමණ විය.

එනම්, කිරිපිටි කිලෝ 83,000,000 අප ආනයනය කර ඇත. මෙහි DCD අවම වශයෙන් ppm 15 ක් තිබුණේ යැයි උපකල්පනය කළහොත් එම කිරිවල පමණක් ටොන් එකකට වඩා අපි පරිභෝජනය කර ඇත.

15×83,000,000/1000,000 = 1,245kg

මෙම DCD ටොන් එකකට වැඩි ප‍්‍රමාණය කිරිවල පමණක් නම් එම කිරිදෙන සතාගේ ලේවල මෙය කොපමණ ප‍්‍රමාණයක් තිබෙනවා ඇත්ද? එම කිරිදුන් හරකුන් කෑ තණකොළවලින් පමණක් එන්නේ නම් එම තණකොළවල DCD කොපමණ සාන්ද්‍රණයක් තිබිය යුතුද? එමෙන්ම ආහාර ද්‍රව්‍ය සමඟ DCD ශරීරගතවනවා හෝ නොවනවාද යන්නත් ස්වභාවික කිරිවල DCD අන්තර්ගතය පිළිබඳ පර්යේෂණ කර නොමැති තරම් මෙම කිරිපිටිවල අන්තර්ගත DCD ප‍්‍රමාණය ගැන කරන පැහැදිලි කිරීම ප‍්‍රශ්නකාරීය. පිටිකළ කිරිවල DCD 15ppm නම් දොවන ලද මුල්කිරිවලද එම ප‍්‍රමාණය ඊට සාපේක්ෂව තිබිය යුතුය. තණකොළවල DCD අන්තර්ගතව තිබුණද ආහාරයට ගන්නා සියල්ල උරාගන්නේ නැත. උරාගන්නා ප‍්‍රමාණයද සියල්ල කිරි මගින් පමණක් ශරීරයෙන් ඉවත්වන්නේද නැත.

පොළවට දමන DCD තණකොළවලට උරාගන්නවා යැයි උපකල්පනය කළද පොළවට දැමූ සියල්ල තෘණ ගසට උරා ගන්නේද නැත. එසේම තෘණගස සම්පූර්ණයෙන් ගවයා ආහාරයට ගන්නේද නැත. මේ ගැන හිතනවිට ඉහත ප‍්‍රමාණයෙන් කිරිවල DCD තිබීමට නවසීලන්තයේ තෘණ පිට්ටනිවලට ටොන් දස දහස් ගණනින් DCD දැමිය යුතුය. නවසීලන්ත තණපිටිවලට දමන DCD ප‍්‍රමාණය පිළිබඳ නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ෆොන්ටෙරා ආයතනයට දැනීමක් තිබේද එසේනම් ඒ කොතෙක්ද මේ සියල්ලම තාක්ෂණ විප්ප‍්‍රයෝග හා ප්‍රෝඩා වේ.

මේ සියළු කාරණා සළකා බැලීමේදී DCD යනු අහම්බයෙන් එකතු වූ දෙයක් නොව සිතාමතා ලාභය මුල්කොට පිටතින් එක්කළ (adulterated) ද්‍රව්‍යයකි. නැතහොත් DCD යනු මෙලමයින් මෙන්ම ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක්කරන ද්‍රව්‍යයක් වේ. මෙම DCD ප‍්‍රශ්නයේදී 2012 දෙසැම්බර් මාසයෙන් පසු එන කිරිවල DCD තිබිය නොහැකි බවත් ඒ මන්දයත් 2012 වර්ෂයේ දෙසැම්බර් මස සිට නවසිලන්ත ගොවිපලවල DCD භාවිතා නොකරන බවත් DCD යන රසායනිකය සති කිහිපයකින් වියෝජනයවන බැවින් ඒවා නැවත නැවතත් ආහාර ද්‍රව්‍යයන්ට එක්නොවන නිසා මින්මතුවට DCD ප‍්‍රශ්නයක් ඇති නොවන බව ෆොන්ටෙරා සමාගම ප‍්‍රකාශ කරන ලදී. එසේනම් 2013 වර්ෂය මැදදී ශ‍්‍රී ලංකාවට ආනයකය කළ පිටිකිරිවල DCD හමුවූයේ කෙසේද?

                    මේ ආකාරයටම කිරිවල ඇති මේදය වෙන්කළ විට, ඉවත් කළ මේදය (Butter Fat) මිලෙන් ඉහළවන අතර අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. විසිරි වියලන ලද කිරිපිටිවල මෙම කිරි මේදය 26% ක් ව පවත්වා ගනී. සාමාන්‍ය කිරිවල කිරි මේදය 03% සිට 10% දක්වා වුවද විය හැක. එම නිසා කිරිපිටි හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු 26% වනසේ සකසා ගනී. එහිදී කිරි මේදයෙහි සාමාන්‍ය අගය වියළීමෙන් පසු 26% කට වැඩිනම් වැඩි කොටස ඉවත් කරන අතර එහි අගය 26% කට අඩුනම්, වෙනත් කාණ්ඩයකින් ඉවත්කළ මේදය එක්ොකට අවශ්‍ය ප‍්‍රමාණයට සකසා කිරිපිටි සාදා ගනී. මෙය සාමාන්‍ය ක‍්‍රමවේදයයි.

බොටුයුලිනම් ඇත්නම් එය ප‍්‍රශ්නයකි. නමුත් එය තාවකාලික ප‍්‍රශ්නයකි. එහෙත් DCD, Melamine කලවම් කර එවන ඊනියා නැවුම් එළදෙනුන්ගෙන් යයි කියා රූප පෙට්ටියෙන් නුවණක්කාර ගැහැණුන්ට විකුණන කිරිපිටි යනු ප‍්‍රශ්නයේ සැබෑ සදාකාලික ප‍්‍රශ්නය වේ. එය පාරිභෝගිකයා ලෙඩකරවන අතර රටේ ආර්ථිකයේ ගෙල සිරකරයි. අවසාන වශයෙන් දේශීය කිරි ගොවියා වලපල්ලට යවා සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නවසීලන්ත බහුජාතික සමාගම්වල සේවකයින් බවට පත්වනු ඇත.

ඇත්ත කෙටියෙන්

Whey Protein
හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2‍%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4‍%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක‍්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක.

Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ‍්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්‍ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත ප‍්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි
සභාපති
ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය