මට මේක ලියන්න හිතුනේ හවස නෙත් පුවත් වල " ජිනීවාවල කුමක් වෙයිද ?" කියන දේ අහිලා.
ඇත්තටම ජිනීවාවලදී අපට මොකක් වෙයිද? ඇයි අපට මේවගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ද උනේ? මේකෙන් අපට ගැලවීමක් නැද්ද?මුලිකවම රාජ්‍යතාන්ත්‍රික නිලධරීන් විදිහට දක්ෂ,අවංක නිලධාරීන් පත් කිරීම.එකේදී දේශපාලන වශයෙන් ඒ නිලධාරීන්ව වෙන් නොකළ යුතුයි..අනිත් ප්‍රධානම දේ අපේ දේශපාලකයන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීම..අපේ ජනාධිපති තුමාගේ පවා ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව අඩුයි.මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම වලදී එකට උත්තර දෙන්න යන කාලය,උත්තරයේ ස්වභාවය ජාත්‍යන්තරය සමග මේ වගේ සංවේදී දේවල් වලදී ඉතාමත් වැදගත්..උදාහරණයක් විදිහට ක්‍රිස් නෝනිස් තානාපතිතුමා CNN මාධ්‍ය ආයතනයට පිළිතුරු සැපයුවා වගේ උත්තර දෙන්න අපේ අනිත් නිලධාරීන්ගේත් ඉංග්‍රීසි දැනුම වැඩි කරන්න ඕන.
තවත් ප්‍රදානම දෙයක් වෙන්නේ අපේ රටේ කුහක දේශපාලනය..මට කැනඩා ජාතිකයෙක් මිතුරෙක් විදිහට අන්තර්ජාලයෙන් හම්බ උනා..ඒ මනුස්සයාගේ මොළේ සම්පුර්නෙන්ම හෝදලා තියෙන්නේ..එක කරලා තියෙන්නේ වෙන කව්රුත් නෙවෙයි,මේ අපේ රටේ ජිවත් වෙන කුහක දේශපාලන අදහස් තියන මිනිස්සු.මේ වාගේ රට ගැන නැතුව තමන්ගේ බඩ ගෙන හිතන මිනිස්සු නිසා කවදා හරි ඒ මනිස්සුන්ගේම දරුවන්ට දුක් විදින්න වෙනවා කියන එක හිතන්නේ නෑ.
උතුරේ දේශපාලකයන් මේ විදිහට හිතු හිතු විදිහට වැඩ කරන්නේ ඔවුන් නිවැරදිව අපේ ආණ්ඩුවේ දුර්වලතා හදුනා ගෙන තියන එක.අඩුම ගානේ ඔවුන්ගේන්වත් ආදර්ශයක් අරන් අපේ දෙසපලුවෝ හැදුනොත් අපිට මේ ප්‍රස්නෙන් නිවැරදිව ගොඩ යන්න පුළුවන්.මොකද මේ කරන මානව හිමිකම් චෝදනා 100% අසත්‍ය ඒවා නිසා...හැබෙයි මේ දෙසපළුවන් මේ විදිහට ක්‍රියා කරොත් ඔයදේ සම්පුර්නෙන් අනිත් පැත්ත පෙරලෙන්න පුළුවන්.දැනටමත් තුවාලේ හැදිලා තියන නිසා.
මචන් මම නම් හිතන්නේ මේ රටේ වෙනස්කම් කරන්න තියන අවස්තාව අඩුයි. එහෙම කරන්න ගියාම අනිවා වෙඩි කන්න වෙනවා.
ReplyDelete:)
ReplyDeleteහරියට කරන්න එකෙක් ඉන්නවනම් මම වෙඩි කන්න හරි වැඩේට බහිනවා.
ReplyDeletegood attempt..
ReplyDelete