දෙසැම්බර් 4ද පළවූ දේශය පුවත්පතේ රතු අහස තීරුවේ පළවූ ලිපියකට පිළිතුරක් ලෙස මෙය පලකරන ලදී.
අරුණි ෂශිරෝ සහෝදරියගේ අදහස් දැක්වීමට පිළිතුරක්
ඇය ලිපිය ආරම්භයේම දක්වා සිටියේ ෆිදෙල් යනු කියුබානු විප්ලවය පාවාදුන්අ හිංසකයන් වෙඩි තබා මර දැමු මිනිමරුවෙක් ලෙසටය. ඇයම පැවසු ආකාරයට අන්තර්ජාලයේ තොරතුරු අනුව 1959ට පෙර සාමාන්‍ය කියුබානු වැසියන්ගේ ජීවන තත්වයත්, දැඩි ආර්ථික සම්බාධක හමුවේ වර්තමාන කියුබානු වැසියන්ගේ ජිවන තත්වයත් සලක බැලීමෙන්ම ඔහු සිදු කර ඇති වෙනස වැටහෙනු ඇත.
ඇයට අනුව ඇමරිකානු අක්‍රමනයනට විරුද්දව ක්‍රියාකිරීම නොවැදගත් කාරණයක්ද? 1981 ඇන්ගෝලාව ට කියුබානු හමුදාව මුදලට හෝ යැවීම ඉතාම නින්දිත ක්‍රියාවක්න්ම්, වර්තමානයේ ශ්‍රී ලංකික හමුදාවන් ලෝකය පුරා මාසික වේතනයකට සාමසාධක කටයුතු කිරීම කුමන ආකාරයක ක්‍රියාවක්ද යයි මම ඇයගෙන් අසමි.
ඔහු මේ සියලු දේ කරන ලද්දේ ඔහුගේ පුද්ගලික සුකවිහරණයට මුදල් ලබාගැනීමට යන්න ඇයගේ අදහස බව පෙනේ. එසේනම් වර්තමානයේ සියලුම කියුබානු වැසියන්ට නොමිලේ සෞඛ්යය හා අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන ආකාරයේ උපයාගත් මුදල් වලින්ද? ඩොලර් මිලියන 800ක වත්කම් තිබු ෆිදෙල් ආර්ථික සම්බාදක වලින් පිරි කියුබාව තුලම රැදිසිටියේ කුමන හේතුවක් නිසාද යන්න අරුනිටම පැහැදිලිකර හැකි ය.
අරුනිට අනුව වෘත්තිකයන් විදේශ ගතකර ඩොලර් බිලියන 8.2 ලබා ගැනීම වහල් සේවයකි. ඇයත් මත ජිවත් වන මේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම අදායම් මාර්ගය මැදපෙරදිග රටවල නිවාසවල මෙහෙකාර සේවයේ යෙදෙන අපේම අම්මල අක්කල උපයන මුදල්ය. මගේ දකින ආකාරයටනම් ෆිදෙල් ඇතිකරන ලද විප්ලවය මෙයයි. අපි තාමත් 18වන සියවසේ මෙන් නියම මිනිස් වහල් වෙළදාමෙන් මුදල් උපයන විට. කියුබාව අපට වඩා අදායමක් නිවැරදි වෘත්තිකයන් හරහා ලබා ගැනීමයි.
ඉරාකය, ලිබියාව, ඊජිප්තුව වැනි එකදිපති පාලකයන් ජනතාව විසින් අවුරුදු 20ක් 30ක් වැනි කාලයක් තුල එලව දැමීමත්, වසර 60ක් පුරාවට කියුබාව තුලින් එවැනි ජන රැල්ලක් ඇති නොවීමටත් මුලිකම හේතුව වන්නේ කියුබානු රජය, ජනතාව වෙනුවෙ න් ඉටුවිය යුතු යුතුකම් නොපිරි හෙලා ඉටුකිරීම නිසා නොවේද? වර්තමානය වන විට කියුබාව තුල සමාජ ජාල ඇතුළු සියලුම අන්තර්ජාල සේවාවන් ක්‍රියාත්මක වන විටත් අරාබි වසන්තයක් කියුබාවට හැම නොඑන්නේ කුමන හේතුවක් නිසාද යන්න අරුනිම සිතා බැලිය යුතුය.
ෆිදෙල් යනු හුදෙක් සමාජය දෙස වෙනස් ආකාරයකින් බලා අනාගතය වෙනුවෙ තීරණ ගත් රටක පාලකයෙක් යන්න මගේ පුද්ගලික
අදහසයි.
දෙසැම්බර් 18 දින දේශය පුවත්පතේ පළවූ ලිපියේ සම්පුර්ණ ලිපිය.